ඉංග්‍රීසි භාෂාව හොඳින් ප්‍රගුණ කර සිටියත් තම රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලදී එය භාවිතා නොකරන ලොව සිටින ප්‍රමුඛතම රාජ්‍යතාන්ත්‍රිකයා වන්නේ රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්‍රෝව්. ඔහු රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලදී භාෂා පරිවර්තකයෙකු යොදා ගන්නවා. ඔහුට ඉංග්‍රීසි බසට අමතරව සිංහල බසත් හොඳින් හැසිරවිය හැකියි.
චීන විදේශ ඇමතිවරයාත් තම රාජකාරී කටයුතුවලදී ඉංග්‍රීසි භාවිතා කරන්නේ නැහැ. ඔහුටත් ඉංග්‍රීසි බස හොඳින් පුළුවන්. ඔහු නමුත් නිල කටයුතුවලදී නිතරම මැන්ඩරින් බස භාවිතා කරනවා.
ඊට අමතරව වියට්නාමය, තායිලන්තය, සෞදි අරාබිය, ඉරානය වැනි රටවලත් විදේශ ඇමතිවරුත් තම මව් භාෂාවෙන් රාජ්‍යතාන්ත්‍රික කටයුතු කරනු ලබනවා.
තම මව් භාෂාව නොවුනත් හොඳින් ඉංග්‍රීසි භාෂාවෙන් රාජ්‍යතාන්ත්‍රික කටයුතු කරන විදේශ ඇමතිවරුන් ගැන කතා කරද්දි ඉහලින්ම සිටින රටක් ලෙස ශ්‍රී ලංකාව අතීතයේ සිටම නම් දරා තිබෙනවා. ඉන්දියාවත් මේ ලැයිස්තුවේ ඉහලින් සිටිනවා.
නිදහස් ලංකාවේ පළමු විදේශ ඇමති වුණේ DS සේනානායක, ඉන් පසුව ඩඩ්ලි, ජෝන් කොතලාවල, SWRD බණ්ඩාරනායක, විජයානන්ද දහනායක, සිරිමාවෝ බණ්ඩාරනායක සහ ජේ.ආර්. ජයවර්ධන විදේශ ඇමතිවරුන් ලෙස පත්වුණා. පළමු වරට රජයේ ප්‍රධානියා නොවන්නෙකු ලෙස විදේශ ඇමති බවට වුණේ ACS හමීඩ්. ඉන් පසුව රන්ජන් විජේරත්න, හැරල්ඩ් හේරත්, ලක්ෂ්මන් කදිරගාමර්, ටිරෝන් ප්‍රනාන්දු, අනුර බණ්ඩාරනායක, මංගල සමරවීර, රෝහිත බෝගොල්ලාගම, GL පීරිස්, දිනේෂ් ගුණවර්ධන, රවී කරුණානයක, මොහමඩ් අලි සබ්‍රි සහ විජිත හේරත් මෙරට විදේශ ඇමතිවරුන් බවට පත්වුණා.
සාමාන්‍යයෙන් ලෝකයේ රාජ්‍යතාන්ත්‍රිකයන් ඕනෑම අප්‍රසිද්ධ රටක් ජාත්‍යන්තර තලයේදී හඳුනා ගන්නේ විදේශ ඇමති ධූරයෙන්. විදේශ ඇමතිවරයා එම රටේ මුහුණුවර ලෙස බොහෝ විට කටයුතු කරනවා. ඔහුට හෝ ඇයට පුළුවන් හුණ්ඩුවක් වැනි රටක් වුණත් මහාද්වීපයක් කරන්න.
මෑත ඉතිහාසයේ ආසියාවේ බිහි වූ කීර්තිමත් විදේශ ඇමතිවරයෙක් ලෙස ලක්ෂ්මන් කදිරගාමර්ගේ නම සඳහන් කළ හැකියි. දැවැන්ත LTTE ප්‍රචාරණ යාන්ත්‍රනයට එරෙහිව තම රාජ්‍යතාන්ත්‍රික කැරිස්මාව භාවිතා කිරීමට ඔහුට හැකිවුණා. ඔහු සම්ප්‍රදායික දේශපාලඥයෙක් නොවුණත් චන්ද්‍රිකා කල් ඇතිවම ඔහුට එම ධූරය සඳහා ආරාධනා කර තිබුණා.
