පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Thursday, April 11, 2024

බල තුලනයේ අවසාන විචල්‍යය .








මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු
“මහජනතාවට කියන්නේ මේ බල තුලනයේ අවසාන විචල්යය බවට පත්වෙන්නේ ඔබගේ ඡන්දයයි. ඔබ මේ දූෂිත කණ්ඩායම්වල විවිධ උපක්රමවලට අසුවීමේ ඉඩකඩ තිබෙනවා. දූෂිතයන් කවුද යන්න ඔබ හරියටම බෙදුම් ඉර ඇඳගෙන ඉන්නේ. මේක ඉදිරියටත් පවත්වාගෙන යන්න. කිසිම ආකාරයේ නොමඟ යැවීම්වලට අසුවෙන්න එපා. අපේ ප්රතිපත්තිවල, වැඩපිළිවෙල පිළිබඳ යම් ගැටලු තිබෙනවා නම් ලංකාව පුරා විහිදුණු, ග්රාමසේවා වසම්වල කොට්ඨාස මට්ටමේ ක්රියාත්මක වෙන සංවිධාන ජාලයක් තිබෙනවා. ඒවා ඇතුළට සම්බන්ධ වෙලා අප පිළිබඳව විමර්ශනය කරන්න; කරුණු එකතු කරන්න; තේරුම් ගන්න. අපි එකතු වෙලා බලය වෙනස් කිරීමේ කාර්යයට සම්බන්ධ වෙමු. මේ වංචනිකයක්, දූෂිතයන් බලයේ ඉඳගෙන මහජනතාවට දෙන පීඩනයෙන් ඔවුන් ඉවත් කරලා හැම කෙනෙකුටම සතුටින් ජීවත් වීමට සමාජය හැදීමේ කාර්යයට දායක වෙමු.” යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සහ එහි ආර්ථික කවුන්සිලයේ සාමාජික මහාචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ, බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන කාර්යාලයේ අද (02) පෙරවරුවේ පැවති ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සලයේ මාධ්ය හමුව අමතමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සහ එහි ආර්ථික කවුන්සිලයේ සාමාජික මහාචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු,
“මේ වනවිට පවතින දේශපාලන හා ආර්ථික තත්වය සහ අර්බුදය හමුවේ ජාතික ජන බලවේගය සහ අනෙකුත් දේශපාලන පක්ෂ සහ ව්යාපාර හැසිරෙන ආකාරය සහ මේ අවුරුද්දේ පැවැත්වීමට නියමිත මැතිවරණය පිළිබඳවත්, ඇත්ත තත්වයත් විය හැකි දේ පිළිබඳවත් මහජනතාවට කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
ජාතික ජන බලවේගය මීට පෙර ඉතාම දුෂ්කර තත්වයන් යටතේදිත් මේ රටට සිදුවුණේ කුමක්ද, සිදුවෙමින් තිබෙන්නේ කුමක්ද? සිදුවිය හැක්කේ කුමක්ද යන ආර්ථික ගැටලු පැහැදිලි කළා. ඒ අවස්ථාවේ අපට තිබුණේ මහජනතාවගේ ඉතාම අඩු පිළිගැනීමක්. අපි අඛණ්ඩව කරගෙන ආ ක්රියාදාමය හේතුවෙන් මහජනතාව ජාතික ජන බලවේගය වැළඳගනිමින්, ජාත්යන්තර පිළිගැනීමට ලක්වෙමින්, බලය ලබාගැනීමට සූදානම් තැනට පත්වී තිබෙනවා. මේ හේතුව නිසා දූෂිත පාලක කණ්ඩායම් බියට පත්වී තිබෙනවා. මේ අවස්ථාවේ සිදුවෙන බල හුවමාරුව දේශපාලන පක්ෂයකින් තවත් දේශපාලන පක්ෂයකට සිදුවෙන මාරුවීමක් නොවෙයි. මේ සිදුවන්නේ ව්යුහාත්මක වෙනසක්. දූෂණය, වංචාව නිමාවට පත්වෙන, ජනතාවට එරෙහිව ක්රියාත්මක වූ වැරදි ප්රතිපත්තිවල නිමාවක් සිදුවෙන අවස්ථාවක්. මේ නිසාම ඔවුන් මේ අර්බුදයට බලපෑ සැබෑ හේතු යටපත් කොට මතුපිට ප්රශ්න ටිකක් සමාජගත කිරීමට උත්සාහ දරමින් ඉන්නවා. සැබෑ හේතු වූ, වංචාව, දූෂණය, හොරකම, රටේ සම්පත් නිසියාකාරව නිෂ්පාදන ක්රියාවලියට යොදා නොගැනීම, සුළු පිරිසකගේ අවශ්යතාවයට භාණ්ඩ නිෂ්පාදනය කිරීම වැනි කරුණු හංගා මතුපිට ප්රශ්න පමණක් පෙන්වමින් සහ මේ ප්රශ්නවලට උත්තර සෙවිය හැක්කේ ඒගොල්ලන්ට පමණක් බවත් වැඩපිළිවෙළක් ඇත්තේ ඒගොල්ලන්ට පමණක් බවත්, අලුත් අත්හදා බැලීම්වලට නොයා යුතු බවත් ජනතාවට කියනවා. එය මිථ්යාවක්.
මෙවැනි ප්රකාශ කරන්නේ කවුද කියා බලමු. මෙතෙක් මේ වැරදි ප්රතිපත්ති අඛණ්ඩව විවිධ ආණ්ඩු යටතේ ක්රියාත්මක කරන්නට ඍජුව හා වක්රව දායක වූ, මැති ඇමතිකම් දරමින් කටයුතු කළ අය, ප්රශ්නවලට විසඳුම් තිබෙන්නේ මේ ක්රමය තූළ පමණක් බව කියනවා. ඔවුන් මේ සිදුකරන්නේ විසඳුම් සඳහා විකල්ප වැඩපිළිවෙළකට යන්න තිබෙන පාර වහන්න උත්සාහ කරන එකයි. ඔවුන් මේ මොහොතේදී මුහුණ දී තිබෙන අර්බුදකාරී තත්වයේදී වැඩපිළිවෙළක් සමාජයට ඉදිරිපත් කරමින් තිබෙනවා. අයි.එම්.එෆ් එක හරහා ණය ගැනීමෙන් මේ රට ගොඩගන්න පුළුවන්, ආර්ථිකය වර්ධනය කරන්න පුළුවන්, ණය උගුලක සිරවී සිටින නිසා කරන්න හැකියාවක් නැතිකම, ඒ ණය ගෙවන්න නම් රාජ්ය දේපළ විකුණන්න ඕනෑ බවට වන මතය සමාජගත කරමින් ඉන්නවා. ඒ මතය තහවුරු කිරීමට අප හැර, ආණ්ඩුවත්, විපක්ෂයේ අනෙක් කණ්ඩායම් ඍජුව හා වක්රව දායක වෙනවා. විපක්ෂයේ ප්රතිපත්ති තුළ ආණ්ඩුවේ වැඩපිළිවෙළ වෙනත් ආකාරයකින් සාධාරණීකරණය කරන්න උත්සාහ ගන්නවා. ඔවුන්ගේ ප්රතිපත්ති තුළ වංචාව, දූෂණය පිටුදැකීම කියා පරිච්ඡේදයක් ඉදිරිපත් කරමින්, රාජ්ය දේපළ විකිණීමේ ප්රතිපත්තිය, දැනට ආණ්ඩුව අනුගමනය කරන ප්රතිපත්තියම සාධාරණීයකරණය කිරීම සඳහා විශේෂයෙන් බලශක්තිය උපයෝගීතාවයන් පිළිබඳව අකාර්යක්ෂමතාවයන් රටේ පවතින බවත්, දූෂිත රාජ්ය ආයතන තිබෙන බවත්, එවැනි ආයතන ගොඩගන්න නම් එම ආයතන විකුණන්න ඕන බවත් සමාජ මතයක් හදනවා. ජලය, විදුලිබලය, බලශක්ති වගේ ක්ෂේත්ර විකිණීමට අවධානය යොමු කරනවා.
රට අර්බුදකාරී තත්වයකට වැටී තිබියෙදී ගොඩගන්නා ව්යායාමය තුළ සෑම කෙනෙකුම විවිධ ආකාරයට විවිධ ධාරිතාවන් යටතේ දායක වෙන්න ඕනෑ. ආර්ථිකයක් ගොඩගන්නකොට විශාල පංගුවක් ඉෂ්ට කරන්න අවිනිශ්චිත තත්වයකදී තනි තනි පුද්ගලයන්ට විශාල පරිමාණයෙන් ආයෝජනය කිරීමට, අවදානම දැරීමේ අපහසුතාවය තිබෙනවා. එවැනි අවස්ථාවකදී රාජ්ය දේපළවල වැදගත්කමක් තිබෙනවා. ඔවුන් මේ යෝජනා කරන්නේ රාජ්ය දේපළ කුණු කොල්ලයට විකුණා යම් ඩොලර් ප්රමාණයක් එකතු කර ගැනීමත් අයවැය පරතරයේ යම් සහනයක් ලබාගැනීමත්. ආණ්ඩුවත්, විපක්ෂයත් යෝජනා කරන්නේ ලබාගැනීම හෝ බලය පවත්වාගැනීම සඳහා දිගු කාලීන ආර්ථිකය විනාශ කරමින්, කෙටි කාලීන ආර්ථික උප්පරවැට්ටිවලට යාමක්.
ජාතික ජන බලවේගය රාජ්ය දේපළ සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ කුමක්ද යන්න පැහැදිලිව කියා තිබෙනවා. ඒ වගේම ආර්ථික මර්මස්ථාන වැනි දේවල් යම් ආකාරයකට රාජ්ය හිමිකාරිත්වය අතහැරියහොත් ගැටලු ගණනාවකට මුහුණ දීමට වෙනවා. ආර්ථිකයක් ගොඩගන්න අවස්ථාවේදී බලශක්තිය, මූල්ය වෙළඳපොළ, සන්නිවේදන ඉතාමත් තීරණාත්මකයි. ප්රධාන වශයෙන් බලශක්තිය සහ වතුර වගේ දේවල්වලදී දුරදිග නොබලා, ඇතැම් රටවල් යම් පිරිස්වල ප්රතිලාභ වෙනුවෙන් පුද්ගලීකරණ වැඩසටහන්වලට ගොස් අත්පත් කරගෙන තිබෙන විනාශකාරී ප්රතිඵල ලෝකය දැක තිබෙනවා. එංගලන්තය ජලය පුද්ගලීකරණය කර, අවුරුද්දක් පමණ යනකොට ප්රශ්න මතුවී තිබෙනවා. මහජනතාවට නිසියාකාර වතුර දෙන්න බැරිකම, එහි ගුණත්වය අඩුවීම වැනි ප්රශ්න මතුවී තිබෙනවා. විකුණපු කණ්ඩායම් දැන් ප්රශ්න කරනවා තමන් ගත් ප්රතිපත්තිය වැරදි බවත් වෙනත් ඉන් එහා එකකට යන්නේ කොහොමද කියන එකත්. අපි වැනි බංකොලොත්භාවයට පත්වුණු රටක් ග්රීසිය. එතනදී ගොඩ යන්න විවිධ ක්රම ඉදිරිපත් කළා. ප්රතිව්යුහගත කිරීම්වලට අමතරව ඔවුන්ගේ රාජ්ය ව්යවසායන්වලට අනුව කටයුතු කරන්නේ කොහොමද කියලා. ඔවුන්ට රාජ්ය දේපළ කිහිපයක් වරාය, දුම්රිය, ගුවන්තොටුපොළවල් විකුණන්න සිද්ධ වුණා. ජර්මනිය, ඉතාලිය සහ චීනය විසින් මිලදී ගෙන වසර පහක් පමණ වෙනවා. නමුත් අදත් ග්රීසිය නිසි පරිදි ප්රවාහන සේවයක් නොමැති ප්රශ්නයට මුහුණ පා සිටිනවා.
මේ පාලකයන් පෙනී සිටින්නේ, මේ තිබෙන තත්වයෙන් රට මුදාගෙන නිසි ගමනකට බලය හුවමාරු වෙන තත්වයකදී එය වැළැක්වීම වෙනුවෙනුයි. ඔවුන් පැරණි දූෂිත යාන්ත්රණයම පවත්වාගෙන යාමට උපක්රම යොදනවා. මේ දූෂිත යාන්ත්රණයේ ඉන්න සමහර අය පෙනෙන්නේ නැහැ. විශේෂ අවධානය යොමුකරන්න ඕනෑ මේ නොපෙනෙන ඇක්ටර්ස්ලා ගැන. දූෂිතයෙක් දූෂණයට විරුද්ධව කතා කරනවා නම්, අපරාධකාරයෙක් අපරාධ අයින් කරන්න කතා කරනවා නම්, සමාජය විශේෂයෙන් ඒ අය ගැන සැලකිලිමත් වෙන්න ඕනෑ. මේ ආර්ථිකය ගොඩනඟන්න ව්යුහාත්මක වෙනසක් කරන්නම ඕනෑ. හැම කෙනෙක්ම එකතුවෙලා පොර බදන්න ඕනෑ. ඒ නිසා අපි නිසි වැඩපිළවෙළක් ඉදිරිපත් කොට තිබෙනවා.
ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ආවොත් බලශක්තිය පිළිබඳව ගැටලුවකින් තොරව ඕනෑම අයෙකුට ආර්ථික ක්රියාකාරකමක නියැලෙන්න අවස්ථාව ලැබෙනවා. ජාතික ජන බලවේගය ආර්ථික ප්රතිපත්තිය ඇතුළේ ඉතිරි කිරීම් ආයෝජනය සඳහා හා විදේශීය ආයෝජනය කැඳවන්නේ කොහොමද? ණය ලබා ගන්නේ කෙසේද? ප්රතිලාභ කෙටි කාලීන හා දිගු කාලීන වශයෙන් එන්නේ හා බෙදා ගන්නේ කොහොමද කියන එක ඉතා පැහැදිලිව ප්රකාශ කර තිබෙනවා.
මහජනතාවට කියන්නේ මේ බල තුලනයේ අවසාන විචල්යය බවට පත්වෙන්නේ ඔබගේ ඡන්දයයි. ඔබ මේ දූෂිත කණ්ඩායම්වල විවිධ උපක්රමවලට අසුවීමේ ඉඩකඩ තිබෙනවා. දූෂිතයන් කවුද යන්න ඔබ හරියටම බෙදුම් ඉර ඇඳගෙන ඉන්නේ. මේක ඉදිරියටත් පවත්වාගෙන යන්න. කිසිම ආකාරයේ නොමඟ යැවීම්වලට අසුවෙන්න එපා. අපේ ප්රතිපත්තිවල, වැඩපිළිවෙල පිළිබඳ යම් ගැටලු තිබෙනවා නම් ලංකාව පුරා විහිදුණු, ග්රාමසේවා වසම්වල කොට්ඨාස මට්ටමේ ක්රියාත්මක වෙන සංවිධාන ජාලයක් තිබෙනවා. ඒවා ඇතුළට සම්බන්ධ වෙලා අප පිළිබඳව විමර්ශනය කරන්න; කරුණු එකතු කරන්න; තේරුම් ගන්න. අපි එකතු වෙලා බලය වෙනස් කිරීමේ කාර්යයට සම්බන්ධ වෙමු. මේ වංචනිකයක්, දූෂිතයන් බලයේ ඉඳගෙන මහජනතාවට දෙන පීඩනයෙන් ඔවුන් ඉවත් කරලා හැම කෙනෙකුටම සතුටින් ජීවත් වීමට සමාජය හැදීමේ කාර්යයට දායක වෙමු.”
Lanka Truth | 2024.04.02
Like
Comment
Share

A day in the life

No comments: