සිරගතව සිටියදී රෝහණ විජේවීර විසින් ලියන ලද
ලියැවිලි කිහිපයක එකතුවක්
"අත්දැකීම්,කිහිපයක්"නමින්
"නියමුවා ප්‍රකාශනයක්"ලෙස එළිදැක්විණ.
මේ,එහි 8-9 පිටු වලින් උපුටා ගත්තකි.
........."පක්ෂයක් පිළිබදව හෝ පුද්ගලයින්,පිළිබඳව
සැබෑ වැරදි විවේචනය කිරීම නරක දෙයක් නොවේ.
එය හොඳ දෙයකි.
කළ යුතු දෙයකි.
එහි අරමුණ විය යුත්තේ
එම වැරදි තත්වයානුකූලව සොයා බලා විග්‍රහ කර
ඒවා ඇතිවූයේ කුමන තත්වයන් යටතේද?
ඒ පැවති තත්වයන් යටතේ ඒ අයුරින් ඇති වීම සාධාරනද?
ඒවා වැළැක්විය හැකිව තිබුණේ කෙසේද?
ඒවායින් අත්මිදීමට ඇති මාවත් මොනවාද?
අනාගතයේදී එවන් තත්වයන් මඟ හැරිය හැක්කේ කෙසේද?
යන මේ ප්‍රශ්ණ අනිවාර්යයෙන්ම
සැබෑ විප්ලවවාදියෙකු විසින්ම සොයා බැලිය යුතුමය.
සැබෑ විප්ලවවාදියෙක් කවදාවත් වැරදි වසන් නොකරයි.
ඒ,වෙනුවට විවෘතවම එළිපිටම ඒ වැරදි පිළිගනියි.
ඒවා අධ්‍යයනය කරයි.
ඒ මඟින් ඉක්මනින් අත්මිදීමටත්,
එසේම ඒවා අනාගතයේදී නොකිරීමටත්,
එවැනි තත්වයන් ඇති නොවීමටත්, වග බලා ගනියි.
සෑම සිදුවීමක්ම ද්විිඝඨනාත්මක ලෙස සළකා බලන විට
අන්තර් බැඳීම් වලින් යුක්තව පවතී.
සෑම දෙයක්ම හැදෑරිය යුත්තේ ඒ ඓතිහාසික තත්වයන් තුළ ය.
මාක්ස්වාදී ද්විඝඨනය ලෝකය හැදෑරීමේදීත්
විශ්ලේශනය කිරීමේදීත් පිළිගන්නා ක්‍රමය එයයි.
මෙය වැරදි සම්බන්ධයෙන් ද පොදු ය.
වැරැද්ද අන් ඕනෑම දෙයක් මෙන්ම
හැදෑරිය යුත්තේත්,
විශ්ලේෂනය කළ යුත්තේත්,
තේරුම් ගත යුත්තේත්,
ඒවා සිදු වූයේ යැයි සැළකෙන ඓතිහාසික තත්වයන් තුළ ය.
ඓතිහාසික තත්වයන් මඟ හැර
අන්තර් සම්බන්ධතාවයන් කපා දමා,
යම් විශේෂ හේතුවක් හැදෑරීමට ගියහොත්
එහිදී බැසගන්නා නිගමන
යම් මනෝමූල හා සාවද්‍යය වන බව අපට
මාක්ස්,-ලෙනින් චින්තාව උගන්වයි.
අපි,අන් සෑම සියළු දෙයක් මෙන්ම,
වැරදි දෙසද දැක්විය යුතු ආකල්පය
මනෝ මූළික හා සාවද්‍යය නොවිය යුතු ය.
ද්විඝඨනාත්මක විය යුතු ය.
එනම්,වැරදි,ඒවා සිදුවේ,යැයි කියන
ඓතිහාසික තත්වයන් තුළ
ඒවා සිදු වූ,කාලයේ පැවති අන්තර් සම්බන්ධතාවයන්ගෙන්,යුතුව
කොටසක් නොව සමස්ථව ගෙන
උඩින් පල්ලෙන්,ආවාට ගියාට නොව,
ගැඹුරට,පතුලට කිඳා බැස
සිතින් මවාගෙන අලුතින් ඈඳාගත් තත්වයන් යටතේ නොව,
යථාර්තවාදීව නියම තත්වයන් යටතේ හැදෑරිය යුත්තෙමු.
එය නියම ක්‍රමය යි.
මාක්ස්,ලෙනින්වාදී ක්‍රමය යි.
වැරදි සෙවීමත්
ඒ වැරදි අධ්‍යනය කිරීමත්
ඒවායේ නිසි පාඩම්
අනාගත කටයුතු සඳහා සොයා බැලීමත් එක් කටයුත්තකි.
ඒ කටයුත්ත නිර්ධන පංති විප්ලවාදී ව්‍යාපාරයේ ඉදිරි ගමණ
ප්‍රගතිය අරමුණු කර ගත්තක් වේ."
(පද ඛන්ඩනය මගේ ය,
ස්මරනාස්තුතිය "මතක ගිනි පුපුරු-ගාමිණී මුතුකුමාරණයන් ට ය)
කමල් .පී . අලහකෝන් මෙටාවට යොමු කල වියමනකි.
0 comments:
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.
මෙහි පලවන වියමන් බොහොමයක් වෙනත් පලකරන්නන්ගේ වියමන්ය. ඒ අතරට මීදුමද වියමන් එකතු කර ලබයි. වෙනත් වියමන් කරුවන්ගෙන් උපුටා ගත් බව සදහන් කරමින් කරන එකතු කිරීම් සදහාද ප්‍රතිචාර යොමු කල හොත් ඒවා වියමන් කරුවන්ට අගතියක් නොවන්නේ නම් පලකරනු ලැබේ.
මීදුම පල කරන වියමන් සදහා කරන ප්‍රතිචාර සාධාරණ හේතු ඉදිරිපත් නොකරමින් කරන අවලාද සුදුසු යයි හැගේ නම් පමනක් පල කරනු ලැබේ.