අම්මා ..................අප අතරින් සමුගෙන වසර තුනකට ආසන්න වෙනවා. මගේ අතින් සටහනක් ලියවුනේ නැහැ ඈ ගැන. ඒ ලියන්නට නොහැකි නිසාවෙන් ඈ සමු ගෙන ගිය බව මගේ බොලද හිත තවමත් පිලි ගන්නේ නැති නිසා.නොවැම්බර් මස දිනක හවසක මගේ පපුුව රිදෙනවා කිවු ඇය බලන්ගොඩ රෝහලේ කල සත්කාරයෙන් සෑහිමකට පත් නොවු අප ජයවර්ධනපුර රෝහලට යොමුුවුුනා. ඒ අම්මා අවසානවරට ගත කල දින කිහිපයයි.පසුදා උදේ නවයට පමන මම සිටියෙ බොරලැස්ගමුවේ නංගීලාගේ ,ගෙදර. පෙර දින හවස අම්මා ලග සුවදුක් විමසින් සිට පැමින දොලහට අම්මා බලන්න යන සූදානමින් සිටි මා එක්වර විශාල කම්පනයකට පත්ව ක්ලාන්තව බිම ඇද වැටුනා . මොහොතකින් සිහි එලබ නැගිටින විට නංගීගේ පුතාට “ ආතම්මා නැතිවුනා” යන පුවත රොහලේ සිට ලැබිලා. . අම්මා ලොකු පුතාට තම සමුගැනීම ලග නොසිටි නිසා බොරලැස්ගමුවට විත් දන්වා තිබුනේ ඒ අයුරින්.මම ලොකු පුතාව අවුරුදු හැත්තෑපහක් අම්මා සමග දුක සැප බෙදා ගත්තා. ඒ් කාලය රසවත් කාලයක්. අම්මා දරුවන් නවදෙනෙකු සමග කලේ යුද්ධයක්. තාත්තා අපත් කුඩුම්බයත් නඩත්තු කලා. අපේ පරිපාලනය කලේ අම්මා. ගෙදර කූස්සියේ තිබුනා දිග බංකුවක් . අපි පේලියට ඉදගෙන අපේ වාරය එන තුරු වාද විවාද කරමින් ඉන්නවා. අපේ පරිපාලනය හැදුන්වුයේ තාත්තා ජනාධිපති ලෙසයි. කලක් අග්රාන්ඩුකාරයාව සිට ආණ්ඩුක්රම ව්යවස්ථාව වෙනස්වීම නිසා තාත්තාගේ පදවි නාමය ඒ ලෙස වෙනස් වුනා. තාත්තාට ඒ ආණ්ඩු ක්රමය තුල විධායක බලය තිබූනේ නැහැ. විධායක බලය තිබුනේ අග්රාමාත්යවරයාට .අම්මා තමයි අග්රාමාත්යවරයා.ඉතින් අම්මා ගැන හිතන්න පුළුවන් නේ.අම්මා අපි හදාවඩා ගත්තා. දියණියන් තිදෙනෙකු සමග පුතුන් හදෙනෙකු අම්මාගේ සිත් සතන් තුටු වෙන පරිද්දෙන් ලොකු මහත්ව මිනිපිරි මුණුපුරන්ද ඔවුන්ගේ දූ දරුවන් සමගද අම්මාගේ දිවිය සතුටින් ගෙවුනා.අම්මා පොතක්. සුබවාදීව අවසන් වු කතාවක් ගොතන ලද පොතක්.අම්මාගෙන් ඇතිවු කම්පනය මේ වියමන තවත් දිග කරාවි ............
0 comments:
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.