අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
Thursday, January 30, 2025

1/30/2025 07:41:00 pm



HbA1C පාලනය කර ගන්නේ කොහොමද?
දියවැඩියා රෝගියෙක්, HbA1C පරීක්ෂණය මාස තුනකට වතාවක්වත් සිදුකළ යුතුයි.
එයින් පසුගිය මාස 3 ක කාලය තුල රුධිර සීනි මට්ටම ගැන නිවැරදි අදහසක් ලබාගන්න පුළුවන්.
දියවැඩියා රෝගියෙකුගේ,HbA1C අගය, සාමාන්යයෙන් 7 ක තිබෙනවානම් රෝගය හොඳින් පාලනය වූ මට්ටමේ පවතිනවා.( මෙම අගය රෝගියාගේ වයස අනුව. ඔහු ලබාගන්නා ඖෂධ අනුව,රෝගයේ දැනට ඇති වී ඇති සංකූලතා අනුව වෙනස් වෙන්න පුළුවන්.)
නමුත් සමහරුන්ගේ මෙම අගය 9, 11, 14 වැනි ඉතා ඉහල අගයන් ගන්නවා.
එවැනි අගයක තිබෙනවා නම් දියවැඩියා රෝගයේ සංකූලතා ඇතිවීමේ අවදානම ඉතා වැඩියි.
HbA1C මට්ටම ඉහල යන්නේ ඇයි ?
ඔබගන්නා ආහාර නිසා,රුධිර සීනි මට්ටම ,දවස පුරාම විටින් විට ඉහළ යනවා නම්,ඒ කියන්නේ දවස පුරාම විටින් විට Glucose spikes ඇතිවෙනවා නම්,HbA1C ඉහළ අගයන් වලට යනවා.
උදාහරණ ලෙස
1.ප්රධාන ආහාර වේල්වලට බත් විශාල ප්රමාණයක් අනුභව කරනවා නම්,
2.දිගුවේලාවක් නිරාහාරව සිට,කාබෝහයිඩ්රේට අධික ආහාර වේලක් ලබාගන්නවා නම්,
3.ප්රධාන ආහාරවේල් අතරමැද,නිතර නිතර කෙටි ආහාර ලබා ගන්නවා නම් ,(පලතුරු පවා අයත් වන්නේ මේ ගණයටයි )
4. ⁠ආහාර වේලේ, තෙල් හෝ මේදය අඩංගු ආහාර ඉතා අවම නම්
දවස පුරාම රුධිරයේ Glucose spikes ඇතිවීමේ හැකියාව වැඩියි.
එවිට HbA1C අගය වැඩිවෙනවා.
දියවැඩියා රෝගියෙකුගේ ආහාර වේල ඔවුන්ට,
1.අවශ්ය පෝෂණය සපයා දීමට
2.රුධිර සීනි මට්ටම පාලනය කිරීමට මෙන්ම,
දිගුකාලීන ආසාදිත මට්ටමේ සමනය කර අවසානයේ රෝගය සුව කිරීම හෙවත් Remission මට්ටමට ගෙන ආ හැකි ආහාර වේලක් විය යුතුයි.
නිවැරදි පෝෂණ ප්රතිකාර වලින් සිදු කරන්නේ එයයි.
එම නිසා ඔබත් දියවැඩියා රෝගය සුවකර ගැනීමට,එනම් Remission මට්ටමට ළගා කර ගැනීමට කැමති කෙනෙක් නම්,පමා නොවී අදම පෝෂණ ප්රතිකාර ආරම්භ කරන්න
A day in the life

0 ප්‍රතිචාර: