පොල්ගස ලෝක ජනගහනයෙන් 1 /5 ක්ට පමණ නැතුවම බැරිය. පොල් ගස බහු වාර්ෂික වැවිලි බෝගයකි. ඒක බීජ පත්‍ර ශාකයක් වන පොල් ගස ඌෂ්ණ සහ තෙත් නිවර්තන දේශගුණයට ඉතා හොඳින් අනුවර්තනය වී තිබේ. ඉතා උස් බිම් සහිත ප්‍රදේශ හැරුණ විට ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ වල පොල් වගා කෙරේ. පොල් වගාව වැඩිපුරම පැතිරී ඇත්තේ පුත්තලම, කුරුණෑගල, ගම්පහ, කොළඹ හා කළුතර යන දිස්ත්‍රික්කයන් ඇතුළත් වන පොල් ත්‍රීකෝණයෙහිය. මෙය ප්‍රධාන පොල් ත්‍රීකෝණයයි . මීට අමතරව හම්බන්තොට දිස්ත්‍රික්කය ආශ්‍රිතව කුඩා පොල් ත්‍රිකෝණය නමින් පොල් ත්‍රිකෝණයක් හඳුනාගෙන තිබේ. මිද්දෙනිය , රන්න සහ බෙලිඅත්ත එම ප‍්‍රදේශයට අයත් වේ. මුහුදු මට්ටමේ සිට මීටර් 750 ක් පමණ උස ප්‍රදේශ දක්වා වූ බිම්වල පොල් වගා කෙරේ. පොල් ගස හිරු එළියට ප්‍රිය ඝර්ම කලාපීය ශාඛයකි. පොල් ගස හොඳින් වැවීමට පහත සඳහන් සාධක අවශ්ය වේ. සෙල්සියස් අංශක 27 ක සාමාන්ය වාර්ෂික ඌෂණත්වයක් පැවතීම සුදුසුය. පරිසරයේ ආර්ද්රතාවය 80% - 90 % පමණ විය යුතුය. වසර පුරා ඒකාකාරීව පැතිර පවත්වා මිලි මීටර 1500 ක වාර්ෂික වර්ෂාපතනයක් පොල් වගාව සඳහා අවශ්ය වේ. පසේ ආම්ලිකතාවය ර්ථඩ් - 5- 7 ත් අතර අගය මට්ටමක තිබීම පොල් ගසේ වැඩීමට හිතකරය.අෂ්ටිලය යන විද්යාත්මක නාමයෙන් හඳුන්වා දෙන පොල්, වගා කරන ලෝකයේ රටවල් 90 ක් පමණ තිබේ. ලෝකයේ පොල් වගා කළ භූමි ප්‍රමාණය හෙක්ටයාර් දශ ලක්ෂ එකොළහක ( 1, 000,011 ) වපසරියකි. මේ භූමි ප‍්‍රමාණයෙන් අවුරුද්දකට ලබන ඵලදාව ගෙඩි බිලියන 52 කි. ලොව පොල් වගා කරන්නන් අතර හතරවැනි ස්ථානය ලංකාව ලබා ගෙන සිටී.ලංකාව සමග පොල් වගා කරන අනෙක් රටවල් ලෙස ඉන්දුනීසියාව , ඉන්දියාව, පිලිපීනය, මැලේසියාව , පැපුවානිව්ගිනියාව මීට අමතරව සොලමන් දූපත්, තායිලන්තය වියට්නාමය වැනි රටවල්ය. ලංකාවේ පොල් සම්බන්ධයෙන් 2003 ජාත්යන්තර සඟරාවේ මෙසේ සඳහන් වේ. දළ දේශීය නිෂ්පාදනය රු. මිලියන 1.2 ක් පොල් වලින් ලබා ගනී. ලංකාවේ 2003 පමණ වන විට පොල් වගා කර ඇති ප්‍රදේශය හෙක්ටයාර් හාර ලක්ෂ විසි දෙදෙහක් පමණ වේ. ( 422,000 )ශ්රී ලංකාවේ වගා කරන ප්‍රධාන වැවිලි බෝගය ලෙස සැලකෙන පොල් ශ්රී ලාංකිකයන්ට අත්යවශ්ය බෝගයකි. පොල් දෙවැනි වන්නේ හාල් වලට පමණි. ආහාරයේ මේදය සැපයෙන ප්‍රධාන මාර්ගය පොල් වන අතර එය පුද්ගලයෙකුට අවශ්ය මුළු කැලරි ප්‍රමාණයෙන් 22% ක් පමණ වේ. වසරකදී එක් පුද්ගලයෙකු පාවිච්චි කරන පොල් ගෙඩි ප්‍රමාණය 120 - 130 අතර වේ.ලංකාවේ අනෙක් වැවිලි බෝග සමඟ සසඳන විට පොල් වලින් වැඩි දායකත්වයක් රටේ ආර්ථිකයට ලබා දේ. පොල් වලින් දල ජාතික නිෂ්පාදනය 2.6 % වන අතර තේ සහ රබර් වගා වලින් ලැබෙන දායකත්වය පිළිවෙලින් 2.1% සහ 0.5 % වේ. පොල් වලින් විවිධ කර්මාන්ත වලට අමු ද්රව්ය සපයයි. පොල් කර්මාන්තය ආශි‍්‍රතව රැකියා වල නියුතු වන්නන් 400, 000 වඩා වැඩිය.
