හෙට අපි අපේ ගොවිපොළේ මෙ,වසරේ දෙවන කන්නය සඳහා
වැඩ අරඹමු.
ඒ හෙට දින යෙදෙන සුබ නැකතකට ය.
අතීතයේ හෙළ ගොවියා වගා කළේ කන්න දෙකකට ය.
ඔවුන් මෙසේ "කන්න බෙදා ගත්තේ" සූර්යයා සහ මහපොළව අතර
ගණුදෙනුවවේ ස්වභාවය පදනම් කොට ගෙන ය.
ලෝක ගෝලය කොටස් කර හඳුනාගැනීමේදී එහි මධ්යය ලක්ෂය ලෙස
හඳුනාගැනෙන "සමකය"හා ඊට ඉහළින් වන
"කර්කටක නිවර්තන රේඛාවත්
පහළින් වන "මකර නිවර්තනයත් අතර
හිරුගේ සංක්රමන කාල පරාසය මීට පදනම් කොට ගැනේ.
සමකයට අංශක 6 -2/1 ඉහළින් පිහිටි මෙරටට එය බලපවත්වන්නේ මෙසේ,ය.
කර්කටක නිවර්තනයේ සිය සූර්ය සංක්රමණයට
ගත වන කාලය "දින 69" කි.
එය "යළ කන්නය" යි.
එහිදී වගා කෙරෙනුයේ එම කාල පරාසය තුළ
දිවි ගමණ සපුරන "කෙටි මස්" වී ය.
උදාහරන ලෙස "සුවඳැල් වර්ග"ය..
ඒවායේ,ආයු,කාලය" දින 72 " කි.
"මහ කන්නයේ" සූර්ය සංක්රමනයට වැඩි දින ගණනනක් ගනී.
දින "115" කි.
එනිසා එම කන්නයේ වගා කෙරෙන්නේ "දික් මස් වී" ය.
මෙසේ යළ කන්නයේදී කාලය අඩු,බැවින් ගොයම් ගස පඳුරු නොදමයි.
එනිසා පැරණි,ගොවියා වී,ඇට ලඟ ලඟ වැටෙන පරිදි වැපිරෑ හ.
ඒ "බලු අඩියට" ඇට හැටක් පමණ වැටෙන පරිදි ය.
"බලු අඩිය "යනු "බල්ලෙකු කකුල්,මාරු කරන දුර"යි.
මහ කන්නයේදී "බලු,අඩියට,ඇට පහක් පමණ"වැටෙන පරිදි ය.
එවිට ගොයම ට "පඳුරු ලලා වැඩෙන්නට "ඉඩ ඇත.
මෙ,කරුණු මතු කර දැක්වූයේ මෙම විද්යාත්මක කාරණා
එදා "ගොවියා ඥාණනය කර තිබුණේ කෙළෙසක දැ?" යි
ප්රශ්ණයක් මතු වන බැවිනි.
මන්දයත් පෘථිවි,ගෝළය මත "සමක,නිවර්තන රේඛාඇන්ඳේ"
ඊට පසු කලෙක භූ විද්යාඥයන් විසින් වන බැවිනි.
නමුත්,එදා ගොවියාද එය ටක්කෙටම දැන සිටිය හ.
එනිසා මෙම"සම්ප්රදායික ඥාණයත්"
"විද්යාත්මක විග්රහය"නුත් දෙකම වැදගත් ය.
ඉතින්,අපේ,ගොවිපොළේ,අපිත්
"සම්ප්රදායික ඥාණය" වගේම
"නූතන තාක්ෂනයත්" උපයෝගී කර ගන්නෙමු
කමල් පී අලහකෝන් ගේ සටහනක්.
වගා වෑයම අගේ කල යුතුයි.
ඒ වගේම කමල් අත්දෑකීම් නොමසුරුව බෙදා දෙනවා.
ස්තුතියි කමල්.
0 comments:
Post a Comment