සාජන්ට් මහත්තයා. අපේ පොලිසියට ඇවිත් අවුරුදු දහයක් විතර වෙනවා. මොකක්දෝ හේතුවකට එතුමා පොලිසියෙන් වෙනත් පොලිස් ස්ථානයකට මාරු කරන්නෙත් නැහැ. සාජන්ට් මහත්තයා වැයික්කියේ ඉන්න හැම දෙනාගෙම පැටිකිරිය දන්නවා. වාසගමත් එක්ක නමත් කියලා පවුලේ ඉන්න සාමාජිකයෝ ගානත් කියයි මතකයෙන්. එතුමා මට පසුගිය දවස් ටිකේ කෑම විවේකයේදී නැත්නම් ඕෆ් වෙලා යන ගමන් දිනපතාම වගේ මුණ ගැහුනා.මේ හැම දවසේම එතුමාට කියන්න කතාවක් තිබුනා.
මටත් හූ මිටිතිත තිය අහගෙන ඉන්න විවේකයකුත් තිබුනා.
බියර් බෝතලෙකුත් අති විශේෂ මිමි 200කුත් හිස්කර.න ගමන් කතාවට වැටෙන සාජන්ට් මහත්තයා ඒ ටික හිස්කරගත්ත ගමන්ම හුටු හුටු දඩු කජ්ජට නැගලා යන්නම් .............මහත්තයා කියලා වාෂ්ප වෙනවා.
ඊට පස්සේ මම සාජන්ට් මහත්තයාගේ කතා අවර්ජනය කරන්න පටන් ගන්නවා.
මේ දවස් වල හාමුදුරු හුට පට. මාදුළුවාවේ ලොකු හාමුදුරුවෝ පොදු අපේක්‍ෂකයා වෙලා ජනාධිපතිවරණයට එනවා. හාමුදුරුවෝ හිතන්නේ සිංහල බෞද්ධ ඡණ්ද එයාට ලැබෙයි කියපා වෙන්න ඇති. සේනා වල හාමුදුරුවරු පාරම්බානවා. තමන්ටම ගහ ගන්නවා. කරු මහත්තයාත් ඒ ගොල්ල කරන වැඩ සංඝාධිකරනයකින් මිසක් ඔය ගිහි අධිකරණ වලට යොමු කරන්න එපා කියනවා.
මට මතක් වෙනවා බණ්ඩාරණායක නඩුව නම් විසදුවේ ගිහි අධිකරණයක. සෝමාරාමට මරණ දඩුවම ලැබුනෙත් බුද්ධරක්ඛිත හිර ගෙට ගියෙත් සංඝාධිකරණයකින් නෙමෙයි කියලා සිහිපත් වුනාම වයසට යන කොට කියන කතා ගැන අපි කලබල වෙන්නේ නෑ කියලා කරු මහත්තයට කියන්න හිතෙනවා.
මේ පුර්විකාව මතක් වුනේ සාජන්ට් මහත්තයාගේ බණ කතාවක් අහලා.
හේරත්හාමි උපාසක මහත්තයා කට්ට කෛරාටිකයෙක්. පන්සල පැත්තේ යන්නේ කලාතුරකින්. දවසක් බණක් දවසේ පන්සලට ගිය හේරත්හාමිව “ අද කාලෙකට පස්සේ උපාසක මහත්තය බණ අහන්න ඇවිල්ල තියෙන්නේ වාඩි වෙමුකො මං ලගින්ම ” බණ පටන් ගන්න කොට හාමුදුරුවෝ ලගට කතා කර ගෙන වාඩි කර ගන්නවා.
හාමුදුරුවෝ බණ පටන් ගන්නවා .
හේරත්හාමි උපාසක මහත්තයා එහෙයි කියනවා. හාමුදුරුවෝ කැමති ඒකටනේ !.
හාමුදුරුවෝ - පින්වතුනි යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් දශරාජ ධර්මයෙන් යුතුව රාජ්‍ය කළා.
එහෙමයි හාමුදුරුවනේ ! එහෙමයි හාමුදුරුවනේ !!!, යටගිය දවස කියන්නේ මොකක්ද හාමුදුරුවනේ ?
හාමුදුරුවෝ - යට ගිය දවස කියන්නේ - හුගාක් ඈත අතීතයේ
ඒ කියන්නේ හාමුදුරුවනේ කීවෙනි ශත වර්ෂයේ තරමද ?
හාමුදුරුවෝ - කීවෙනි ශත වර්ෂයේද කියල හරියටම කියන්න බෑ.
හේරත්හාමි උපාසක මහත්තයාගේ ප්‍රශ්න වලට හාමුදුරුවන්ගේ රතු කට්ට පනින්න ඔන්න මෙන්න වෙනවා. ඒත් මොනවා කරන්නද ? දැළි පිහිය දුන්නේ හාමුදුරුවෝමයිනේ.
