Saturday, June 22, 2024

මම ඉගන ගනිමින් සිටිමි.




 






 

අපිට මූහුණපාන්න සිදුවන හැම දේටම ප්‍රතිචාර දක්වන්න ගියොත්.. වෙන්නේ ලොකු අවුලක්.

මේ වගේ වෙලාවට තමයි කියන්නේ හරි ජංජාලයක් නේ කියලා.
කා එක්ක හරි වාදයකට පැටලෙනවා වෙනූවට ඕන දෙයක් කියාපුවම මගේ මොකද ? කියලා
අහගෙන ඉන්න එක සැනසිලි දායකයි නේද ?
මේ දවස්වල විද්‍යුත් මාධ්‍යවල සමාජ ජාලා තුල විවිධ දේශපාලන අදහස් පලවෙනවා. එක් එක් දේශපාලන පක්ෂවල කථිකයො , දේශකයෝ නායකයෝ අනෙක් අය විවේචනය කරනවා.
ඒ විවෙචන තුලින් තමයි අපට එක එක්කෙනාගේ කෙරුවාව තේරුම් ගන්න පුළුවන්.එහෙම නැතිව තම තමන්ගේ කථා වලින් තමන් පැහැදිලි කිරීම  නම් බොහෝම අඩුයි.
සමාජ මාධ්‍ය නේ දැන් ප්‍රචාරණයේ පෙරමුන අරන් තියෙන්නේ .
සමාජ මාධ්‍ය මේ කටයුත්තට හරි විදියට යොදා ගන්නවද කියන එක ගැටළුවක්.
අපි අතර ජනප්‍රිය පේස් බුක් නේ.
මගේ මිත්‍රයෙක් ඉන්නවා . එයා දවසකට පෝස්ට් පහක් හයක් මුදා හරිනවා. සියල්ල දෙශපාලනිකයි. ඒවා පැහැදිලි කිරීම් නෙමෙයි.
ප්‍රාහාර !!.
ඔහුට අනුව විකල්ප දේශපාලන අදහස් දරන සියළු දෙනා ගොන්නු මී හරක්.......මෝඩයෝ වහල්ළු වගේ තව තවත් මඩ ප්‍රාහාර.
දවසක් දෙකක් මෙහෙම කියන එක වැරදියි අශෝභනයි . ඔයා කියන දේ පැහැදිලි කරන්න. ඒවා තේර්ම් ගන්න අය ඔයාලට එකග වෙන්නත් පුළුවන් නේ කීවත් , එයා කියන්නේ මේ මෝඩයින්ට කියලා දෙන්න බැහැ කියලා.
එයාල හැර එයාලට පක්ෂ නොවන සියල්ලෝ අනුවන අය
පරිභව කිරීමෙන් මිනිසුන්ගේ හිත් නම්මා ගන්න පුළුවන් ද ?.
මට නම් හිතෙන්නේ තව තවත් වෛර බැද ගන්නවා මිසක් වෙනස් වීමක් නම් වෙන්නේ නෑ කියලා.
මම බොහෝ විට මගේ හිතට කරදර කරන මේ වගේ දේවල් වලට ප්‍රතිචාර දක්වන්න යන්නේ නැහැ.
මට රිදවන අයට රිදවන්න ඕන නැහැ කියලා මගෙ හිත පුුරුදු කර ගන්න මම ඉගන ගත්තා.
දැන් හරි පහසුයි.
අකමැත්තෙන් වුනත් පාලනය කර ගන්න බැරි චරිත මෙටාවෙන් ඉවත් කර ගත්තා.
ඉවත්ව යාමත් පරිනත භාවයක් කියලා හදුන්වන්න පුළුවන්.
අපට සිදුවන සෑම නරක දෙයකටම ප්‍රතික්‍රියා කිරීමට යන ආවේග අපගෙන් සිඳී ගියාම ජීවිතයේ අයහපත් දේ දැකීමෙන් අපව වළක්වන බවට අපට තේරුම් යනවා.
මම හැමෝගෙම තේ කෝප්පයක් වෙන්නේ නැහැ.
මට සැලකීමට අවශ්‍ය ආකාරයට සැමදෙනාම මට සැලකීමට නොහැකි වන බව මම සෙමෙන් ඉගෙන ගනිමින් සිටිමි.
එයට කමක් නැහැ කියලා මම හිතනවා.
මම සෙමින් ඉගෙන ගනිමින් සිටින්නේ ප්‍රතික්‍රියා නොකිරීමටයි.
මම මගේ 'මනසේ සාමය' තෝරා ගන්නේ එය මට 'සැබවින්ම' අවශ්‍ය බැවින්.
හොඳ නැති බව මට හැඟෙන අය මට අවශ්‍ය නැහැ. රණ්ඩුකරන, අවලාද නගන , අපහාස කරන සහ ව්‍යාජ සම්බන්ධතා මට අවශ්‍ය නැත.
තර්ක විතර්ක කරමින් අදහස් පැහැදිි කරන අයට මම කැමතියි.
සමහර වෙලාවට කිසිම දෙයක් නොකියන අයටත් අවශ්‍ය විට පමනක් හැම දෙයක්ම කියන අයටත් කැමති වෙන්න මම ටිකෙන් ටික ඉගෙන ගන්නවා .'
ඔබව කලබලයට පත් කරන දේවල් වලට ප්‍රතිචාර දැක්වීමටත් මම සෙමින් ඉගෙන ගනිමි.
ඔබට අන් අය කරන දේ පාලනය කළ නොහැකි නමුත් ඔබ ප්‍රතිචාර දක්වන ආකාරය, ඔබ එය හසුරුවන ආකාරය, ඔබ එය දකින ආකාරය සහ ඔබට පෞද්ගලිකව ගැනීමට අවශ්‍ය කොපමණ ප්‍රමානයක් ද යන්න ඔබට පාලනය කල හැකියි.
මම ප්‍රතික්‍රියා කළත්, එයින් කිසිවක් වෙනස් නොකෙරෙන බවත්, මිනිසුන් මට ආදරය හා ගෞරවය ඇති නොකරන බවත්, ඔවුන් තම මනස වෙනස් නොකරන බවත් මම ඉගෙන ගනිමි.
සමහර දේවල් වීමට ඉඩ දීම වඩා හොඳයි කියලා මම හිතනවා,
ලැබෙන පිළිතුරු පසුපස හඹා නොයන්න .
තේරුම් ගනී යැයි
අපේක්ෂා නොකරන්න'.

A day in the life

0 comments: