රජ කාලෙ අපේ රජවරු රාජ්යය පාළනයට අමතරව,සෞන්දර්යයට කවියට කලාවට විනෝදයටත් කාලවේලාවක් වෙන් කළා.
කවියෙන් කලාවෙන් නැටුමෙන් රජ සභාව සැරසුවා.
තරයේ ඇද බඳින ලද කඹයක් මත නාටිකාංගනාවො නර්තනයේ යෙදෙනවා.
මෙහෙම නැටුමක් නරඹන රාජසභාවෙ සිටි මොහොටිටිරාළ
තමා විඳි,රසය මෙහෙම කවියකට නඟනවා.
නුඹේ පත සදිසි වත සඳ ලෙස උදුල
රඹේ කඳ අයුරු දිසි කළවා යුගල
කඹේ නටන අඟනන්ගේ යොහොඹු කුල
නැඹේ මුල පෙනෙන්නා උඩ පනින කල
එවිට අදිකාරම්තුමා මෙ,කව කීවාලු.
අඹේ සුර ලෙසින් දුටු සත නුවන් ලැඹූ
ලොබේ වඩන පියයුරු යුග කසුන් කුඹූ
කඹේ නටන අඟනන්ගේ කුල යොහොඹූ
නැබේ මුළ පෙනෙයි ඉදිලා නිල් රොහොඹූ
මෙ,යැසූ,රාජසිංහ රජු මෙකව කීවාලු!
නිලා දෙබැම කලවා යුවල රණරඹේ
පිලා රණ තිසර සලෙලුන් වඩන ලොබේ
සලා වලග අඟනන් නටන රැව කඹේ
බලා ඉන්ට බැරි මදනගේ මෙහෙන් හබේ
--කමල් පී අලහකෝන් මෙටාවේ පලකල වියමනක්.
0 comments:
Post a Comment