ශ්‍රී ලංකාවේ පොල් වගාව හා ආශ්‍රීත කර්මාන්තඈත අතීතයේ සිට ම පොල් ගසට වැදගත් තැනක් හිමිව ඇත. විජය කුමාරයාගේ ලංකා ගමන හා සම්බන්ධ කථා පුවත අනුව එකළ තැඹිලි භාවිත කළ බව ජනප්රවාදයේ සඳහන් වේ. ක්රි.පු.56161 ත් 11434 ත් අතර දුටුගැමුණු රාජ්ය කාලයේ පොල් ගස හදුන්වනු ලැබුවේ "මහා රුඛ්" නමිනි. ඈත අතිතයේ සිට ම පොල් මල සෞභාග්යයේ සංකේතයක් ලෙස භාවිත කළ බව ජනප්රවාදයේ සඳහන් වේ. එමෙන් ම පොල් වගාව සඳහා රාජ්ය අනුග්‍රරහය ලැබී ඇති බව ද වංශ කථාවල සඳහන් වේ. පැරණි ශ්‍රී ලංකාවේ ජන ජීවිතය හා සම්බන්ධ තොරතුරු අනුව පොළ් පරිභෝජනය ආරම්භ වන්නේ යාපනය සමයේ සිටය. ලන්දේසි රාජ්ය කළ සමයේ පොල් වගාවට වැදගත් තැනක් හිමිවිය.1258දී ලංකාවෙ වාසයට පැම්නි ලංදේසීහු පොල් සමිබන්ධයෙන් විශේෂ උනන්දූවක් පල කරමින් මාතර සිට හලාවත දක්වා වෙරළබඩ ප්‍රදේශයේ පොල් වගාව ව්‍යාප්ත කළහ. 1670දී ලංදේසීන්ගෙන් බලය ලබා ගත් ඇමරිකන් අය වෙරළබඩ ප්රදේශයේ මෙන්ම බස්නාහිර සහ වයඹ පළාත්වල රට අභ්‍යන්තරයේද පොල් වැවීම ආරර්මභ කළහ. ඔවුහු පොල් වගාවට යට වු අක්කර ප්රමාණය 1860 දී 250000-සිට 1902 වන විට 850000 දක්වා ඉහළ නැංවුහ. පොල් ගෙඩි, කොප්පරා තෙල්, වියලන ලද පොල් කොහු සහ අරක්කුද ඒ කාල වල ප්‍රධාන අපනයන වෙළඳ ද්‍රව්‍යයක් විය.
1880 ගණන් වල සිට 1927දී පමණ පිලිපීනයට තරඟයට එන තෙක්ම පොල් අනයනයේ ඒකාධිකාරය භුක්ති වන්දේ ශ්‍රී ලංකාවය.පොල් වගාව සඳහා අවශ්ය භෞතික සාධක• 20 'C - 27'C අතර උෂ්ණත්වයක් අවශ්යය.• 2000mm-2500mm ත් අතර වාර්ෂික වර්ෂාපතනයක් අවශ්යය.• මීටර 100 වඩා පහත් බිම් හිතකරය.• ලුණු මිශ්ර වැලි පස වඩා හිතකරය.• නමුදු කවර පස් වර්ගයක් වුවද ඒ සඳහා යෝග්යය.ලංකාවේ පොල් වගා කෙරෙන ප්රදේශපොල් වගාව විශාල වශයෙන් ව්යාප්තව ඇත්තේ දිවයිනේ නිරිතදිග පහත් බිමිවලය. වතු වගාවක් ලෙස විශාල පොල් වතු ව්යාප්තව ඇත්තේ පොල්ගහවෙල,අක්කරෙයිපත්තු,' පොල්ගහමුල' නගර සම්බන්ධ කරන ත්රිකෝණාකාර ප්රදේශය තුළය.කොළඹ සිට පිටකොටුව ගෝල්පේස් දක්වා දිවෙන පටු තීරයේත්, මාතලේ, යාපනය යන ප්රදේශවලත් පොල් වගා කෙරේ. එමෙන් ම සෑම දිස්ත්රික්කයක ම ගෙවතු වගාවක් ලෙස ද පුවක් දක්නට ලැබේශ්රී ලංකාවේ පොල් නිෂ්පාදනය හා වෙළඳාමශ්රී ලංකාවේ කෘෂි භූමි ප්රමාණයෙන් 28% ක් පමණ පොල් වගාව සඳහා යොදා ගෙන ඇත. එම භූමි ප්රමාණය හෙක්ටාර 439000 කි. (1988 මහ බැංකු වාර්තා අනුව) පොල් පැළ සිටුවා අවුරුදු පහකින් පමණ අස්වැන්න ලබා ගත හැකිය. එමෙන්ම අවුරුදු පනහත් හැටත් අතර දිගු කාලයක් වුවද පොල් ගසකින් ඵල නෙළා ගැනීමට හැකි වේ. ශ්රී ලංකාවේ පොල් නිෂ්පාදනයෙන් වැඩි කොටසක් දේශීය පරිභෝජනය සඳහා යොදා ගැනේ. ජන සංඛ්යාවේ වර්ධනයත් සමඟ ම ශ්රී ලංකාවේ ගෘහස්ථව කෙරෙන පොල් පරිභෝජනය දිනෙන් දින වැඩි වීමේ ප්රවණතාවක් දක්වයි. පොල් ආශ්රිතව විවිධ නිෂ්පාදනයන් සිදු කරනු ලබන අතර ඒ සඳහා හොඳ වෙළඳපොළක් ද දක්නට ලැබේ. පොල් වගාව නිසියාකාරව කරගෙන ගියහොත් හොඳ ලාභයක් ලැබිය හැකි අතර අපනයන කටයුතු සඳහා ද යෙදිය හැකිය.පොල් ආශ්රිත නිෂ්පාදනපොල් මදය ආශ්රිතපොල් මදය• කොප්පරා• පුන්නක්කු• පිසීමට ගන්නා පොල් තෙල්• හිස තෙල්• සුවඳ සබන්• ෂැම්පු• බිස්කට්• කේක්• නැවුම් පොල් තෙල් (Virgin Coconut Oil)පොල් කටුව ආශ්රිත• හැදිපොල් කටුව• බොත්තම්• සක්රීය කාබන්• මදුරු දඟරකෙඳි ආශ්රිතකොහු කර්මාන්තය• ලණු• කඹ• බුරුසු වර්ග• කොසු• ලණු පැදුරු• විසිතුරු භාණ්ඩපොල් කඳ ආශ්රිතපොල් කදන්• ලී කර්මාන්තය සඳහාපොල් අතු ආශ්රිත• පොල් අතු විවීම සඳහාපොල් ඉරට ආශ්රිත• ඉදල් නිෂ්පාදනය සඳහා• විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය සඳහාපොල් මල ආශ්රිතපොල් මල• විනාකිරි• පැණි• හකුරුශ්රී ලංකාවේ පොල් කර්මාන්තය මුහුණ දෙන ගැටළු [සංස්කරණය]• හෙක්ටයාරයක්න් ලැබෙන ආදායම අඩු වීම.• සංකීර්ණ මිනිස් අවශ්යතා ඉටු කර ගැනීම සඳහා පොල් වගා කළ බිම් යොදා ගැනීම.• පොහොර භාවිතය අඩු වීම.• දේශීය පරිභෝජනයට ගන්නා පොල් ප්රමාණය වැඩි නිසා අපනයනය සඳහා ඉතිර ිවන පොල් ප්රමාණය අඩු වීම.• පළිබෝධ හා කෘමි උවදුරු නිසා පොල් වගාවට හානි පැමිණීම.*පොල් වගා කර ඇති ඉඩම්වලින් අමතර ආදායමක්ලබා ගැනීමට උත්සාහ නො දැරීම.• වෙනත් ආදේශක නිසා විදේශ වෙළඳ පොළේ හොඳ මිළක් නො ලැබීම.මෙවැනි ගැටළු සදහා පොල් වගාව යටතේ අතුරු වගාවක් ලෙස අපනයන කෘෂි භෝග (ගම්මිරිස් , වැනිලා වගාව හදුන්වා දිය හැක ).
2 comments:
ඔබතුමා පොල් අලෙවි මණ්ඩලයේ ඉහල නිලධාරීයෙක්ද
නැත.
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.