එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් පමණ භික්ෂූන් පිරිවරකොට ගෙන සැරිසරන සේක්, සැවැත් නුවර වැඩ දෙවුරමට පැමිණි සේක. කොසොල් රජ විහාරයට ගොස් භාග්‍යවතුන් වහන්සේට නිමන්ත්‍රණය කොට පසු දා මහා ආගන්තුක දානයක් දුන්නේ ය. නුවර වැසියෝ එය දැක පසු දිනයෙහි තුමූ ද මහ දන් පිළියෙල කොට භාග්‍යවතුන් වහන්සේ සහිත භික්ෂු පිරිසට සත්කාර කළහ. එහි “අපේ දානයත් මහරජ තෙමේ දකීවා” යි කියා පණිවුඩ යැවූහ. රජ ද අවුත් ඒ දැක තමා දුන් දනට වඩා නගරවාසීන් දුන් දන උත්තරීතර බව සලකා එයටත් වඩා උසස් ලෙස පසු දා දන් පැවැත්වීය. එයට පසු නගර වාසීහු රජු ගේ දනටත් වඩා මහත් ලෙස දන් දුන්නෝ ය. මෙසේ රජු ද නගරවාසීහු ද දෙපක්ෂයෙක් වී ඔවුනොවුන් පැරැදවීමට දන් දෙන්නෝ ස වරක් මහදන් පැවැත්වූහ. ස වන වාරයේ දී මේ නම් දෑ මෙහි නැතැ යි නො කිය හැකි පරිදි සියලු දානෝපකරණයෙන් සම්පූර්ණ කොට රජු ගේ දානයටත් වඩා සිය දහස් ගුණයෙන් මහත් ලෙස නාගරිකයෝ දන් පැවැත්තූහ. එයට වඩා උත්තරීතර ලෙස දන් දිය නොහැකි යැ” යි සිතූ රජ තෙම ලැජ්ජාවටත් කනගාටුවටත් පත් වැ ඇඳෙහි හෙව “කුමක් කරම් දැ” යි සිත සිතා හුන්නේ ය. මල්ලිකා දේවී ඒ දැක තොරතුරු අසා කිසිසේත් නගරවාසීන් විසින් පිළියෙල නො කළැකි සේ දන් දිය යුතු සැටි කියන්නී, පහත සඳහන් පරිදි සැළ කළා ය. “මහරජ, බුදුරජාණන් වහන්සේටත් උන් වහන්සේ ගේ නිත්‍ය පරිවාර පන්සියයක් දෙනා වහන්සේටත් ඉන්නට දාන ශාලායෙහි සල් පුවරු පිට ම අසුන් පිළියෙල කළ මැනව. සෙසු වහන්සේට ඉන් පිටතින් අසුන් පිළියෙල කළ මැනව. ඒ පන්සිය නමට එක එක කුඩය බැගින් සුදු කුඩ පන්සියයක් අල්ලා ගෙන ඉන්නට ඇතුන් පන්සීයක් යෙදුව මැනව. මණ්ඩපය මැද රන් පුවරු අටක් හෝ දහයක් කරවාලුව මැනව. භික්ෂූන් වහන්සේ දෙදෙනෙකුන් අතරෙහි එක එක රජ කුමරියක බැගින් ඉඳ සුවඳ ඇඹරිය යුතු ය. සෙසු කුමරියක විසින් ඒ ඇඹරූ සුවඳ ගෙන මඩුව මැද රන් පුවරුවලැ ලෑ යුතු ය. ඔවුනතුරෙන් සමහර කුමරියන් විසින් නිල් මානෙල් මල් මිටිය බැගින් ගෙන රන් පෝරුවලැ ලූ සුවඳෙහි ගල ගලා සුවඳ ගැන්විය යුතු ය. එක එක කුමරිය භික්ෂූන් දෙනමකට විජිනිපතින් පවන් සලමින් සිටිය යුතු ය. මේ සියලු දෑ සම්පූර්ණ කරන්නට ඔබ මිස නුවර වැස්සන් විසින් නො හැකි ය. මෙසේ කොට මහ දන් පිළියෙල කළ මැනව. එවිට නුවර වැස්සෝ පරදිති” යි කීවා ය.
දාන විපාක
බිසව කී බස් ඇසූ රජ සතුටු වැ එසේම සියල්ල පිළියෙල කැරැවී ය. ඉක්බිති බුද්ධ ප්රමුඛ මහා සංඝයා වහන්සේ එහි වැඩම කරවා දන් වළඳවා භාග්‍යවතුන් වහන්සේ වැඳ “ස්වාමීනි, මේ දන් හලෙහි ඇති බඩු සියල්ල ඔබ ට ම දෙමි” යි කීය. මේ එකම දවසෙහි දුන් මහදන් සඳහා තුදුස් කෝටියක් ධනය වියදම් විය. භාග්‍යවතුන් වහන්සේට පිළියෙල කළ සුදු කුඩය ද, පුටුව ද පාත්‍රය තිබු වළල්ල ද, පාපුටු ද යන සතරේ අගය පමණ කළ හැකි නො වන තරම් ය. සතියක් ම රජ මෙසේ දන් පැවැත්වී ය. අන් කිසිවකු විසින් දිය නො හැකි තරම් වූ මේ මහ දානය අසදෘශ දාන නමින් ප්‍රසිද්ධ වී ය. ඉක්බිති ඒ පරිදිම අනේපිඬු සිටු තෙමේත් තුන් දිනක් දන් දුන්නේ ය. විශාඛා උපාසිකාව ද එසේම තෙ දිනක් දන් පැවැත්තුවා ය. මෙසේ පැවතුණ මේ අසදෘශ දානයේ තොරතුරු සියලු දඹදිව පතළ වී ය.
මෙයින් මහජනයා අතර,
“මහත් ධනය වියදම් කළ පමණින් ම දාන ඵල මහත් වන්නේ ද? නැත හොත් තමාට හැකි පමණින් දීමෙන් ම ඵල මහත් වන්නේ දැ?” යි කථාවෙක් ඇති විය. භික්ෂූහු ඒ කථාව අසා භාග්‍යවතුන් වහන්සේට දැන්වූහ.“මහණෙනි, දාන වස්තුව මහත් වූ පමණින් දානය මහත් ඵල නො වේ. හිත පැහැදීමෙනුත් දන් ලබනා පුද්ගලයන්ගේ ගුණ මහත්වයෙනුත් මහත් ඵල ඇති වන්නේ ය. එබැවින් කුඩු මිටක්, රෙදි කඩක්, තණ හෝ කොළ ඇතිරියක්, ගෝමුත්‍ර අරළු කඩක් පමණ වුවද පිරිසිදු සිතින් දක්ෂිණාර්හ පුද්ගලයනට දෙන ලද්දේ නම් එය මහත් ඵල මහත් අනුසස් වන්නේ යැ”යි වදාළ සේක.
දන් පැවැත්වීම
ඒ කථාව රටේ පැතිරිණ. මිනිස්සු තම තමන් ගේ වත් පෝසත් කමේ හැටියට මහණ බමුණු දුගී මඟී යදියනට විශේෂයෙන් දන් දීම පටන් ගත්හ. තම තමන්ගේ ගෙ මිදුල් හි සැළිවලැ පැන් පුරවා යන එන්නන්ගේ ප්‍රයෝජනය පිණිස තැබ වූහ. එසේම දුගී මඟී යාචකාදීන් ගේ පහසුව සලකා දොරටුවලැ අසුන් පණවා තැබූහ.
A day in the life
නිතර නිතර අළුත් වෙන වැදගම්මකට නැති සටහනකින් පිටුවේ මැද පිරවෙනවා. වැදගම්මකට නැති දේ කියන්නේ දේශපාලන කථා. මේවා නැවත නැවත කියවා බලන්න ගියොත් ඔළුව අල කලංචි වෙනවා. කියවලා ඉවත දාපුවහම කැළඹෙන හිත ටික වෙලාවකින් කාලෙකින් සන්සුන් කර ගන්න පුළුවන්. අපි මොනවටද කුණු පුරවා ගෙන ගද ගස්සවා ගස්සවා දවස ගෙවන්නේ.
උදාහරණ කීපයක් කියන්නම්. රණිල් මහත්තයා බ්‍රෙස්ලට් දාගෙන චුවිංගම් කකා අව්වට සන්ග්ලාස් දාගෙන ෆ්‍රී වයිෆය් දීලා අපි කුඹුරට බස්සන්න හැදුවා කාලයක්. අපේ අනුර සහෝදරයාට අනුව දකුණු අධි වේගී මාර්ගය මහින්දට ඇඹුල් තියල්, කිරිපැණි ගේන්න හැදුවේ. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපල, වරාය සංවර්ධණ ව්‍යාපෘතිය ගැන නොයෙක් කතා කිව්වා. උමා ඔය ව්‍යාපෘතිය ලොකු හිලක් ඉතිරි කරන ව්‍යාපෘතියක් කිව්වා. යථාර්ථය තුල අද වෙන විට ඒ්වා හෑල්ලුවට ලක් වෙලා.
සජිත් තාමත් දේශපාලන ළදරුවෙක්. අනුකම්පා කටයුතු. කියන දේවල් අවසාන විග්රහයේදී ඉල කැඩෙන විහිළු.
මහින්ද වේදිකාවෙන් බැස යන තරුවක්....
ඔය වගේ අය ගැන පහලින් පුංචි කොළමක් ලියවෙනවා.
මේ පුර්විකාව.
කොළම ආයෙත් ලියන කොළමත් ඒක්ක කුණු කූඩෙට දමනවා.
මම මෙටාවේ පෝස්ට් එකක් බෙදා ගත්තා. පෝස්ට් එක කතා කලේ මාලිමාවට එරෙහිව. පසුගිය කාලේ මාලිමාවේ - ජවිපෙ වේදිකාවේ කතා වුන රටේ සිදුවුන ව්‍යාපෘති පිලිබද විවේනයක් ලඝු කරලා තිබුනා මේ පෝස්ට් එකේ. මෙන්න මෙහෙමයි .
* උමා ඔයේ හිල, හම්බන්තොට ගල, පොර්ට් සිටියේ කළුගල්, හයිවේ එකේ බල්ලෝ, බාපු ලැම්බෝගිනි දහ අට, රත්තර අශ්වයා, උගන්ඩාවේ ඩොලර්, ඩුබායි මැරියට් හෝටලය, ශ්‍රී පාදේ ඝන්ටාරේ, ස්වර්න මාලි සෑ රදුන්ගේ චුඩාමානික්‍යය.
මේ පෝස්ට් එකින් ඇහුවේ මේ අතරින් ලොකුම බොරුව මොකක්ද කියලා ?
එක එක කෝනයෙන් දැක්ක මගේ මිත්‍රවරු මෙහෙම කියන්න පටන් ගත්තා.
එක ප්‍රතිචාරයකින් තවත් බොරුවක් එකතු කරලා තිබුනා ඒකේ අයිතිකාරයා ජනාධිපති තුමා. "රට බංකොළොත් බැවින් නිදහස් කියල කියන්න" යන එක ----ජනතාවට දැනෙනවානේ තමන්ට වෙලා තියන දේ. කියලා මම කිව්වා. පාලනය ගැන කේන්තියෙන්ම ඉන්න සගයෙක් මෙහෙම කියනවා.
තාම ඉන්නවා මේකෙ මයින්නු කපුටෝ ගෝතාලා සුද්ද කරන බයියෝ මම එතුමාට කිව්වා. ------මැද ඉද ගෙන වටපිට බලන්න. එතකොට තමයි තේරුම් ගන්න පුළුවන්. ----- කියලා ටිකක් වෙන්න සාධාරනව හිතන අයත් ඉන්නවා නේ එහෙම අදහස් කීහිපයක් තිබුනා.
අදායම එන විදිය නොකියා, දෙන දේවල් ගැන කියන කතා ඔක්කොම ආකර්ෂණීය බොරු තමයි. දැන් ඉන්න දෙස්පලුවො වැඩි හරියක් චේතිය රජ පරම්පරාවට අයත් ඇති.
තවත් කෙනෙකුට ප්‍රශ්නයක් ? ඇත්තටම ශ්‍රී පාදයේ ඝණ්ටඨාරෙ කොහෙද තියෙන්නෙ
බොරු වපුරා ලැබෙන අස්වැන්න තමා පේන්න තියෙන්නෙ.
හොදම කෙබරය තමයි ඔය ඔක්කොම කරලා නෑ කියපු එක
මේ රට මෙතන පත් වෙලා තියෙන්නේ මේ දේවල් බොරැ කිය කියා මේ හොර පාලක කල්ලි රැකපු නිසා තමයි. (මේ ඔක්කෝම බොරැම කියමුකෝ ආන්ඩුවක් උනාම රටට රාජ්‍යට හානියක් කරන බොරැ කාරයොන්ට එරෙහිව ඇයි නීතිමය පියවරක් නොගත්තේ) සමහර වෙලාවට දේශපාලනික අන්දබව නිසා තමන්ගේ වටිනාකම් දැනඋගත් පරිණත බව පවා අමතකවෙන එක හරිම ලොකු හානියක් ---------- මාවත් ඩිංගක් වෙන්න කොනහලා තිබුනා. ඒ හින්දා මම මෙහෙම කිව්වා;
--------- “ඩිංගක් වෙන්න කොනහලා .....අදහස් පල කරන්න ඉඩ හදලා දුන්නා මිසක් කඩේ යාමක් නොවන බව කරුනාවෙන් සලකනු මැනවි. ----- කියලා මට පිලිතුරක් ලැබුනා අවලාදයකුත් එක්ක.
