අසත්‍යයෙන් සත්‍යයටද -අන්ධකාරයෙන් ආලෝකයටද

මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

---වේද ගීතයක්

Saturday, April 13, 2024

4/13/2024 05:05:00 pm

අවුරූද්දක ම වගේ මතුවෙන ප්රශ්නයක්. මේ ගැනත් මා ලිපි රාශියක් ලියා තියෙනවා. මා තාරකා විද්යාව ගැන හරි ජ්යොතිෂය ගැන හරි දන්නෙ නැති නිසාත් ජනශ්රැතවේදියකු නොවන නිසාත් උගතකු බුද්ධිමතකු නොවන නිසාත් හිතලූ කියන්නකු පමණක් නිසාත් ජනමාධ්ය ඒ් ලිපි ගැන අවධානය යොමු කරන්නේ නැහැ. ඒ කොහොම වුණත් මා නැවතත් ඒ සමහර අදහස් නැවත කියනවා.
සිංහල අවුරුද්ද සම්බන්ධයෙන් සාමාන්යයෙන් මත තුනක් තියෙනවා. ඒ සූර්යයා මීන රාශයෙන් මේෂ රාශියට යෑම ගැන. ඇතැමුන්ට අනුව ඒ සිදුවන්නේ මාර්තු 21. සමහරුන්ට අනුව අප්රේල් 18 19 දිනවල. තවත් පිරිසකට අනුව අප්රේල් 13 14 දිනවල. කවුද හරි. හැමෝම හරි. එහෙම වෙන්නෙ කොහොමද කියල අහන්න පුළුවන්. එක් එක් අය මීන මේෂ දේශසීමාව (රාශි සීමාව) ලකුණූ කරන විධිය අනුව. මට තවත් මතයක් තියෙනවා. අප්රේල් 13 14 15 දිනවල සුර්යයා රේවති නැකතෙන් අස්විද නැකතට යනවා. අපේ අවුරුද්ද එ නිමිත්තෙන්.
මේ අවුරුද්දෙ නැකත් දෙක තුනක් තියෙනවා. සිංහල සංස්කෘතියෙ එක නැකත් සීට්ටුවක් එක බෙහෙත් සිට්ටුවක් තිබිල නැහැ. ගමෙන් ගමට ගෙදරින් ගෙදරට නැකැත් සීට්ටු වෙනස් වුණා. වෙද මහතාගෙන් වෙද මහතාට බෙහෙත් සීට්ටු වෙනස් වුණා. එ තමයි විවිධත්වය. සිංහල සංස්කෘතිය චීන සංස්කෘතිය හරි බටහිර සංස්කෘතිය හරි වගේ නො වෙයි. විවිධ අදහස් තියෙනවා. එක වෙලාවට කැව කියල ජාතියක් සමගි වෙන්නෙ නැහැ. එක වෙලාවට කන එක 1993න් පස්සෙ වි ජ මු හොඳ හිතින් එහෙත් වැරදියට කරපු වැඩක්. සිංහල සංස්කෘතියට පටහෑණි ව කරපු එකක්. ඔය විධියට තර්ක කළොත් ලෝකෙ හැම ගෙදර ම එක ම පැනඩෝල් පෙත්ත දෙනවා වගේ අට පත එකට හින්දවන්න එක ම ප්රමාණයේ කෝප්ප තියා ගන්න වේවි. ඒක බොරුපන වෙදමහත්තය මට කී කතාවක්. බටහිරයට හරි ඉන්දියානුවට හරි චීනට හරි ඕන විධියට සිංහල සංස්කෘතිය සකස් කරන්න උත්සාහ ගන්න අය ඉන්නවා. ඔවුන්ට පඩි නඩිත් ලැබෙනවා.
මේ සමග රුප සටහනක් ඇති. එයින් පෙන්නන්නෙ ඛගෝලය. (හිස් ගෝලය celestial sphere ) ඒ ඛගෝලයෙ පෘථිවි සමකය ප්රක්ෂෙපණය කරල තියෙනවා. ඒ වගේ ම සූර්යයාගේ ගමන් මාර්ගයත් (ක්රාන්ති වලයය ecliptic) ප්රක්ෂෙපණය කරල තියෙනවා.ඇඳලා තියෙනවා කිවුවත් කමක් නැහැ. පෘථිවිය තම අක්ෂය වටේ පැය විසිහතරකට සැරයක් කැරකෙනවා. ඒ අතර එහි අක්ෂයත් බමරයක වගේ අවකාශයෙ අචල අක්ෂයක් වටේ කැරකෙනවා. එ නිසා අර සමකයේ ප්රක්ෂෙපණය වෙනස් වෙනවා. මේ බමර සෙල්ලමට පූූර්වායනය (precession) කියා කියනවා
