ශ්‍රී ලංකාවේ ගංගා .
ශ්‍රී ලංකාවේ ගංගා ද්‍රෝණි 103 ක් භූමියෙන් 90% ක් පුරා පවතිනවා.
ප්‍රධාන වශයෙන් යාපනය අර්ධද්වීපය හා ගංගා ද්‍රෝණි අතර මුහුදු තීරයන්වල පිහිටි ජල විද්‍යාත්මක අතින් නොවැදගත් අවශේෂ බිම් ඉතිරි 10% ට අයත් වෙනවා.
ශ්‍රී ලංකාවේ විශාලතම ගංගා ද්‍රෝණි වන මහවැලි ගංගා ද්‍රෝණිය වර්ග කිලෝමීටර 10,327 ක් පුරා විහිදී පවතිනවා.
එය ශ්‍රී ලංකාවේ මුළු වර්ගඵලයෙන් 16% ක් සහ මුළු ජල පරිමාවෙන් 19% ක් වෙනවා.
ශ්‍රී ලංකාවේ කුඩාම ගංගා ද්‍රෝණිය වන්නේ වර්ග කිලෝමීටර 9 ක පවතින තුම්පන්කෙනි ජලාශය ආශ්‍රිත ගංගා ද්‍රෝණියයි.
ශ්‍රී ලංකාවේ පිහිටි විශාලතම ගංගා ද්‍රෝණි 12 හි වර්ගඵලය, මුළු වර්ගඵලයෙන් 80% ක් වෙනවා.
ශ්‍රී ලංකාවේ පිහිටි විශාලතම ගංගා ද්‍රෝණි 25 හි ජල පරිමාව, මුළු ජල පරිමාවෙන් 80% ක් වෙනවා.
මෙම ගංගා ද්‍රෝණි 103 න් වර්ගඵලය වර්ග කිලෝමීටර් 1,000 කට වඩා වැඩි ගංගා ද්‍රෝණි තියෙන්නේ 17 ක් පමණයි.
- මහවැලි ගඟ - 10,327
- මල්වතු ඔය - 3246
- කලා ඔය - 2772
- කළු ගඟ - 2688
- දැදුරු ඔය - 2616
- වලවේ ගඟ - 2442
- කැලණි ගඟ - 2278
- ගල් ඔය - 1792
- මාරු ඔය - 1541
- යාන් ඔය - 1520
- මී ඔය - 1516
- මහා ඔය - 1510
- මුන්දෙනි ආරු - 1280
- මැණික් ගඟ - 1272
- කුඹුක්කන් ඔය - 1218
- කිරිඳි ඔය - 1165
- මා ඔය - 1024
ශ්‍රී ලංකාවේ ගංගා ද්‍රෝණි අංකනය කරන්නේ හරි අපූරු විදියකටයි. ඒ අනුව,
අංක 1 ගංගා ද්‍රෝණි වෙන්නේ කැලණි ගඟ ගංගා ද්‍රෝණි යයි.
එතැන් සිට වාමාවර්ත දිශාවට අනිත් ගංගා ද්‍රෝණි අංක කෙරෙනවා.
අවසාන අංකය වන අංක 103 ගංගා ද්‍රෝණිය වෙන්නේ අත්තනගලු ඔය ගංගා ද්‍රෝණියයි.
සාම්ප්‍රදායානුකූලව වසර මුළුල්ලේ ජලය ගලා යන්නේ නම් එය "ගඟ"ක් යනුවෙන්ද වැසි නොමැති සමයේදී වියැකී යන්නේ නම් එය "ඔය" හෝ "ආර" යනුවෙන්ද නම් කිරීමෙන් දියමං හා ගංගා වෙන්කර හඳුනාගෙන තියෙනවා.
දත්ත : ශ්‍රී ලංකා ජාතික සිතියම් සංග්‍රහය - දෙවන සංස්කරණය : පළමුවන වෙළුම (ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව)
---විකුම් හර්ෂ , මෙටාවෙන්.
A day in the life
0 comments:
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.
මෙහි පලවන වියමන් බොහොමයක් වෙනත් පලකරන්නන්ගේ වියමන්ය. ඒ අතරට මීදුමද වියමන් එකතු කර ලබයි. වෙනත් වියමන් කරුවන්ගෙන් උපුටා ගත් බව සදහන් කරමින් කරන එකතු කිරීම් සදහාද ප්‍රතිචාර යොමු කල හොත් ඒවා වියමන් කරුවන්ට අගතියක් නොවන්නේ නම් පලකරනු ලැබේ.
මීදුම පල කරන වියමන් සදහා කරන ප්‍රතිචාර සාධාරණ හේතු ඉදිරිපත් නොකරමින් කරන අවලාද සුදුසු යයි හැගේ නම් පමනක් පල කරනු ලැබේ.