“ ඒ ඔක්කෝම බොරැ වල ප්‍රතිඵල ලෙස අද රට බංකොලොත් කියලාවත් සමහර අය දන්නෑ. ඒවා කරපු කරන්න සහය දීපූ බලය අරන්දීපු ඒ වෙනුවෙනු තවමත් පෙනී ඉන්න එක“ කියලා. මම කිව්වා
-------- “එහෙමද පේන්නේ ? මගේ දේශපාලන වැටහීම ටිකක් වෙනස්. අතේ තියන ගානට වඩා අපි වියදම් කලා. වියදම් කරපු විදියට ආදායම ලැබුනේ නැහැ. තව තවත් ණය වෙමින් ආදායම් ලබන්න හිතා ගෙන වියදම් කලා...අන්තිමෙදී අසාර්ථක වුනා. අද ඉන්නේ එතන. අපි කතා නොකර වැඩ කරන්න පට් ගත්තොත් කාටවත් අතනොපාන ස්ථාවරයකට ආවොත් රට වෙනස් වේවි. අද ඉන්න තත්වය නුව නම් මැජික් පෙන්වන්න බැහැ. කියලා කීවාම ...............
“ඔව් මැජික් වලට රැවටුන නිසා තමයි මේ රට මේ තත්වයට පත් උනේ. මොකද මැජික් කාරයෝ පස්සේ ගිය ජනතාව ඔවුන් බලයට ගෙනාවා. රජය සතු ආදායම් ඉපයිය හැකි ආයතන විකුනාගන කාපුවාම කොහොමද ආදායමක් එන්නේ. පාලකයන් විතරක් පෝසත් වෙලා රටේ ජනතාව දුප්පත් උනේ කොහොමද බැලුවාම හරියට පැහැදිළිවෙනවා.
“අපිට වෙච්ච දේ මම දැක්කෙම වෙනස් විදියකට ..................මට එකග වෙන්න නම් බැහැ. රජය සතුවීම ජනතාවට බරක් කියලා යි මම හිතන්නේ. එයට එක් හේතුවක් තමයි ජාතික හැගීමක් ඇතිව රජය සතු දේපළ පාලනය වෙන්නේ නෑ. විදේශීය කරනය වෙන්න ඕන නැහැ. දේශීය පෞද්ගලිකරනය වුනාට කමක් නැහැ. බදු නියමිත පරිදි අයකර ගත යුතුයි. බදු ජනතා සුබ සාධනය සදහා යෙදවීම රජයේ කාර්යයක්. ජනතාව දුප්පත් වෙන්නේ නම් රජයේ අඩු පාඩුවක් නිසාමද කියලා හිතන්න. කවුරු බලය අත්පත් කරගත්තත් කම්මැලි කමට බලා හිටියොත් දියුණුවක් ඇති වෙන්නේ නැහැ. ඔක්කොම බොරු කියලා ඉවරයි දැන් මොකක්ද කියන්නේ ?
තවත් කෙනෙකුට ප්‍රශ්නයක්. “ශ්‍රී පාදේ ඝංටාරෙයි පහනයි නම් ගැලෙව්ව ඒක බොරුවක් නෙමෙයි “ එහෙම කිව්වේ තවත් සහෝදරයෙක්. මේ තවත් සහෝදරයෙක්.
.1 උමා ඔයේ හිල වහල දැම්මා. 2. වරායෙ ගල කඩල දැම්මා 3. පෝට් සිටියට ගල් කඩලා දැන් නාය යනවා 4. අධිවේගේ බල්ලො නැහැ 5. ලංසගෙ ගෙදර තිබුණු ලැම්බෝගිනී ගිනි තිබ්බා. අනික්වා කන්ටේනර් වල උගන්ඩා ගියා. 6. රත්තරන් අශ්වයා පැනල ගියා.7. උගන්ඩාවෙ ඩොලර් සුදු කරලා දැන් ටික ටික ලංකාවට එනවා.8. මැරියට් හෝටලේ නාමල් පනවගේ රකිනවා.9. ශ්‍රී පාදෙ ඝාන්ථාරෙ ගෝථගෙන් අහන්න වෙනවා. කිව්වේ කේන්තියට.
මේ තව කෙනෙක් දැක්ක හැටි.“හොරුන්ගේ අසූචි වලින් අනිවාර්යයෙන්ම යැපෙන විපරමේ සංස්කෘතිය මිනිසුන්ට අපහාස කිරීම බඩගෝස්තරය උදෙසා.
මේ තව අදහසක්ඒ පෝස්ට් එක නියමයි මොලයක් ඇති උන් හිතන්න පෙලෙබෙනවා.ඇයි එතකොට මහ බැංකු වංචාව.,බදුහොරු, සුනාමිසහන මංඩලය.හෙල්පින් හම්බන්තොට අරගලය අස්සෙ අරලියගහමන්දිරේට රිංගපුවා තවඑකී මෙකී නොකී ගොඩයි.වැඩේ කියෙන්නෙ දැන් තියෙන්නෙ උන්ගෙ ආන්ඩු වකුත් නෙමෙයි එකේ. මේ බොරුකාරයන්ගෙ බොරු බොරු කියලා ඔප්පු නොකරන එකනෙ. මාලිමාවේ සහෝදරියකගේ ප්‍රතිචාරයක්
0 comments:
Post a Comment