සමකයේ ප්රක්ෂෙපණයත් ක්රාන්ති වලයයෙ ප්රක්ෂෙපණයත් ඡෙදනය වන ලක්ෂ්යයට මේෂ රාශියේ ප්රථම ලක්ෂ්යය කියනවා. එය ග්රීක හෝඩියෙ ගැමා අක්ෂරයෙන් හැඳින්වෙනවා. සූර්යයා තම වාර්ෂික ගමනේ දක්ෂිණාර්ධ ගෝලයේ සිට උත්තරාර්ධගෝලයට යන එක සනිටුහන් වෙන්නෙ ගැමා ලක්ෂ්යයෙන්. ඒ ක්රාන්තිවලයයේත් සමකයේත් ඡෙදන ලක්ෂ්යය. සූර්යයා සමකය හමුවෙන ලක්ෂ්යය. අර පූර්වායනය නිසා ගැමා ලක්ෂ්යය අවුරුදු හැත්තෑදෙකකට දවසක් පමණ ඉදිරියට යනවා. අවුරුදු දෙදදහකට පමණ පෙර ශක වර්ෂ ක්රමය ආරම්භ වෙන කාලෙ සූූර්යයා ඔය ගැමා ලක්ෂ්යය පසු කෙළෙ මාර්තු 21 වෙන්න ඕන. අවුරුදු දෙදහකට විතර පස්සෙ අද එය සිිද්ධ වෙන්නෙ අප්රේල් 18 19 දිනවල. ඒ අනුව සමහරු සූර්යයා මීනයෙන් මේෂයට යන්නෙ මාර්තු 21 හරි අප්රේල් 18 19 හරි කියල ගන්නවා. මාර්තු 21 වැනි දා බටහිර ලෝකයෙ වසන්ත කාලය නිල වශයෙන් ආරම්භ වෙනවා. මේ තමයි සකුරා මල් පිපෙන කාලය. ලංකාවෙ සකුරා මල් පිපෙන්නෙ නැති වුණත් ඒ ගැන ගීත තියෙනවා. ඇපල් මල් ගැනත් තියෙනවා. කෙහෙල් මල් ගැන ගීත තියෙනවා ද දන්නෙ නැහැ.
සමහරුන්ට අනුව අප්රේල් 13 14 අවුරුද්ද ගන්නෙ රාශි සීමා ගැන ඇති වුණු පොඩි අවුලක් නිසා. රාශී සීමා බටහිර හා ඉන්දියවෙ වෙනස් වෙලා. ඒක එහෙම වෙන්න පුළුවන්. මට තවත් කතාවක් තියෙනවා. නකත් කියන්නෙ ලංකාවෙ නාගයන්ගෙ (නක) නිර්මාණයක්. ග්රහයන් යන වළල්ල නකත් 27කට බෙදල තියෙනවා. අස්විද ආදී වශයෙන්. අවසන් නකත රේවති. මා හිතන්නෙ අපි අවුරුද්ද සමරන්නෙ සූර්යයා රේවති නැකතෙන් අස්විද නැකතට සංක්රමණය වෙන වෙලාවෙ කියල. අශ්වින් කියන්නෙ අස්විද සංස්කෘතයට හරවා ගත්ත ම එන වචනය. චිත්ර නක්ෂත්රය කියන්නෙ සිත නකත සංස්කෘතයට හරවා ගත්ත ම එන වචනය. නක්ෂත්ර කියන්නෙ නකත් සතර සංස්කෘතයට හරවා ගත්ත ම එන වචනය. නක්ෂත්ර කියන එකට සංස්කෘතෙන් නිරුක්ති නැහැ.
අපි අහසෙ ග්රහයන් යන වළල්ල හඳ අනුව නකත් 27කට බෙදුවට බැබිලෝනියන්වරු රාශි දොළහකට බෙදුවෙ. වෛදිකයන් මේ පද්ධති දෙක එකතු කරා කියල හිතන්න පුළුවන්. ඔය තුලා ලග්නය සිත නකත හා සම්බන්ධයි. තුලා ලග්නයෙ ප්රධාන ආරම්භක තාරකාව ස්පිකා කියල හඳුන්වනවා. එයට චිත්ර නක්ෂත්ර කියල වෛදිකයන් කිවුව. චිත්ර නක්ෂත්රට හරියට ම අනෙක් පැත්තෙ තියෙන මාසය වෛදිකයන් චිත්ර මාසය කියා හැඳින්නුවා. අර චිත්ර (ස්පිකා) තරුවට හරියට ම අනෙක් පැත්තට සූර්යයා එන දිනය සූර්යයා අලුත් අවුරුද්ද ආරම්භ වෙන දිනය ලෙස ගන්නවා.
මට හිතෙන්නෙ එය රේවති අස්විද නකත් සීමාව මීන මේෂ රාශි සීමාවට එක් කරන්න ගිහින් වෙච්ච දෙයක්. සූර්යයා රේවති නකතෙන් අස්විදයට යන්නෙ අප්රේල් 13 14 15 දිනවල. මේෂ රාශියෙ මුල තියෙන්නෙ අස්විද නකතෙ මුල නොවෙයි. එය තියෙන්නෙ අස්විද නකතෙ දෙවැනි පාදයෙ විතර. නකතක් පාද හතරකට බෙදල තියෙනවා. ඒ කියන්නෙ අර වළල්ල පාද 108කට. පාද 108ක් යන්න දින 365ක් යනවා නම් පාද එකකට ටිකක් වැඩියෙන් විතර යන්න දින තුන හතරක් යනවා. අපේ අවුරුද්ද අප්රේල් 18 19 නැතුව අප්රේල් 13 14 වෙන්නෙ එ නිසා කියයි මා හිතන්නෙ. අපි භාරතීය පද්ධතියට යටවෙල සූර්යයා මීනයෙන් මේෂයට යෑමක් ගැන කිවුවට අප සමරන්නෙ සූර්යයා රේවති නකතින් අස්විද නකතට යෑම කියලයි මට හිතෙන්නෙ.
අපි නකත් අනුව ජීවිත සකස් කරගත් අය. අස්විද නකතින් අපි අවුරුද්ද අරඹනවා. මුවසිරිස නකතින් දේවානම්පිය තිස්ස රජු දඩයමේ ගියා. අස්ලිස නකතින් ඇසළ උත්සවය පවත්වනවා. ඒ හැම තැනම ස්නානය දිය කැපීම වගේ කතා තියෙනවා. ඒ හඳ එක්ක සම්බන්ධය නිසා ද?
    --නලින් ද සිල්වා.
A day in the life

0 comments: