සුදු පාට චූටි මල් සාරියක් ඇඳගෙනදුවේ ඒ සිටින්නේ මම කියූ නැන්දායදශක ගණනාවකට පසුනොම්මරේ හොයාගෙන කතා කර,කින්ද මන්දයි නොඅසාම, එන්නම්ය කිවුවාය.මාතරට ආවේ නුවර සිට පෙරේදය.එයාලගෙ මහ ගෙවල් අකුරැස්ස හරියේය.දින දෙකක් නෑදෑ ගෙවල් වල කැරකිලාමූණ කරකුට්ටන් වෙලායැයිඋදේ හමුවූ වෙලේ චෝදනා නැගුවාය.එයා ඉස්සරත් එහෙමය.වැස්සත් බනින්නේ මටය.සුදු පාට චූටි මල් සාරියක් ඇඳගෙනදුවේ ඒ සිටින්නේ මම කියූ නැන්දාය.එයා මට කලින් බැන්දාය.අපට අප නැති වුනේ මගේ වරදින් කියාඅවසාන දවස් වල බැන්නාය.දහසකුත් වැරදි කර මා යලිත් ඇමතුව දඇය මාව තුරුලු කර ඉම්බාය.මම කරපු මෝඩ වැඩ දරාගනු නොහැකි තැනආදරේ යැයි මැවූ සිහින හැම බිඳුණු තැනඉවසලා ඉවසලා තව ටිකක් බලා හිඳවෙන අතක් බලන්නට හිතුවාය.බඳින්නට පෙර දින ද අමතලා ඇඬුවාය.එයා එයාටත් වඩා මට ආදරේ කලාය.මට ඒක තේරුණේ පහුවෙලාය.සුදු පාට චූටි මල් සාරියක් ඇඳගෙනදුවේ ඒ සිටින්නේ මම කියූ නැන්දාය.පොඩි දූ පැටියෙකු හදමුයි කියා දවසක,මා සමග එකතු වී,"උත්තරා" යැයි සුන්දර නමක් පවා දමා එදවස,අඳින්නට රෝස පැහැගවුම් කොට පවා තෝරා කෙල්ලෙකුට,බඳින්නටත් බොහෝ කලක සිට,ඇය මේ ලොව සුන්දරම අම්මා වූවාය.අම්මෙකු වන්නට නොහැකි වේයැයි කියා,කතන්දර දහසකුත්, තව ටිකකුත් අසා,මුලු මහනුවරම සමග සටන් කොටදික්කසාදය ගත්,ඇය මේ ලොව නිර්භීතම අම්මාය.කවුරුවත් අම්මාය කියලා නොකීවත්කිසිදාක අම්මාය කියා ඇය නොඇහුවත්විශ්වාස කරන්න,ඇය මා දන්නා හොඳම අම්මාය.සුදු පාට චූටි මල් සාරියක් ඇඳගෙනදුවේ ඒ සිටින්නේ මම කියූ නැන්දාය.ඔබ ඉපදුණා කියලා කාගෙන් හරි ඇහුණාමඑකතු කරගෙන සිටි ඇඳුම් මලු ගාණක්අඥාතව මා නමට එවුවාය.අද ඒක ගැන ඇහුවාම,මොකුත් නොකියා හිනැහුණාය.අත කටට තියාලා, "ශ්ශ්" හඬක් නැගුවාය.ඒ මේ අත යමින්, පැරණි මිතුරන් හමුවෙමින්අතරින් පතර විවේක කාමරයට ගොස්කොණ්ඩයද සාරියද ආයෙ ආයේ සකසමින්එදාටත් වඩා ලස්සන ගැන වද වෙමින්ඉඳහිට මම දෙස ද බලමින් නොබලමින් හිනැහෙමින්සුදු පාට චූටි මල් සාරියක් ඇඳගෙනදුවේ ඒ සිටින්නේ මම කියූ නැන්දාය.ඔබේ නම "උත්තරා" කියලා උදේ මම කිවුවාමලොකු කඳුලු බිඳු දෙකකින් ඇගේ ඇස් තෙමුණාය.
| මහේල හෙට්ටිආරච්චි
0 comments:
Post a Comment