ගොඩක් අය නොදන්න දෙයක් තමයි ලංකාවට දකුණෙන් ඉන්දියන් සාගරයේ පිහිටා තිබෙන දියේගෝ ගාර්ෂියා දූපතේ ඇමරිකානු හමුදා කඳවුරක් තියෙන බව. ඉන්දියන් සාගරයේ යාත්‍රා කරන ඇමරිකානු නාවික යාත්‍රාවලට සහය ලබා දීම වගේම ඉන්දියන් සාගර කළාපයේ බලය තහවුරු කිරීම තමයි දියේගෝ ගාර්ෂියා ඇමරිකානු හමුදා කඳවුර ස්ථාපිත කිරීමේ ප්‍රධාන අරමුණ වෙන්නේ.
දියේගා ගාර්ෂියා කියන්නේ ඉන්දියන් සාගරය මධ්‍යයේ පිහිටා ඇති චාගෝස් කියන සුන්දර කුඩා දූපත් සමූහයේ පිහිටා ඇති උපාය මාර්ගිකව වැදගත් දූපතක්. 1971 වෙන තෙක් මේ දූපත්වල ස්වදේශිකයන් ජීවත් වුණා. මේ දූපත් අයිතිකරගත්ත බ්‍රිතාන්‍යය හා එක්ව ඇමරිකාව 1971දි මේ දූපත්වලින් ස්වදේශියකයන් එලවා දමලා හමුදා කඳවුරක් ස්ථාපිත කළා. දැනට ඒ හමුදා කඳවුරේ 4000ක පමණ ඇමරිකානු භටයන් සිටින බව තමයි දැනගන්නට ලැබෙන්නේ.
දැනටත් ඉන්දියන් සාගරයේ යාත්‍රා කරන ඇමරිකානු යාත්‍රාවලට ප්‍රධාන නාවුක සහය හිමිවන්නේ දියේගෝ ගාර්ෂියා කඳවුරෙන් තමයි. එතකොට සබ්මැරීන් ආවේ කොහොමද කියලා අමුතුවෙන් අහන්න එපා. අන්තර්ජාතික මුහුදු කලාපයේ ඔය කොයි බලවතාගේ යාත්‍රාත් නිතරම යාත්‍රා කරනවා. ඒ ගැන ලෝකයට කිය කිය ඉන්නෙ නැහැ.
මේ දියේගෝ ගාර්ෂියා දූපත්වලට සැපයුම් දීම සඳහා ඒ කියන්නේ මූලිකව ආහාර පාන ලබා දීම සඳහා ගුවන් සේවයක් ක්‍රියාත්මක වෙනවා. මේ සඳහා නිතර ගමන් ගන්නේ දැවැන්ත බෝයි යානයක්. මේ යානය කටුනායක නැවැත්වීමෙන් පසුව රට හරහා දකුණට පියාසර කරන අන්දම ගුවන් යානා බලන ඇප් පාවිච්චි කරන අයට නම් අමුතු දෙයක් නෙමෙයි.
ඉන්දියන් සාගර කළාපයේ සිදුවන ඕනෑම යුදමය ක්‍රියාවකදී දියේගෝ ගාර්ෂියාහි ස්ථාපිත කර ඇති යාත්‍රා මෙහෙයුම් සඳහා කැඳවීමේ හැකියාව ඇමරිකාවට තියෙනවා. මීට අමතරව සමුද්‍රීය පූර්ව ස්ථානගත කිරීමේ නැව් බලඝණය, කඳවුරේ සෞඛ්‍ය සායනය, නාවික පරිගණක සහ විදුලි සංදේශ ස්ථානය, නාවික ජංගම ඉදිකිරීම් බලඇණිය, මෙහෙයුම් සහාය පහසුකම් සහ බලඇණි සැපයුම් මධ්‍යස්ථානය ලෙසත් දියේගෝ ගාර්ෂියා කඳවුර ක්‍රියාත්මක වන බව ඇමරිකාව ප්‍රකාශ කර තිබෙනවා.