ජේ.ආර්ගේ රජයේ විදේශ ඇමති ධූරය හෙබවූ හමීඩ් මහා උගතෙකු නොවෙයි. ඔහු ඉංග්‍රීසි ගුරුවරයෙක්. එහෙත් දැන් ඒ ආදර්ශය අරන් ඉංග්‍රීසි ගුරුවරයෙක් විදේශ ඇමති කළොත්නම් මාතර අපිත් ඉවරයි.
රෝහිත බෝගොල්ලාගම මහතා පිළිබඳව විවේචන තිබෙන්නේ ඔහු දැරූ වියදම් සම්බන්ධයෙන් මිස ඔහුගේ රාජ්‍යතාන්ත්‍රික භාවය පිළිබඳව නොවෙයි. යුද්ධයේ උච්චතම කාලයේ ඔහු ලෝකය හමුවේ සාර්ථක රාජ්‍යතාන්ත්‍රික මෙහෙවරක් කළා. විදේශ ඇමතිට පෙට්ටි කඩවලින් කාලා සමුළු ඇමතීමට නොහැකි බවයි ඔහුගේ මතය වුණේ.
රටක විදේශ ඇමතිවරයෙක් යනු ජාත්‍යන්තර සමුළුවලදී අතට අත දීම, කෙටි කතා බහ, සංග්‍රහ භුක්ති විඳීම් සහ ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ තම පාක්ෂිකයන්ට දැනුම් දීමෙන් ඔබ්බට ගොස් බැරෑරුම් ලෙස තම රාජ්‍ය ප්‍රතිපත්තිය තර්කානුකූලව ලෝකය හමුවේ ගෙනහැර පාන්නෙකු විය යුතුයි.
රටක් සාමාන්‍යකරණය වූ පසුබිමක මෙය එතරම් දැනෙන්නේ නැහැ. නමුත් යුද්ධයක් හෝ ආර්ථික අවගමනයක් වැනි අර්බුධකාරී පසුබිම්ක ලෝකය හා ගනුදෙනු කිරීමටනම් ඉතා උපායමාර්ගික ප්‍රවේශයක් අනුගමනය කළ යුතුයි.
විදේශ ඇමතිවරයෙකුට පමණක් නොව රාජ්‍ය නායකයෙකුට වුණත් මාධ්‍ය සාකච්ඡාවකට ආරාධනාවක් ලැබෙන විට අදාළ මාධ්‍යවේදීන් සමඟ පූර්වයෙන් සම්බන්ධ වී ඔවුන් අසන ප්‍රශ්න පිළිබඳව දැන ගැනීමට ඕනෑම රටකට අයිතියක් තිබෙනවා. එකී ප්‍රශ්නවලට ලබා දිය යුතු පිළිතුරු සකස් කරන්නේ නිලධාරීන්. ලබා දී තිබූ ප්‍රශ්ණවලට අමතරව වෙනත් ප්‍රශ්ණ ඇසුවොත් ඊට පිළිතුරු ලබා නොදී සිටීමේ අයිතිය අදාල රාජ්‍යතාන්ත්‍රිකයන්ට තිබෙනවා. එසේම ඇසිය යුතු ප්‍රශ්ණ ඇත්නම් ඒවා ලබා දීමට පවා ඔවුන්ට හැකියි. එය ලැජ්ජාවට කාරණයක් නොවෙයි.
ඊට අමතරව රාජ්‍යතාන්ත්‍රික නිල්ධාරීන් තවත් ලෙසකින් මෙවැනි කටයුතුවලදී මැදිහත් වෙනවා. අදාළ වැඩ සටහන මෙහෙයවන මාධ්‍යවේදීන් මුණගැසී තම රටේ රාජ්‍ය නායකයා හෝ රාජ්‍යතාන්ත්‍රිකයාගේ ස්වභාවය පිලිබඳව සාකච්ඡා කරනවා. දක්ෂ නිල්ධාරීන් සිටීනම් එකී මාධ්‍යවේදීන් සමඟ විස්කි බෝතලයකින් හෝ සප්පායම් වී පූර්ව එකඟතා ඇති කර ගන්නවා.
