
මුදියන්සේ කෙනෙක් ගජමන් නෝනාට මෙ,කව කීවේ ලු.
ආදරයෙන් කරල් මිටි,රැගෙන යන තැනේ
වා සර යෙන් ඉන ඇඳි වත ඉවත් වුණේ
වානර මුව සේ නැබ මුළ සුරති ගති පෙනේ
සත්‍රී ලිංගය වඳුරු මූණකට සමාන කරමින් ඔහු මෙ,කව කීවේ ,
ගජමන්ට සරදම් පිණිස ය.
ඊට ගජමන් නෝනා දුන් පිළිතුරයි මේ !
කේසර එන්ට පෙරතුරු ගජතුගේ දක්සේ
වේ සර හට වුවොත් කුරැළුට වෙයි දුක්සේ
ඒ සැර ලියෝ ඇසවොත් මේ වග දක්සේ
වානර මුව උලති හම යනතුරු හොස්සේ
කෙතරම් කිවිඳියෝ බිහි වුණත් මට කම් කිවිඳියන් අතර
ලොවේ කිවි සිළුමිණ ",ගජමන් නෝනා!"
ඇය පුරුෂාධිපත්‍යය ඔටුණු පලන් දේශයක
ඊට මුණදුන් නිර්භීත ආකාරය.........
වරක් එක්තරා මුදළි කෙනෙක් ගජමන් නෝනාට මෙහෙම ආරාධනාවක් කරනවා.
පන්නා පත් තරිඳු රිවි උදය වේලක
දෙන්නා සමඟ ගොස් ඉඳ අරණ ගාලක
පන්නා වත් නොවී ඉඳ බිය නොවී සැක
පෙන්නාපන් ළඳේ තුනු විළ දවාලක
"සඳු පලවා හැර හිරු ආධිපත්‍යය පතුරවන උදය වෙලාවක
අරණ ගාලකට ගොස්
රෙදි ගලවා
අහවල්,එක පෙන්නාපන්"ය.
මෙම ආරාධනාවට ගජමන් පිළිතුරු දෙන්නෙ මෙහෙම.
තුනු විළ බලන්නට මුගේ සිත වෙලා දුක
තුනු විළ තලන්නට සිතිලා දවාලක
තුනු විළ මැකීලද අඹුවගෙ මුළාවක
තුනු විළ බලාපිය "අම්මගේ" දවාලක
“කමල් පි අලහකොන් - විසින් මෙටාවේ පල කල වියමන් දෙකකින් මෙ පෙල උපුටා ගතිමි.
ස්තුතියි ඔහුට.
ඇැලපාත මුදලිත් ගජමන් නෝනාත් අතර අනියම් සම්බන්ධයක් පැවතුන වබ ප්‍රසිද්ධ කරුනක්.
ඇැලපාත මුදලිත් ගජමන් නෝනාත් අතර අනියම් සම්බන්ධයක් පැවතුන වබ ප්‍රසිද්ධ කරුනක්.
ඇලපාත මුදලි,
මනහට නුඹෙ පවර සිරි පිරි වත තඹර
බොහොවරකින් නුදුටුයෙන් මා නෙත් බඹර
කරදර කර හඬන විට නලවන අයුර
නොවිසිර මට වහා දනවන්නේ විතර
මනහට නුඹෙ පවර සිරි පිරි වත තඹර
බොහොවරකින් නුදුටුයෙන් මා නෙත් බඹර
කරදර කර හඬන විට නලවන අයුර
නොවිසිර මට වහා දනවන්නේ විතර
ඇය:
ඔබ දැන්වූ විලස මා වෙත දිනක පෙර
එන මෙන් සිත සිතා පසුවෙමි දැන් නිතර
නැතියෙන් අවසරක් වැඩි බැවිනි කරදර
සතුටින් දැනුම් දෙමි යළි ඉඩ ලැබුනු වර
ඔබ දැන්වූ විලස මා වෙත දිනක පෙර
එන මෙන් සිත සිතා පසුවෙමි දැන් නිතර
නැතියෙන් අවසරක් වැඩි බැවිනි කරදර
සතුටින් දැනුම් දෙමි යළි ඉඩ ලැබුනු වර
ඇලපාත මුදලි
මුලින් බැඳුණු මුත් දැඩි පේ‍්‍රමයක් හදේ
කෙමෙන් එය නැතිව නුඹ සිටි නිසා තදේ
මේ දැන් කියමි කරුණක් දැනගන්න හොඳේ
නිවන් දකින තුරු මට ඔබ එපා ලඳේ
මුලින් බැඳුණු මුත් දැඩි පේ‍්‍රමයක් හදේ
කෙමෙන් එය නැතිව නුඹ සිටි නිසා තදේ
මේ දැන් කියමි කරුණක් දැනගන්න හොඳේ
නිවන් දකින තුරු මට ඔබ එපා ලඳේ
ඇය.
මුලින් ඔබ දුටුව දින බැඳුන පෙම හදේ
කෙමෙන් එය දැඩිව අලි කළුගලක් ලෙදේ
මෙදැන් ඔබගේ බස් මොන පුදුමයද වදේ
නිවන් දකින තුරු මා හැර කවුද හොඳේ
මුලින් ඔබ දුටුව දින බැඳුන පෙම හදේ
කෙමෙන් එය දැඩිව අලි කළුගලක් ලෙදේ
මෙදැන් ඔබගේ බස් මොන පුදුමයද වදේ
නිවන් දකින තුරු මා හැර කවුද හොඳේ
පසු කාලයේ ගජමන් නෝනා ගෙල සිද ගෙන සියදිවි නසා ගන්නවා. මිය යාමට පෙර ඇය මෙසේ ලියු බව සදහන්.
සකවසිනෙක් දහස් සත්සිය සතිස් වස
වකලද තෙළෙස් උඳුවප් අවගුරු දවස
නෙක ගුණ දෝන ඉසබෙල් පෙරුමල් දිගැස
සකපුර පැමිණ දිවසිරි සැප විඳින ලෙස
A day in the life
සකවසිනෙක් දහස් සත්සිය සතිස් වස
වකලද තෙළෙස් උඳුවප් අවගුරු දවස
නෙක ගුණ දෝන ඉසබෙල් පෙරුමල් දිගැස
සකපුර පැමිණ දිවසිරි සැප විඳින ලෙස
A day in the life
0 ප්‍රතිචාර:
Post a Comment