ගොඩක් කල් බොන්න හොඳ නැහැලු නේද ?
වකුගඩු නරක් වෙනවා නේද ?
අන්තිමට දාපු පෝස්ට් එකෙන් පස්සෙ සෑහෙන දෙනෙක් ප්‍රෙඩ්නිසිලෝන් ගැන අහපු හන්දා අද ඒ ගැන ලියන්න හිතුණා...
අන්තිමට දාපු පෝස්ට් එකෙන් පස්සෙ සෑහෙන දෙනෙක් ප්‍රෙඩ්නිසිලෝන් ගැන අහපු හන්දා අද ඒ ගැන ලියන්න හිතුණා...
ප්‍රෙඩ්නිසිලෝන් prednisilon කියන්නේ සරලවම කීවොත් කොටිකෝස්ටෙරොයිඩ් වර්ගයේ ඖශධයක්.
මේකෙන් කරන්නේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රිකාකාරිත්වය අඩුකර දමන එක.
ඇඟට ඇලජික් එකක් ආවාම, ආතරයිටිස් රෝග, හතිය, නෙප්‍රොටික් සින්ඩ්‍රෝම් වැනි වකුගඩුරෝග, අසාමාන්‍ය ලෙස මළපහ යෑම්, සමහර සමේ රෝග, සමහර පිළිකා තත්ත්ව වැනි ඇතැම් රෝගාබාධ වලදී ශරීරගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය අධික්‍රියාකාරිත්වයකට පත්වනවා.

මෙවන් අවස්තාවලදී එම රෝගීතත්වය සමනය වනතුරු පෙරකී අධික්‍රියාකාරී තත්ත්වය අඩුකරතබා ගැනීමට ප්‍රෙඩ්නිසිලෝන් වැනි ස්ටෙරොයිඩ් ඖශධ රෝගීන් හට ලබා දීම සිදුවනවා.
අතුරුආබාධ ගැන කිවහොත්
1. බර වැඩිවීම , විශේශයෙන් ම මුහුණ මහත්වීම උදරය නෙරා ඒම සිදුවෙයි.
2. ආහාර රුචිය වැඩිවීම
3. ගැස්ට්‍රයිටිස් වැඩිවීම
4. කුරුලෑ ඇතිවීම කිව හැකියි .
මීට අමතරව ප්‍රෙඩ්නිසිලෝන් දිගුකාලීන භවිතයේ දී
1. සම තුනිවීම
2. අස්ථි දුර්වලවීම
3.මානසික ප්‍රශ්න ඇතිවීම (mood changes)
4.ප්‍රෙශර් සහ දියවැඩියාව ඇතිවීම
5. ඇස්වල සුද ඇතිවීම
6. ප්‍රතිශක්තිකරණය දුර්වල නිසා ආසාදන ඇතිවීමේ අවධානම වැඩිවීම සිදුවිය හැකියි.
මේ හේතූන් නිසාම දිගුකාලීනව ප්‍රෙඩ්නිසිලෝන් ලබාදීමේදී රෝගියාගේ දියවැඩියා තත්ත්වය , අස්ථිවල තත්ත්වය වැනි බොහෝ කාරණා ගැන සැළකිලිමත් වියයුතු වනවා වගේම නිරතුරුවම එම තත්ත්වයන් අඩුවැඩි වීම ගැන පරීක්ෂා කළයුතු වනවා.
ඔබ දැනටමත්
1. අධිරුධිර පීඩනයට
2. දියවැඩියාවට
3. ගැස්ට්‍රයිටිස් වලට
4. සාමාන්‍ය වකුගඩු නරක්වීමට
5. ක්ශයරෝගයට
ප්‍රතිකාර ලබන අයෙක් නම් ප්‍රෙඩ්නිසිලෝන් ( සහ එම කාණ්ඩයේ වෙනත් ඖශධ ඉතා සැළකිල්ලෙන් ලබාදියයුතු වනවා.
එසේම විශාල ප්‍රෙඩ්නිසිලෝන් මාත්‍රාවක් ලබාගන්නා අයෙකුගේ එම ඖශධය එක්වරම නැවැත්වීම ද සිදු කරන්නේ නැහැ. එවිට අධිවෘක්ක ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වයේ ප්‍රශ්න ඇතිවන නිසා ප්‍රෙඩ්නිසිලෝන් මාත්‍රාව ක්‍රමයෙන් අඩුකර දැමීම සිදු කරනවා.
ක්‍රියාකාරිත්වය අඩු වැඩි වන ඩෙක්සමෙතසෝන්, මෙතිල් ප්‍රෙඩ්නිසිලෝන් , බීටාමෙතසෝන් වැනි ප්‍රෙඩ්නිසිලෝන් කාණ්ඩයේ වෙනත් ඖශධ ද තිබෙනවා.
ඉතින් ඔබත් ප්‍රෙඩ්නිසිලෝන් හෝ එම කාණ්ඩයේ වෙනත් ඖශධයක් ලබාගන්නා කෙනෙක් නම් වෛද්‍ය උපදෙස් මත පමණක් ලබාගන්නා මෙන් මා ඔබට මතක් කරසිටිනවා.
එසේම කිසිවිටෙකත් මේවා එක්වරම නවත්වාදැමීම සිදු කරන්නත් එපා.
ඇඟේපතේ අමාරුවට ගමේ කඩෙත් ගන්න තියෙන එක්තරා කුඩු පැකට් එකක ප්‍රෙඩ්නිසිලෝන් තිබේදැයි ප්‍රශ්නයක් තිබුණා. මා ඒ ගැන සොයාබැලීමක් කළා.
ඇඟේපතේ අමාරුවට ගමේ කඩෙත් ගන්න තියෙන එක්තරා කුඩු පැකට් එකක ප්‍රෙඩ්නිසිලෝන් තිබේදැයි ප්‍රශ්නයක් තිබුණා. මා ඒ ගැන සොයාබැලීමක් කළා.
නමුත් මට එය තහවුරු කිරීමක් කළ නොහැකියි. හොඳම වැඩේ දිනපතා එම පැකට් එක බොන්නෙ නැතුව ඉන්න එක...
ඇති නේද අදට...
ඇති නේද අදට...
පෝස්ට් එක හොඳයි නම් තව කෙනෙක්ට බලන්න share කර ගෙන ම යන්න.
මේ වගේ තව පෝස්ට් කියවන්න follow කරන්න මගේ facebook page එක,
ඩොකාගේ ඩයරිය.
මං වෛද්‍ය නවෝද් කුමාරසිංහ SHO Surgery , BH Elpitiya
A day in the life
මං වෛද්‍ය නවෝද් කුමාරසිංහ SHO Surgery , BH Elpitiya
A day in the life
0 ප්‍රතිචාර:
Post a Comment