කවුරු හරි හිතනවානම් ඉංග්‍රීසි භාෂාව චතුරව කතා කරන පුද්ගලයෙක් පුටුවේ ඉන්දවීමෙන් පමණක් රටේ විදේශ ප්‍රතිපත්තිය ලෝකයට ගෙනයන්න හැකියි කියා ඇත්‍තටම එය මුලාවක්. ශේක්ෂ්පියර්ගේ ඉංග්‍රීසියෙන් විකාර කියනවාට වඩා සරල ඉංග්‍රීසියෙන් රටේ ප්‍රතිපත්තිය කීම හොඳයි.
භාෂා දැනීම, අධ්‍යාපනය පමණක් නොවේ. ඇසූ පිරූ තැන්, නිතර පොත්පත් කියවීම, දේශපාලන අත්දැකීම් මෙන්ම ඉතිහාසය හා භු දේශපාලනික දැනීම විදේශ ඇමතිවරයෙකුට පමණක් නොව ඕනැම රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකුට අතිශයින් වැදගත්. එසේම රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා හොඳින් තිබෙනවානම්
එය ඔහු නියෝජනය කරන රටට ප්‍රයෝජනවත්.
ට්‍රම්ප්ගේ පළමු ධූර කාලයේදී ඉරානයේ විදේශ ඇමති ධූරය දැරුවේ මොහම්ඩ් ජවාඩ් ශරීෆ්. ඔහු එක්සත් ජනපදයේ උසස් අධ්‍යාපනය ලැබූ විශිෂ්ඨ රාජ්‍යතාන්ත්‍රිකයෙක්. ඔහුත් සමඟ මතවාදීව හැප්පෙන්න ට්‍රම්ප්ට බැරි වුණා. ඇමෙරිකානු දේශපාලන හා ඉතිහාසය ගැන ට්‍රම්ප්ට ඉංග්‍රීසියෙන්ම උගන්වන්න තරම් දැනුමක් ඔහු සතුයි. ඒ නිසා ජවාඩ් නිව්යෝර්ක් නගරයට පැමිණීමම ට්‍රම්ප්ට හිසරදයක් වුණා. ට්‍රම්ප්ට ඒ කාලෙ ජවාඩ්ව දෑහැට පෙන්නන්න බැහැ. ඒත් ඔහුට කරන්න දෙයක් තිබුණෙත් නෑ.
ශ්‍රී ලංකාව ගැන යම් ද්වේශකින් පසුවන මෙහෙදි හසන් වැනි මාධ්‍යවේදීන් වෙනයි. පල්කි ශර්මා වැනි මාධ්‍යවේදීන් වෙනයි. පල්කි ශර්මා කීර්තිමත් මාධ්‍යවේදිනියක් මෙන්ම නම්‍යශීලී තැනැත්තියක්. ඇය මෙහෙදි හසන් මෙන් ආක්‍රමණ ශීලී මාධ්‍යවේදියෙක් නෙවෙයි.
අප කිසිවෙක් සර්වතෝබද්‍රයන් නෙවෙයි. අප දන්නා දේට වඩා නොදන්නා දේ වැඩියි. අවශ්‍යම කරුණු අමතක වෙන්න පුළුවන්, මඟ හැරෙන්න පුළුවන්. අනවශ්‍ය දෙයක් කියවෙන්න පුළුවන්. ඒ නිසා තමයි පූර්වයෙන් සූදානම් විය යුත්තේ.
ඩොනල්ඩ් ට්‍රම්ප් වුණත් බොහෝ විට කතා කරන්නේ ටෙලි ප්‍රොම්ටරය බලාගෙන. ඒ වගේම මාධ්‍ය සාකච්ඡාවකට වුණත් උන් හිටි ගමන් යන්න හොඳ නැහැ. හොඳට Homework කරල යන්න ඕනෑ. රාජ්‍යතාන්ත්‍රික යාන්ත්‍රණය තුළ ශිෂ්ඨ සම්පන්න මාධ්‍යකරුවන් අහඹු ප්‍රශ්ණවලින් දමා ගසන්නේ නැහැ. ඔවුන් වොයිස්කට් මාධ්‍යකරුවන් නෙවෙයි. විශේෂයෙන් පල්කි ශර්මා වැන්නවුන්. පූර්ව එකඟතා කඩ කරන්නේනම් ප්‍රශ්ණ මඟහැර සිටීමට අපට පුළුවන්. එය රටේ කීර්තිය පිළිබඳව ප්‍රශ්ණයක්.
සාමාන්‍යයෙන් රටක විදේශ ඇමතිවරයෙකු අපහසුතාවයකට පත්වුණොත් ඔහු පහුවදා ඉවත් කිරීම නුසුදුසුයි. ඊට කාලයක් කැප කරන්න වෙනවා. මෙහිදී අනුගමනය කළ යුත්තේ Pilot Theory. ගුවන් යානයක් පැදවීමේදී අසාර්ථක වුණොත් එය නොසළකා අධීක්ෂණයක් යටතේ ඔහුට ඊ ළඟ ගුවන් ගමන ලබා දෙනවා.
හිතවත් ජාත්‍යන්තර මාධ්‍යවේදියෙකු කැඳවා ඔහුට ප්‍රශ්ණ ලබා දී වඩාත් සංවිධානාත්මක ලෙස ලෝකය හමුවට යන්න ඕනැම රටකට පුළුවන්.
මෙය කිසිසේත්ම දේශපාලන කෝණයකින් ලියූ ලිපියක් නෙවෙයි. ඒත් ඉන්දියානු විදේශ ඇමති S. ජයසංකර් පසුගියදා පල්කි ශර්මාගේ ප්‍රශ්නයකට උත්තර දුන් ආකාරය ගැන යමක් කිව යුතුයි.
ශ්‍රී ලංකා විදේශ ඈමතිවරයා ජාත්‍යන්තර නීතියට අනුව කටයුතු කරන බව පුන පුනා පැවසීමෙන් පසු ඊළඟ ප්‍රශ්නය යොමු වුණේ ජයසංකර්ට. ඔහු පිළිතුරු දුන්නේ මෙහෙමයි.
"I too suport international law"
එයින් ඔහු මුළු සභාවම සිනහ ගැන්වුවා. එපමණක් නොවෙයි ශ්‍රී ලංකා විදේශ ඇමතිවරයාගේ මතයෙහි තමන්ද කොටස් කාරයෙකු බව පෙන්නුම් කළා. ඊට පෙර සභාවෙහි තිබූ ප්‍රතිචාරය ඉතා සූක්ෂ්මව තමන් වෙතද යොමු කර ගැනීමෙන් ඔහු පෙන්නුම් කළේ රාජ්‍යතාන්ත්‍රික ක්ෂේත්‍රයේ කලාපීය ජ්‍යෙෂ්ඨයෙකුගේ ලක්ෂණ. ඔහු තම රටේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව නිරවුල්ව දීර්ඝ පැහැදිලි කිරීමක් කළේ ශ්‍රී ලංකා විදේශ ඇමතිවරයාව ආරක්ෂක කවයකට කාටවත් නොදැනී ඇතුළු කිරීමෙන් පසුවයි. එය කාටවත් සරලව අහුවෙන තැනක් නොවෙයි.
සම්ප්‍රදායික දේශපාලනඥයන් පැමිණෙන්නේ පවතින සමාජ ස්ථරයෙන්ම බව අප අමතක නොකළ යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අපි ඔවුන්ව බලයට පත්කරන්නේ හැකියාවන් සහ අඩුපාඩු නොදැන නොවෙයි. බොහෝ රටවල ප්‍රමාණික විද්වතුන් දේශපාලනයට කැඳවීමට ක්‍රමයක් තිබෙනවා. ඉන්දියාවේ ජයසංකර් මහතා ආණ්ඩුවට එන්නේ මහජන ඡන්දයෙන් නොවෙයි. ඔහු ඉන්දියාවේ හිටපු විදේශ ලේකම්වරයායි.
ශ්‍රී ලංකාවේත් ජාතික ලැයිස්තුව හඳුන්වා දී ඇත්තේ ඒ නිසයි. ලක්ෂ්මන් කදිරගාමර්, අලි සබ්‍රි වැන්නන් පාර්ලිමේන්තුවට ආවේ ජාතික පදනමින්.ආරක්ෂක හා ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් මෙන්ම අත්දැකීම් සහිත රාජ්‍යතාන්ත්‍රිකයන් ද ජාතික ලැයිස්තුවෙන් පාලනයට සම්බන්ධ කර ගැනීම වඩා සුදුසුයි.

සටහන - ශානක මධුෂාන් ලියනගම.
A day in the life

0 ප්‍රතිචාර:
Post a Comment