කවියා මිනිස් සිත හා ජීවිතය කියවයි. හේ සොබා දහම විදියි. ඔහු මිනිසා විසින් නිර්මිත භෞතික බුද්ධිමය හා කාව්‍යමය ලොකය ගවේෂණය කරයි.ඉන්පසු එයින් ඇවසි දේ ඇවසි පමනට ගෙන නැවුම් කවියක් නිමවයි. එබදු නැවුම් කවි පිරුණු පොතකි මේ. “ ……………………මෙසේ කියන්නේ විශ්රමලත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක පී.ජී. ආරියපාල විද්යාරථියාය . සහෘද හිතැති මානව හිතවාදියාය.A day in the life
ඔහු පල කල “ කටු අතැර මල සිබිමු “ ඇත්තෙන්ම කටු අතැර මල සිඹීමකි.
ඔහු කටු අතැර මල සිබින්නේ මෙලෙසිනි.
පස් පව් දස අකුසල් ගැන
මෙලෝ හසරකුත් නොදැනම
ලිව්වා බුදු ගුණ ගීයක්
සදහම් සිසිලස බෙදන්න
අමතක කර ඇගෙ ගුණ කද
නිවසෙහි කුටියක සිරකර
ලිව්වා මව් ගුණ ගීයක්
ඇසු දන දෙනුවන් පියවන
වාරු නොමැති කල පියතුම
පිටමන් කර දොරටු වසා
ලිව්වා පිය ගුණ ගීයක්
කරුණා රස උතුරවන්න.
රුව දන බල ගැනම සිතා
කුලගෙට කැදවාගෙන ඈ
ලිව්වා ආදර ගීයක්
පෙම් හැගුමින් උමතුවන්න.
විචාරකයෙකු නොවන මට රසවිදින්න සීමා මායිම් නොමැත.
එහෙයින් නොදන්නා දේ කියා වරිගේ නසා නොගත්තෙමි.
සරසවි ප්රකාශනයක් වන කටු අතැර මල සිබිමු රුපියල් හයසීයයක් මිල කල එවන් දස ගුණයක් වටිනා සාහිත්‍ය කෘතියකි.
ආරියපාලයන් අතින් තව තවත් මෙවන් රස කෘතීන් බිහිවෙනවා සිකුරුයි.
එය මගේ පැතුමයි.
ජීවිතය……..
මට හිතුනා තාත්තගෙන් පටන් ගන්න.
ගම්පෙරලියේ ජිනදාස "මලය රටට" යනවා.ඒ කියන්නේ වියලි කලාපයට. ජිනදාස අසාර්ථක වෙනවා.
පියල් කොළඹට සේන්දු වෙලා සාර්ථක වෙනවා.
ගම්පෙරලිය සිදුවන කාලේ දකුනේ උදවිය රැකියා සොයාගෙන දිවයිනේ සී සී කඩ වෙනවා.
දකුනේ නතරවුන අයට ප්‍රශ්න ,ගැටලු විසදා ගන්න දහ අතේ කල්පනා කර කර ඉන්න කොට මේ සී සී කඩ ගිය පරපුර එක එකතැන්වල සාර්ථක වෙනවා.
අසාර්ථකවුනා නම් චූටිම චුටී දෙනෙක්.
දිවයිනේ හැම ගම්පියසකම මාතර වැලිගම අහංගම ගාල්ල නමින් ස්ටෝර්ස් , හෝටල් ,බේකරි.ග්‍රොසරීස් , ටෙක්ස්ටයිල් ව්‍යාපාර ඇරඹෙනවා. මේවා පුංචියට පටන් අරන් ස්ථාවර වෙනවා.
මේවායේ අර්ථපතීන් “ මුදලාලි “ ලා වුනා. වැලිගම මුදලාලි ඉන්නේ හැටන් වල. ඒ වගේ හැම නගරයකම වැලිගම , අහංගම ගාල්ලේ මුදලාලිලා හිටියා.
අන්තිමට කතාවක් හැදුනා “ බෙන්තර ගගෙන් එහා ඉදන් ඇස් ඇරුන පූස් පැටියෙක් වත් මෙගොඩට ගේන්න එපා “ කියලා
මාර්ග පද්ධතිය අද වගේ නොදියුණු ඒ කාලේ කොළඹට නැත්නම් පානදුරේට ඇවිල්ලා තමයි දකුනේ උදවිය සී සී කඩ වුනේ .ඒක කරන්න බෙන්තර ගගෙන් එගොඩ වෙන්න එපාය.
අපේ තාත්තත් ගැටවරකාලේ දකුණට ආයුබොවන් කිව්වා. දැන් වගේ ලොකුවට අඩුම කුඩුම ගොඩක් පොදි බැදගෙන නෙමෙයි.
තාත්තා අබිමානෙට කියන්නේ “ මම ගෙනාවේ සරමයි බැනියමයි විතරයි බන් “ කියලා.
ඒ ඇවිල්ලා නුවරඑළියේ , දික්ඔයේ., තලවාකැලේ තැනින් තැන කලින් කල පලින් පල ඉදලා හපුතලේට ඇවිල්ලා
අහංගම ව්‍යාපාරිකයෙක් ගාවා වැඩ කරලා .
හපුතලේ ව්‍යාපාරිකයාට විවිධ තැන්වල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් තිබිලා .අවසානයේ බෙලිහුල්ඔය තිබුන එතුමාගේ ව්‍යාපාරක ස්ථානයේ කටයුතු කරමින් ඉන්න ගමන්.
.පුංචි කාමරයක් කුලියට අරන් බුලත් දුම්කොල පුවක් වගේ පුංචි පුංචි දේවල් අළවි කරන්න පටන් ගත්තා.
එතන තමයි තාත්තගේ ඇරඹුම.
අපේ උපත. තාත්තාට අම්මා මුණ ගැහුනා. ගෙවල් දොරවල් හැදුවා වතුපිටි උරුම කරගත්තා අහංගමින් සහෝදරයෝ එක් කරගනවිත් එයාලා ව්‍යාපාරිකයෝ කලා.
අවුරුදු අසු අටක් ආයු විද මිය පරලොව ගියා.
අද තාත්තගේ දරුවෝ රත්නපුර දිස්ත්‍රික්කයේ සී සී කඩ ගිහින් පැල වෙලා. සමහරු ඇමරිකාවේ. තවත් සමහරු ඔස්ට්‍රේලියාවේ.ජාතික තලයේ සමාජ සේවකයෝ ,රාජ්‍ය නිළදාරින් ව්‍යාපාරිකයෝ..
තාත්තට සමවෙන්න අපිට කවදාමවත් බැහැ. තාත්තා විශිෂ්ඨයෙක්.
කාලය ගෙවෙනවා ..වසරින් වසරට
දැන් මම ජීවිතය සැදෑසමයේ.
!doctype>!doctype>
0 comments:
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.