විශේෂයෙන් ඔය අන්තිමට කියපු දෙක හරිම වැදගත් හොඳේ. ඒ කියන්නේ මෙහෙයුම් සහාය පහසුකම් සහ බලඇණි සැපයුම් මධ්‍යස්ථානය ලෙස ක්‍රියාත්මක වීම කියන එක.
ඉන්දියන් සාගරයේ විතරක් නෙමෙයි, ලෝකයේ බොහෝ උපාය මාර්ගික ස්ථාන අත්පත් කරගනිමින් හමුදා කඳවුරු ස්ථාපිත කරන්න ලෝක බලවතුන් කටයුතු කරනවා. සහ කරමින් ඉන්නවා. ඇමරිකාව සෞදිය ඇතුළු මැදපෙරදිග රටවල් බහුතරයක් හමුදා කඳවුරු ස්ථාපිත කර තැබීම ඊට උදාහරණයක් වශයෙන් දක්වන්න පුළුවන්. ඉන්දියන් සාගරය වෙනුවෙන් ඔවුන් දියේගෝ ගාර්ෂියා දූපත තෝරා ගත්තා.
එතකොට ලෝකයේ අනික් බලවතුන් ගැන මොකද?
ඔව්. තවත් බලවතුන් බිහිවෙද්දි ඔවුන්ටත් මේ උපාය මාර්ගික ස්ථානවල හමුදාව ස්ථාපිත කිරීමේ වැදගත්කම තේරෙන්න ගත්තා.
විශේෂයෙන් අපි දන්නවා ඉදිරියේදී ඒ කියන්නේ නුදුරු අනාගතයේදීම ඇමරිකාව සතු ගෝලීය බලය චීනය වෙත විතැන් වීමේ වැඩි හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ චීනය අත්පත් කර ගනිමින් සිටින ආර්ථික බලය හමුවේ ඇමරිකානු ආර්ථික බලය බිඳවැටෙමින් තියෙනවා කියන එකයි. ඒ ගැන දන්න අය දන්නවා.
එතකොට චීනය.

ඔව්. චීනය ක්‍රමයෙන් ලෝකය පුරා තම බලය විහිදුවමින් ඉන්නවා. එතනදි චීනයටත් අවශ්‍ය වෙනවා උපාය මාර්ගික ස්ථානවල බලය ස්ථාපිත කරගන්න. චීනයත් එවැනි උපාය මාර්ගික ස්ථාන අත්පත් කරගන්න කටයුතු කරනවා.
ඉන්දියන් සාගරයේ පිහිටා ඇති හොඳම උපායමාර්ගික රට තමයි ලංකාව.
පෝට් සිටියේ වගේම හම්බන්තොට වරායෙත් වැදගත්කම වගේම අපට හයිවේ හදන්න ණය දීගෙන නැටුවේ ඇයි කියන එකේ හොඳම යටි අරමුණ දැන් තේරෙනවද?
....................
ඡායාරූප
1. දියේගෝ ගාර්ෂියා දූපත
2. දියේගෝ ගාර්ෂියා දූපත ලෝක සිතියමේ දැක්වෙන අන්දම
3. දියෝගෝ ගාර්ෂියා දූපත ආශ්‍රිතව සබ්මැරීන් සඳහා සැපයුම් දෙන ඇමරිකානු නාවික යාත්‍රාවක් - මේ ඡායාරූපය උපුටා ගත්තේ Asia Maritime Transparency Initiative කියන වෙබ් එකෙන්. මේ ලිපිය පළ වෙලා තිබුණේ 2023 වසරේදී. ඒ ලිපිය මගින් සාකච්ඡා කරලා තිබුණේ දියේගෝ ගාර්ෂියාහි සිදුවන ඇමරිකානු හමුදා ක්‍රියාකාරකම් ගැන ඉන්දියාව අසතුටින් සිටින බවයි.

-
සමනලි මදාරා හෙට්ටි ආරච්චී
A day in the life
0 ප්‍රතිචාර:
Post a Comment