හාමුදුරුවෝ - බුද්ධ වර්ෂ ආරම්භයට කල්ප ගානකට ඉස්සර වෙච්ච දෙයක් ගැන මන් මේ කියන්නේ.
හාමුදුරුවනේ කල්පයකට අවුරදු කොච්චර තියෙනෙවද ?
හාමුදුරුවෝ - මේ උපාසක මහත්තයට තියෙන්නේ "එහෙයි" කියන එකයි. මම කියනදේ අහන එකයි.
ඔච්චර විස්තර දැන ගන්න ඕන නෑ. මේ බණට
මං අහල තියෙනවා හාමුදුරුවනේ හැම ජාතක කතාවකම වගේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියල තමයි පටන් ගන්නේ . මං අහන්නේ දැන් කියපු බ්‍රහ්මදත්ත කී වැනි බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝද? කියලයි.
මොකද කියනවනම් ඔය හැම බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝම ධර්මිෂ්ටයි කියල විශ්වාස කරන්න බෑ නේ .
හාමුදුරුවෝ හේරත්හාමි ගැන අවධානය යොමු කරන්නේ නැතිව දේශනාව කරනවා. මං මේ කියන බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට හිටියා එක් ලක්ෂ සයානු දහසක් බිසෝවරු.
මගේ බුදු අම්මෝ !
හාමුදුරුවෝ - මොකද උපාසක මහත්තයෝ ගොනුස්සෙක් පත්තෑයෙක්වත් කැවද ?
නෑ හාමුදුරුවනේ මං උඩගියේ රජ්ජුරුවන්ට ඔච්චර බිසෝවරු ?හාමුදුරුවෝ - ඒ කාලේ එහෙම තමයි රජවරුන්ට .
හරි හොදයි එක බිසෝ කෙනෙක් හරි පැනලා ගියා කියමුකෝ
හාමුදුරුවෝ - එහෙම නරක බිසෝවරු හිටියේ නෑ.
මොකෝ නැත්තේ හාමුදුරුවනේ අර චුල්ල පදුම ජාතකයේද කොහේද තියෙන්නේ ?
එතකොට අර කෝසල රජ්ජුරුවන්න්ගේ මල්ලිකා බිසව කියල හොඳ ගැනියෙක්ද ?
හාමුදුරුවෝ - මේ උපාසක උන්නැහේ ...
දැන් එක ගෑනියෙක් පරිස්සම් කරගන්න බෑ අපේ මිනිස්සුන්ට . මං අහන්නේ බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ එක්ලක්ෂ අනුදාහක් පරිස්සම් කරගත්තද ?
වෙන වැඩ තිබුනේ නැතිවටද ?.
ඇයි හාමුදුරුවනේ උන් සන්තෝෂ කරනවා තියා මුණවත් බලන්න වෙලාවක් රජ්ජුරුවන්ට වෙලාව තිබුනද?
හාමුදුරුවනේ ! .
ඔච්චර බිසෝවරු ගොඩක් ඉන්න කොට බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට තවත් වේලා තිබුනද රට පාලනය කරන්න? හේරත්හාමිට ප්‍රශ්න වැලයි.
හාමුදුරුවෝ රජ මාලිගයේ සැප සම්පත් වලින් අඩුවක් නෑ නේ උපාසක මහත්තයෝ.
කොච්චර සැප සම්පත් තිබුනත් තමන්ගේ මනුස්සයාගේ ඇගිල්ලක් වත් ස්පර්ශ කරන්න නැත්නම් මොකටද ඒ මගුල ?
හාමුදුරුවෝ - හා හා දැන් අපි බණට බහිමු.
අනිත් එක කොහොමද ඔය රජ්ජුරුවෝ ඔච්චර බිසෝවරු ගොඩක් හොයාගත්තේ?
හාමුදුරුවෝ - ලස්සන කාන්තාවක් දැක්කම රජ්ජුරුවෝ එයාව සරණ පවා ගන්නවා .
එතකොට රටේ අනිත් පිරිමින්ට හම්බුවෙන්නේ තේරිලා ඉතිරි වෙච්ච ගෑනු. හාමුදුරුවනේ - එතකොට ඔබ වහන්න්සේ කිව්වේ බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ දශරාජ ධර්මයෙන් රජ කළා කියල. ? ඒක සාධාරනද ?
හාමුදුරුවෝ - දැන් අපි බණ....................................
හාමුදුරුවනේ ඔය ඔක්කොම බිසෝවරු මාලිගාවේද හිටියේ ?
හාමුදුරුවෝ - මම වතාවක් කිව්වනේ අපි දැන් බණ කතාව අහමු කියලා
හාමුදුරුවෝ - මේ උපාසක උන්නැහේට තියෙන්නේ එහෙයි කියල උත්තර දෙන්න විතරයි. නැතිව මගෙත් එක්ක වාද කරන එක නෙමේ. මොකක්ද මේ කරන විකාරය ?
එක්ලක්ෂ අනුහය දාහක් බිසෝවරු හිටපු බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ දස රාජ ධර්මයෙන් තිය කොයි විදිහටවත් රජකම් කරන්න වෙලාවක් තිබුන කියල මං කොහොමද එකඟ වෙන්නේ.
හාමුදුරුවෝ - එතකොට මේ උපාසක උන්නැහේ එහෙයි කියන්නේ නෑ?
අපේ හාමුදුරුවනේ ඔය බිසෝවරු හරියටම එක්ලක්ෂ අනුහය දාහක්හිටියද ? කාලෙන් කාලෙට අඩු වැඩි වුනේ එහෙම නැද්ද ?.
හාමුදුරුවෝ රතු කට්ටටත් එහාට වැඩමෙව්වා...............
හාමුදුරුවෝ - මේ උපාසක උන්නැහේ මීට පස්සේ පන්සල් වත්තේ හතර මායිමට අඩිය තියන්නේ නෑ. ඇහුණද ?
එහෙයි හාමුදුරුවනේ. මම යන්නම්. මට ඔය බොරු වලින් වැඩක් නෑ..............
දැන් කාලේත් ඔය වේදිකා වල බණ කියන හාමුදුරුවෝ ඔක්කොම හිතන්නේ එහෙයි කිය කියා ඉන්න ඔනී කියලා. එත් කියන ඔක්කෝටම එහෙයි කියන අය නෑනේ මහත්තයෝ.
සාජන්ට් මහත්තයා යන්න පිටත් වෙන ගමන් මට කියනවා.
notes of imaginary

6 comments:
ඒක තමා හෙනං හේරත් හාමි පන්සල් යන්නැත්තේ.. අනික හාමුදුරුවෝ හරි බුදු හාමුදුරුවොත් කියල තියෙන්නේ තමන් කියන දේ දෝත් මුදුන් දීල පිළිගන්න කියල නේ.. හැක්...
මම මේ කතාව ඇහුවේ සාජන්ට් මහත්තයාගෙන්. එතුමා ජීව චරිතයක් . අනගිරත්න ලියලා තිබුනා නම් ඒකත් පිලිගන්න වෙනවා. සාජ් ඒ කතාව කියවලා මට අතහරින්න ඇති.
කාලමයෙනි,
තොප විසින් සැක කරන්නට නිසිමැය,
විචිකිත්සා කරන්නට නිසිමැය,
සැක කටයුතු තැනම තොපට විචිකිත්සාව උපන .
කාලාමයාණනි,
අනුශව කතායෙනිද නොගනුව,
පරම්පරා කථයෙනුද නොගනුව, තෙල මෙසේ වීදැයි නොගනුව,
අපගේ පෙළ හා යෙදෙතියි නොගනුව,
තරකාණුග්‍රහයෙන්ද නොගනුව
නයග්‍රාහයෙන්ද නොගනුව,
ආකාර පරිවිතර්කයෙනුදු නොගනුව,
මේ මහණ අපට ගුරුහයිද නොගනුව,
කාලාමයාණනි,
මේ දහම් කුසල්ය ,
මේ දහම් අකුසල්ය,
මේ දහම් වරද සහිතය ,
මේ දහම් නුවණැත්තන් විසින් ගර්හිතය,
මේ දහම් සපුරනු ලද්දාහු අවැඩ පිණිස. දු
ක් පිණිස පවත්නාහයි තෙපි - යම් කලක තුමුම දැන ගන්නාහු නම්
කාලාමයෙනි,
එකල්හි තෙපි එය දුරු කරව.
- බුදුරජානන් වහන්සේ කලාම සුත්‍රයෙන්.
බණ කතාව කෙසේ වෙතත් උපාසකයා නම් හරිම විචාරශීලීයි.............
මගේ පුද්ගලික මතය නම් හේරත් හාමි යනු සැබෑ බෞද්ධ ක් බවයි. ඇහෙන හැම දේම එහෙයි කියල පිලි ගන්නේ නැතිව ප්‍රශ්න කරන එක නියම බෞද්ධ ක් ගේ ලක්ෂණයක්. බුදුන් වහන්සේ කලෙත් එකනේ.
Anonymous වෙත,
ඔකට ඔය තරම් තරහ යන්න ඕනී නෑ. මම කතාව ඇහුවා .අහගෙන හිටපුදේ මගේ වචන වලින් ලීවා.අස්පිල්ලක් පාපිල්ලක් ගානේ තියනවා නම් තරක් කර කර ඉන්නේ නෑතිව . ඒකත් මම පිලිගන්නම්.
සන්සුන් වෙන්නකෝ.
Post a Comment