රූපවාහිණී විවාද අරුත් සුන් බැවින් ඒ සදහා මගේ විවේක කාලය යෙදවීම නිෂ්ඵල බව මම අවබෝධ කරගෙන ඇත්තෙමි.
හේතූ භූත කාරනා ගැන ගැන කිසිදු අවබෝධයකින් තොරව තම දේශපාලන කදවුරට ආවඩන බහුබූතත් දිග අරින බේගලුත් තමන්ගේ විදග්ධ භාවය පෙන්වන්න කැඩපතයන් බව මේ මෝඩයෝ නොසිතන්නේය.
පසුගිය දිනක තෙල් ගැන කතා කරන්න ගොස් තෙලෙන් අප බදින්නට උත්සහා කල ලක්මාලී හේමචන්ද්‍ර යින් ,
"සංස්ථාව පටන් ගත්ත දා සිට එක ලීටරයක තෙල් ටැංකියක්වත් හැදුවේ නෑ"යයි තහවුරු කරන්නට උත්සහා කලේය .
මුඛරි කටක් හිමි ඇයට සවන් දීමට මේ ටිකත් බලමු.
සිරිමාවෝ බණ්ඩාරනායක යුගය (1961 - 1962)
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) ආරම්භය:
එතෙක් විදේශීය සමාගම් (Shell, Caltex, Mobil) සතු වූ තෙල් ඒකාධිකාරය බිඳ දමමින් 1961 දී සංස්ථාව පිහිටුවා 1962 දී වැඩ ඇරඹීය. එකල තිබුණේ කොලොන්නාව වැනි සීමිත ගබඩා කිහිපයක් පමණි. නමුත් සංස්ථාව ආරම්භ කළ විගස දිවයින පුරා ඉන්ධන බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ප්‍රාදේශීය ගබඩා (Bulk Depots) 12 කට අධික ප්‍රමාණයක් අලුතින් ඉදිකිරීම ඇරඹීය.
ඩඩ්ලි සේනානායක යුගය (1969)
සපුගස්කන්ද පිරිපහදුව සහ දැවැන්ත ටැංකි පද්ධතිය:
ලක්මාලි පවසන පරිදි අලුතින් ටැංකි හැදුවේ නැත්නම්, 1969 දී සපුගස්කන්ද පිරිපහදුව ඉදිකරන විට ඒ වටා ඉදිවූ දැවැන්ත බොරතෙල් සහ නිමි තෙල් ටැංකි 40 කට අධික ප්‍රමාණය අහසින් පාත් වූ ඒවාද? මෙරට වැඩිම ඉන්ධන ධාරිතාවක් අදටත් රඳවා ගන්නේ එදා ඉදිකළ මේ ටැංකි පද්ධතිය තුළයි.
චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ රනිල් වික්‍රමසිංහ යුගය (2002 - 2004)
මුතුරාජවෙල විප්ලවය සහ Lanka IOC:
• මුතුරාජවෙල පර්යන්තය: 2004 දී විවෘත වූ මුතුරාජවෙල පර්යන්තය යනු මෙරට දෙවන විශාලතම තෙල් ගබඩා සංකීර්ණයයි. මුහුද මැද සිට නල මාර්ග හරහා තෙල් ලබාගත හැකි අතිනවීන ටැංකි 16 ක් මෙහි ඉදිකෙරිණි.
• Lanka IOC පැමිණීම (2003): රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන කාලයේදී ඉන්දියානු තෙල් සමාගම මෙරටට ගෙන්වා, ත්‍රිකුණාමලයේ අතහැර දමා තිබූ චීන වරාය ටැංකි සංකීර්ණයෙන් කොටසක් අලුත්වැඩියා කර ධාරිතාව වැඩි කළේය.
මහින්ද රාජපක්ෂ යුගය (2010 - 2014)
හම්බන්තොට (මාගම්පුර) තෙල් පර්යන්තය:
හම්බන්තොට වරාය ආශ්‍රිතව තෙල් ටැංකි 14 ක් සහිත දැවැන්ත ගබඩා පද්ධතියක් ඉදිවිය.
5. රනිල් වික්‍රමසිංහ යුගය (2022 - 2024) -
ලිබරල්කරණය සහ ඩොලර් වාසිය:-
ආර්ථික අර්බුදය හමුවේ රනිල් වික්‍රමසිංහ මහතා ගත් තීරණාත්මක පියවරක් වූයේ ලෝකයේ දැවැන්ත තෙල් සමාගම්වලට ලංකාවේ දොරගුළු විවර කිරීමයි.
• Sinopec (චීනය):
හම්බන්තොට සහ මුතුරාජවෙල ගබඩා පහසුකම් භාවිතා කරමින් ඔවුන් අද මෙරට ඉන්ධන සැපයුම සහතික කරයි.
• RM Parks (ඇමරිකාව) සහ United Petroleum (ඕස්ට්‍රේලියාව):
මෙම සමාගම් හරහා මෙරටට ලැබුණු විශාලතම වාසිය නම්, රජය සතු ඩොලර් සංචිතය වැය නොකර එම සමාගම්වල ඩොලර් වලින්ම තෙල් ගෙන්වා මෙරට ඉන්ධන පෝලිම් නැති කිරීමයි.
• ඩොලර් වාසිය:
මෙම සමාගම් පැමිණීම නිසා මාසිකව රජයට ඉන්ධන ගෙන්වීමට වැය වන ඩොලර් මිලියන 500 කට අධික බරින් කොටසක් නිදහස් විය. මෙය රටේ රුපියල ස්ථාවර වීමට සෘජුවම බලපෑවේය.
ලක්මාලිට "හුංඩුවකින්" සංග්‍රහයක් .
ලක්මාලි හේමචන්ද්‍ර "සංස්ථාව පටන් ගත්ත දා සිට එක ලීටරයක්වත් හැදුවේ නෑ" කියන්නේ ඈ දත්ත කියවීමට ඇති අකමැත්ත නිසා විය යුතුය.
• සංස්ථාව ආරම්භයේ තිබූ ධාරිතාවට වඩා දහස් ගුණයක ධාරිතාවක් අද වන විට සපුගස්කන්දේ සිට හම්බන්තොට දක්වා විහිදී තිබේ.
• ඇය කියන විදිහට, ලංකාවත් ඇය වගේම හිස පවා දමන්න පුළුවන් "හුඹස්" නම්, රටේ ලක්ෂ සංඛ්‍යාත වාහන දුවන්නේ ඇයගේ බේගල් වලින්ද ? .
1961 සිරිමාවෝ මැතිණියගේ සිට රනිල් වික්‍රමසිංහයන් දක්වා සියලු පාලකයින් මෙරට ඛනිජ තෙල් ගබඩා පද්ධතිය කාලයට සාපේක්ෂව පුළුල් කළ බව අමුතුවෙන් කිව යුතු නැත.
කීර්ති තෙන්නකෝන් ගේ වියමනකින්.
A day in the life

0 ප්‍රතිචාර:
Post a Comment