80 දසකයේ නාවලපිටියේ වැඩකරා කරුණාදාස කියලා ප්රධාන නියාමක මහතෙක්. 80 දසකයේ රේල්වේ නිලධාරීන් වැඩිය යුනිෆෝම් ඇන්දේ නෑ. ඒ කාලෙත් කරුණාදාස මහත්තයා ෆුල් යුනිෆෝම් එක ගහලා රේල්වෙ අයිඩෙන්ටිය පවා පැලඳගෙනයි හිටියේ. කරුණාදාස මහත්තයා කථාවට අහුවුනොත් වෙලාව යනවා දැනෙන්නේ නෑ. මේක කරුණාස මහත්තයගේ කථාවක්.කරුණාදාස මහත්තයා දවසක් බදුල්ලේ ඉඳලා අංක 36 දුම්රිය (ඒ කාලයේ උඩරට මැණිකේ දුම්රිය) වැඩ කරගෙන එනවා. ස්ටේෂන් වලදී ස්ටේෂන් මාස්ටර් විසිල් කලාට පසු කරුණාදාස මහත්තය විසිල් කරන්න ඉස්සර කෝච්චියේ ඉන්න කොල්ලෝ ටිකක් ඒ විදියටම විසිල් කරනවා ඉතිං අන්ඩගාඩ් මහත්තයත් සිග්නල් කරලා රියදුරු මහතාට එන්ජිම ගෙනියන්න අවසර දෙනවා. දැන් උඩුවර, හාලිඇල, දෙමෝදර ස්ටේෂන් වලදි මේක මේ විදියටම උනා. දැන් අපේ කරුණාදාස මහත්තයට මල්වල හොඳම එක පැනලා. ඇල්ලේදී කොල්ලෝ විසිල් කරපු ගමන්ම දුම්රියට යාමට නොහැකි වන සේ වැකූන් බ්රේක් ක්රියාත්මක කොට කෝච්චිය නැවත්වුවා.අපේ මහත්තයා දැන් කොල්ලෝ ටික ඉන්න පෙට්ටිය ලගටම ආවා කිසි වෙනසක් නොවුනු ආකාරයට කොල්ලොත් එක්ක හිනාවුනා. ඒ එක්කම කොල්ලෝ සෙට් එකත් එක්ක හිටිය කෙල්ලෝ එක්කත් මනුස්සයා හිනාවක් දැම්මා.පුතාලා කොහෙද ගියේ?දැන් කරුණාදාස මහත්තයා අහනවා...අංකල් අපි දුන්හිද බලන්න ගියා...කොල්ලෝ උත්තර දෙනවා. අපේ මහත්තයා දැන් හිනා වෙමින් අහගෙන ඉන්නවා.පුතාලා කොහෙදඅපි ගම්පහ අංකල්ෂා නියම පැත්ත.දැන් විසිල් ගහපු එකා පැත්තට හැරී මෙහෙම අහනවාමම පුතාව දැකලා පුරුදුයි තාත්තා රේල්වේ නේද?අපෝ නෑ අංකල් අපේ තාත්තා ප්රින්සිපල් කෙනෙක්බොරු.බොරු නෙවේ අංකල් ඇත්තලග හිටිය කෙල්ලෙක් උත්තර දුන්නා. කරුණාදාස මහතා කෙල්ල දෙසට හැරීවෙන්න බෑ..කියලා කිව්ව විතරයි කොල්ලට මල පැන්නා.අංකල් කෙහොමද අපේ තාත්තා ගැන දන්නේ?කියලා ඇහැව්වා. අපේ කරුණාදාස මහත්තයා ඔහුට හිනාවක් එහෙම දාලා..පුතාට කේන්ති ගියාද? නෑනේ. මේකයි පුතා අපිට කෝච්චියක් භාර දෙන්න ඉස්සර පුහුණුවක් දෙනවා. මේ විසිල් ගහන එකත් ඒ එකක්. මට මේක හරියට පිඹ ගන්න සෑහෙන කාලයක් ගියානේ. ඉතිං පුතා මටත් වඩා හොදට විසිල් එහෙකුත් නැතිව ගැහැව්වානේ?කොල්ලා ටිකක් ආඩම්බර හිනාවකින් අපේ මහත්තයට සංග්රහ කලා.ඉතිං පුතා ඔයාගේ අම්මා ඔය ලජ්ජාවට නොකියා ඉන්නේ. ඔයාගේ උප්පැන්නෙට විදුහල්පතිගේ නම ගියාට සංසර්ග ක්රියාවලිය සම්පුර්න කරලා තියෙන්නේ ගාඩ් කෙනෙක්....
ජීවිතය……..
මට හිතුනා තාත්තගෙන් පටන් ගන්න.
ගම්පෙරලියේ ජිනදාස "මලය රටට" යනවා.ඒ කියන්නේ වියලි කලාපයට. ජිනදාස අසාර්ථක වෙනවා.
පියල් කොළඹට සේන්දු වෙලා සාර්ථක වෙනවා.
ගම්පෙරලිය සිදුවන කාලේ දකුනේ උදවිය රැකියා සොයාගෙන දිවයිනේ සී සී කඩ වෙනවා.
දකුනේ නතරවුන අයට ප්‍රශ්න ,ගැටලු විසදා ගන්න දහ අතේ කල්පනා කර කර ඉන්න කොට මේ සී සී කඩ ගිය පරපුර එක එකතැන්වල සාර්ථක වෙනවා.
අසාර්ථකවුනා නම් චූටිම චුටී දෙනෙක්.
දිවයිනේ හැම ගම්පියසකම මාතර වැලිගම අහංගම ගාල්ල නමින් ස්ටෝර්ස් , හෝටල් ,බේකරි.ග්‍රොසරීස් , ටෙක්ස්ටයිල් ව්‍යාපාර ඇරඹෙනවා. මේවා පුංචියට පටන් අරන් ස්ථාවර වෙනවා.
මේවායේ අර්ථපතීන් “ මුදලාලි “ ලා වුනා. වැලිගම මුදලාලි ඉන්නේ හැටන් වල. ඒ වගේ හැම නගරයකම වැලිගම , අහංගම ගාල්ලේ මුදලාලිලා හිටියා.
අන්තිමට කතාවක් හැදුනා “ බෙන්තර ගගෙන් එහා ඉදන් ඇස් ඇරුන පූස් පැටියෙක් වත් මෙගොඩට ගේන්න එපා “ කියලා
මාර්ග පද්ධතිය අද වගේ නොදියුණු ඒ කාලේ කොළඹට නැත්නම් පානදුරේට ඇවිල්ලා තමයි දකුනේ උදවිය සී සී කඩ වුනේ .ඒක කරන්න බෙන්තර ගගෙන් එගොඩ වෙන්න එපාය.
අපේ තාත්තත් ගැටවරකාලේ දකුණට ආයුබොවන් කිව්වා. දැන් වගේ ලොකුවට අඩුම කුඩුම ගොඩක් පොදි බැදගෙන නෙමෙයි.
තාත්තා අබිමානෙට කියන්නේ “ මම ගෙනාවේ සරමයි බැනියමයි විතරයි බන් “ කියලා.
ඒ ඇවිල්ලා නුවරඑළියේ , දික්ඔයේ., තලවාකැලේ තැනින් තැන කලින් කල පලින් පල ඉදලා හපුතලේට ඇවිල්ලා
අහංගම ව්‍යාපාරිකයෙක් ගාවා වැඩ කරලා .
හපුතලේ ව්‍යාපාරිකයාට විවිධ තැන්වල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් තිබිලා .අවසානයේ බෙලිහුල්ඔය තිබුන එතුමාගේ ව්‍යාපාරක ස්ථානයේ කටයුතු කරමින් ඉන්න ගමන්.
.පුංචි කාමරයක් කුලියට අරන් බුලත් දුම්කොල පුවක් වගේ පුංචි පුංචි දේවල් අළවි කරන්න පටන් ගත්තා.
එතන තමයි තාත්තගේ ඇරඹුම.
අපේ උපත. තාත්තාට අම්මා මුණ ගැහුනා. ගෙවල් දොරවල් හැදුවා වතුපිටි උරුම කරගත්තා අහංගමින් සහෝදරයෝ එක් කරගනවිත් එයාලා ව්‍යාපාරිකයෝ කලා.
අවුරුදු අසු අටක් ආයු විද මිය පරලොව ගියා.
අද තාත්තගේ දරුවෝ රත්නපුර දිස්ත්‍රික්කයේ සී සී කඩ ගිහින් පැල වෙලා. සමහරු ඇමරිකාවේ. තවත් සමහරු ඔස්ට්‍රේලියාවේ.ජාතික තලයේ සමාජ සේවකයෝ ,රාජ්‍ය නිළදාරින් ව්‍යාපාරිකයෝ..
තාත්තට සමවෙන්න අපිට කවදාමවත් බැහැ. තාත්තා විශිෂ්ඨයෙක්.
කාලය ගෙවෙනවා ..වසරින් වසරට
දැන් මම ජීවිතය සැදෑසමයේ.
!doctype>!doctype>
0 comments:
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.