පෙරදිග ලෝකයේ පැවති උසස් අධ්යාපනය කෙබඳුද?
මෙහි විශ්ව විද්යාල තිබිණ.
ඉන්දියාවේ අද "රාජ්හිර්"ලෙස හැඳින්වෙන එදා "රජගහ නුවර"නම් වූ
නගරයෙන් සැතපුම් හතක් උතුරු දිසාවෙන් වූ
"නාලන්දාව" ඉන් එකකි.
මෙහි සිසුන් දසදහසක් නේවාසිකව අධ්යපනය ලැබූ අතර,
ඔවුන් නේවාසිකව සිටි තට්ටු පහේ සිට නවය දක්වා වූ
ගොඩනැගිලි එකොලහක් දැනට සොයාගෙන ඇත.
මේ ගොඩනැගිලිවල බිත්තියක පලල අඩි හතකි.
එකක දිග අඩි 203 කි.
පලල අඩි 168 කි.
පියගැට පෙලක පලල අඩි 32 කි.
කාමරයක් අඩි 10-12 කි.
ඒවායේ ගලින් නෙලන ලද ඇඳන්ය.
හැම තට්ටුවකම මැද මිදුලකි.
එය වටා විවෘත ආලින්දයකි.
මෙහි ප්රධානියා හැඳන්වුණේ "කුලපති" නමිනි.
ආචාර්ය මණ්ඩලය 1510 කි.
"මානව"නමින් හැඳින්වුන සේවකයන් 1500 කි.
ඉගැන්වුන විෂයන් අතර භාෂාව,බුද්ධ දර්මය,දර්ශන ශාස්ත්ර
,ලෞකික විද්යාවන් හා ලලික කලාවන් විය.
ගිහි පැවිදි දෙපාර්ශවයම වූ අතර
තෙවසරක් පුරා නේවාසිකව අධ්යාපනය ලැබූහ.
මේ පිළිබඳව තොරතුරු ප්රධානකොට අපට ලැබෙන්නේ
චීන ජාතික "හියුං සියෑං"ගේ ගමන් විස්තරයෙනි.
මෙතුමාද මෙහි අධ්යාපනය ලබා ඇත.
මීට අමතරව "තාරානාථ,ඉත් සිං,පාහියන්,හුයි ලී
වැනි අයද තොරතුරු සපයයි.
මොන්ගෝලියාව,චීනය,කොරියාව,ජපානය,සුමාත්රා,ජාවා
ආදී රටවලින් පැමිණි සිසුන් මෙහි අධ්යාපනය ලදහ.
මෙම අති ශ්රේෂ්ඨ අධ්යාපන ආයතනය වනසා ලන්නේ
13වන සියවසේ භාරතය ආක්රමනය කරන
"භක්තියාර් බල්ජි" නම්වූ මුසල්මාන් ආක්රමනිකයා විසිනි.
අධ්යාපන ආයතනයක් යැයි නොමදැන
බලකොටුවක් යැයි සිතා මෙය කල බව කියති.
එකවර කඩා පැන එහි විසූ සියලු දෙනා
ඝාතනය කර ගොඩනැගිලි ගිනිබත් කල අතර
එම ගින්න තෙමසක් පුරා ඇවුලුනේ ලු!
*** කමල් පී අලහකෝන් ගේ කල්පිනු ලන්තයෙනි.
A day in the life

0 ප්‍රතිචාර:
Post a Comment