25.12.2025
බෙලිහුල්ඔය.
සුබ නත්තලක් වේවා !.
ඉතින් ,
ලියුම් ලිවීමේ කලාව අපි අතරින් වියකිලා ගිහිල්ලා. මම ඉතිහාස ගත පෙට්ටගමක් අවුස්සන කොට මේ සුන්දර කලාව කතාවක් වෙලා සිහිපත් වෙන්න පටන් ගත්තා.
දැන් නම් ෂෝරට් ඇන්ඩ් ස්වීට් නැත්නම් ගත්තා ඇන්නා මැරුවා මෝස්තරයෙන් අදහස් හුවමාරු වෙන්නේ.
ලියුම් ලියන කලාවේ ගහ මරා ගත්තෙත් ආදරේ කලෙත් සුන්දර විදියට.
කේන්තියක් පලකරන්න පිටු ගානක් ලියන්න වුනා.අන්තිමට කේන්තිය අවසන් කලේ “ තෙරුවන් සරණයී නැත්නම් ජේසු පිහිටයි “ කියලා.
ආදරේ ගැන කුමණ කතාද ?.
හදත් පායාල බැහැලා යනවා. ගගවල් පෙන පිඩු නංවමින් ගල්පරවල හැපෙමින් ගලා යනවා………..
අද නත්තල් දවස. මම හිතුවා ලියුමක් ලියලාම සුබ පතන්න.
කිතු උපත හා බැදි උත්සවය නත්තල කියලා අපි හදුන්වනවා. අපි දේවාස්ථානයට යන්නේ නැති වුනත් සහෝදරත්වයෙන් කිතුනුවන් හා බැදී සිටියා. ඔයාට මතක ඇති නත්තල් දවසට අපේ ගෙවල් වලත් නත්තල් රසකැවිලි ආහාර පාන ආදියෙන් පිරෙනවා.අසල්වාසින්ගේ ආදරයෙන්.
ක්‍රි.ව1505 -1658 දක්වා අපේ රට පාලනය කලේ පෘතුගීසීන් විසින්.1658 සිට 1796 දක්වා ලන්දේසීන් 1796 සිට 1948 දක්වා ඉංග්‍රීසින්. මොවුන් සියල්ලෝම කතෝලික ආගම ඇදහු ජාතීන්. මොවුන් විසින් ආගමික ප්‍රචාරණයත් කතෝලික ප්‍රජාවක් මෙරට ඇතිකිරීමත් සමග නත්තල අපේ සංස්කෘතිය හා බද්ධ කරනු ලැබුවා.
“නතාල් “ යන වචනය බිදී තහවුරු වී “ නත්තල් “යන වචනය අපේ වහරට එකතු වුනා.
අපි බෞද්ධාගමිකයෝ .,තවත් විවිධ ආගමිකයෝ අපත් සමග ජීවත් වෙනවා.කිතු දහම ගැන අප හදුනා ගන්නේ “ නත්තල් උත්සවයත් සමග“
නත්තල් උත්සවයත් වානිජකරණය වෙලා. කියලා මම කිවුවොත් අපේ අසල්වාසී කිතුණු ඥාතිවරු අපිත් එක්ක උරණ වෙයි කියලත් හිතෙනවා.
ඒත් මම එහෙම ලීවේ අහිතකින් නෙමෙයි.
“නත්තල් සීයා“ කේන්ද්‍රකර ගනිමින් වානිජ ආයාතන කරනු ලබන්නේ අති විශාල ප්‍රචාරණයක්.
ඔබට මේ ලියන (25) අද නත්තල ගෙවී යන දවසේ..අපි සතුටින් ගත කරමින් සිටිනවා.මුහුදු තීරයේ වාසය කරන ධීවර ජනතාව , උතුරේ දකුණේ සහ අගනුවර නත්තල මහා ඉහලින් සමරනවා.
නත්තල සමරන අපේ ඥාතීන් උප සංස්කෘතීන් කිහිපයකට අයත්. එම ප්‍රදේශවල ජීවත්වන බෞද්ධ, හින්දු, මුස්ලිම් සහ විවිධ සංස්කෘතීන්ට සහ ජාතීන්ට අයත් අනෙකුත් අයටද විවිධ උප සංස්කෘතීන් තිබෙනවා. ඔවුන්ද කිතුනු බැතිමතුන් සමඟ නත්තල් සැමරීමට එක්වෙනවා.මේ සම්මිශ්‍රණය සංස්කෘතිය හා මුසුවී තිබෙනවා.
නත්තල් සමයේදී එකිනෙකා අතර තෑගි පිරිනමනවා.සුබ පැතුම් පත් එකිනෙකාට සුබ පතා ගැනීම් , නත්තල් ගස් හදලා ගෙවල් දොරවල් සරසනවා. , නත්තල් කැරොල් ගායනා සහ ඉටිපන්දම් දැල්වීම වැනි විසිතුරු සිරිත් පවත්වනවා.බටහිරයන්ගෙන් මෙරටට පැමිණි මේ සිරිත් ශත වර්ෂ දෙක තුනකට පස්සේ දේශිය සංස්කෘතිය හා මුසුවෙලා.
බෞද්ධ හා හින්දු සාරධර්මවලින් සැදුම්ලත් ජනප්‍රිය සංස්කෘතිය තුළ ඉතා ප්‍රමුඛස්ථානයක් ගන්නා, කුසල් රැස් කිරීම නිසා අප සන්දර්භය තුළ නොදැනුවත්වම මෙම තෑගි පිරිනැමීම අර්ථවත් වෙලා.
ගස්වැල්වලට ගරු බුහුමන් දක්වන පසුබිමක් තුළ නත්තලේ ජීව ගුණය නියෝජනය කරමින් නත්තල් ගස අර්ථවත් වෙලා.
ඉටිපන්දම් දැල්වීමෙන් මෙය තවත් වැඩි දියුණු වන අතර හින්දු උත්සවය වන දීපාවලි උත්සවය (වචනාර්ථයෙන් ආලෝක පෙළ) සහ බෞද්ධයන්ගේ වෙසක් උත්සවය (බුදුන් වහන්සේගේ උපත, බුද්ධත්වය සහ පිරිනිවන් පෑම සිහිපත් කිරීම) සමඟින් මෙම උත්සවය ආලෝකයේ උත්සවයක් බවට පත් කරලා.
බුද්ධාගමේ ගාථා ගායනා කිරීම සහ හින්දු ආගමේ භජන් ගායනය වැනි චාරිත්‍ර අංග තිබෙන පසුබිමක් තුළ නත්තල් කැරොල් ශ්‍රී ලංකාව තුළ ඉතා ජනප්‍රිය හා අර්ථවත් වී තියෙනවා.
ප්‍රධාන ක්‍රිස්තියානි ප්‍රදේශවල සහ අනෙකුත් නාගරික ප්‍රදේශවල වෙනත් ආගම්වල අයද නත්තල් කැරොල්වලට සම්බන්ධ වීමේ ප්‍රවණතාවක් වර්ධනය වෙමින් තියෙනවා.
සන්දර්භගත වීමේ ක්‍රියාවලිය හරහා නත්තල යන ජනප්‍රිය හා වාණිජකරණය වූ සංස්කෘතියට එහායින්, මෙය ආලෝකයේ සහ ජීවයේ මංගල්‍යයක් ලෙස ශ්‍රී ලංකාව තුළ මුල් බැස ගෙන ඇති බවයි මම හිතන්නේ.
ඉතින් මම මේ දිග වැඩිවුන ලිපියෙන් අදට ඔබෙන් සමු ගන්නවා.
කිතුණු ඥාතීන්ට ‘ ජේසු පිහිටයි “
තෙරුවන් සරනයි.

මම - මීදුම.
A day in the life

0 ප්‍රතිචාර:
Post a Comment