පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Monday, April 15, 2024

අලුත් අවුරුද්ද හා අපේ රටේ රෑපවාහිණී කලාව..

ඉස්සර පිපුණු එරබඳු මල් දැන් ගමේ කොතනකවත් දකින්න නැත. ඉස්සර අවුරුදු සමයට අඹ අත්තක , කොස් අත්තක බැඳපු ඔන්චිලා, දැන් දැන් ගෙවතු වල බැඳෙන්නේ නැත. බොහොමයක් වෙලාවට කොවුල් හඬ ඇහෙන්නෙත් රෑපවාහිණිය ඇතුලෙන් පමණි. එදා පැවැති ජන ක්රීඩා දැන් අවුරුදු උළෙලකදිවත් දකින්නේ නැත. ඒවත් දැන් නවීකරණය වෙලා. සමහර වෙලාවට අසභ්ය වෙලා. සංකර වෙලා. සමහරු ඒ අස්සේ වෙන වෙන ඇරියස් කවර් කර ගන්නවා.
අද දවස වෙනකොට විශේෂයෙන් ම අවුරුදු කියලා දෙයක් ඉතුරුවෙලා තියෙන්නේ කුඩා දරුවන් නිසාත්. වැඩිහිටියන් අමාරුවෙන් රකින පිළිවෙත්, යුතුකම් ටික නිසාත්. හැර වෙන දෙයකින් නොවේ. නමුත් 2000 අවුරුද්දෙන් පසු ඉපදුණ දරුවන් මේ සම්ප්රදායික හා පාරම්පරික දෙයින් , වේගයෙන් දුරස් වෙමින් ඉන්නවා. එය දරුවන් වෙතම පවරා විවේචනය කල යුත්තක් නොවේ. වැඩිහිටියන්ද බලධරයන්ද එකට එක්ව වගකිව යුතු දෙයකි. මෙය නම් රටේ, ජාතියේ, පරිහානියේ සලකුණකි.
අපේ රටේ රූපවාහිණි නාලිකා ටික උත්සහ කරමින් ඉන්නවා රට තොට නොමැති අවුරුදු සිරියක් අයාසයක් ගෙන මවන්න. ඒත් ඒව තුලිනුත් ඒක එහෙමම වෙනවද කියලා, හිතා ගන්න බෑ.. හැබැයි එහෙම දෙයකුත් නොතිබුනානම්, මෙහෙමවත් අවුරුද්දක් දකින්න, අහන්න ලැබෙන එකක් නෑ.
අපේ රටේ සමහර රෑපවාහිණි නාලිකා හිතනවා ඔය අලුත් නළු නිළියෝ ටික පාට පාටින් අන්දවලා ගෙනාවම, රටම අසාවෙන් බලා ඉන්නව කියලා. එතකොට රටේම අවුරුදු සිරිය මැවෙනව කියලා. කිරි ඉතිරෙනවා කියලා. ඒක මෝඩ සිතුවිල්ලක්. එතැන ජනප්රිය සංස්කෘතිය හඹා යෑමක් හැර , සමාජ යුතුකමක් , වගකීමක් කියා දෙයක් නැත.
ඉස්සර එක ටෙලි නාට්ටියක් විකාශය වුනේ සතියට වතාවයි. තිබුනේ චැනල් දෙකයි තුනයි. ඒ කාලේ නළුවෙක් හෝ නිළියක් දකින එකයි, අද දකින එකයි, එක සමාන නෑ. අනිවාර්යයෙන් දෙකක්. නිතර දකින නිසම සමහර නළු නිළියෝ දැක්කම කිසිම හැගීමක්, ගෞරවයක් දැනෙන්නේ නෑ..
එහෙම සතියේ දවස් හතේම, චැනල් අට දහයක දකින නළු නිළියෝ අවුරුද්දටත් වැනල් හය හතක දකින කොට මටනම් අප්පිරියයි. එක චැනල් එකක දේවල් දැකලා ඇති වෙනකොට, අපි අනිකට මාරු කරනවා.ඒකෙත් එයාම දකින කොට කනා ( වාසනා ) මුට්ටියට ගහනවා වගේ, රෑප පෙට්ටියට ගහන්න හිතෙනවා. ඒක කරන්න බැරි නිසා කරන්නේ, රෑපවාහිණිය වහලා දාන එක.
මෙහෙම ගියාම බොහෝ මිනිසුන් ( දැනටත් වෙලා වගේ ) රූපවාහිණී බලන එක අත් හරියි. තත්වය තේරුම් අරගෙන එක නළුවෙක් එක නිළියක් , එක චැනල් එකකට විතරක් ගෙන්න ගන්නවනම්, ලොකු දෙයක්. එතකොට මේක තව ටිකක් දුරට අල්ලලා හිටී. ඇත්තටම නළුවෝ නිළියෝ හැර , ගායක ගායිකාවෝ හැර වෙන ගේන්න කෙනෙක් ඇත්තෙම නැද්ද ? අනේ මන්දා. මම දැකලා නෑ ඔය එක රූපවාහිනී අවුරුදු උත්සවයකටවත්, එක සාකච්ඡාවකටවත් කලාකරුවෙක්, කලාවට සම්බන්ධ වෙන කෙනෙක් හැර, වෙන මනුස්සයෙක් ව ගේනව.
තම පවුල් සංස්ථාවවත් රැක ගන්න බැරිවුන මිනිස්සු, තාමත් දෙතුන් පාර ජීවිතේ අත්හදා බලන මිනිස්සු, රෑප වාහිණිය ඇතුළට ඇවිත් පවුල ගැන, හැඳියාව ගැන , පත පොත බලලා අහුල ගත්ත කතන්දර කියනකොට ඇත්තටම අප්පිරියයි.
A day in the life

No comments: