අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
2025-12-07

12/07/2025 03:23:00 pm


හෙයියම්මාරුවට ආවේ බොහෝම කාලෙකින් පස්සේ.


හෙයිම්මාරු නම් අපමනයි. ඒවා කියන්න ගියොත් වෙන්නෙත් හෙයියම්මාරු මයි. 

දැන් ඉස්සර වගේ නෙමෙයි. ඕන දෙයක් කියලා සාවදානව පිලිතුරු අහන්න බැහැ.

බොහෝම දෙනෙක් මේ දවස් වල දෙඹරු වගෙයි. පොඩ්ඩ බැරිවෙන කොට දෂ්ඨ කරනවා.

හොදම ප්‍රතිකර්මේ කූඩු තියෙන තැන්වල සැරිසරණ එක නවත්තන එක.

දෙඹර කූඩු වුනත් කඩලා දාන්න හොද නෑ.ඒවායේ පැණි  බෙහෙතටත් ඕන වෙනවා.

හදාගත්ත කූඩුව කඩා දමයි කියන අස්ථාන බිය හින්දා දෂ්ඨ කරලා,

විලෝපිකයින් පන්නා දමන කුපිත මනසක් දෙඹරුන්ට ඇති වෙලා තියෙනවා.

විලෝපිකයින්ට ඒ තරම් රුදාවක් නැහැ.

විලෝපිකයින් බදාගත්ත බෙරේ ගහගන්න කියලා බලා ඉන්නවා.


මගේ මුණු පොතේ රට ගැන කතා කරන එක දෙඹර කූඩු වලට ගල් ගහනවා වගෙයි.

කූඩු එකිනෙක කඩලා අයින් කරලා ටිකින් ටික සාම කලාපයක් කරගෙන යනවා.

ඒකත් පාඩු තමයි. ඒත් මක්කොරන්න ද ?.


මීදුම පොස්ට් එකකට මෙහෙම මේ  ප්‍රතිචාරය කලා.

“ජනාධිපතිතුමනී..

අවතැන් වූවන් සඳහා නිවාස සාදා ගැනීමට වෙනත් ආණ්ඩු වලින් ලබා දුන්නේ ලක්ශ 15යි,

හැබැයි අපි ලක්ශ 50ක් දෙනවා කිව්වා.

මෑත කාලයේ විශාලම ස්වාභාවික ව්‍යසනයක් ලෙස සිදු වූයේ 2016 ජල ගැල්මයි.

එම අවස්ථාවේ එවකට රජය ලක්ශ 15ක් නිවසක් සඳහා ලබා දෙන අවස්ථාවේ සිමෙන්ති කොට්ටයක මිල රු.660කි.

අද සිමෙන්ති කොට්ටයක මිල 1920කි.

භාණ්ඩ වල මිල තුන් ගුණයකටත් වඩා වැඩි වී තිබෙන අවස්ථාවේ තුන් ගුණයකින් සහනාධාරය ඉහළ නැංවීම අනිවාර්‍යයෙන් කල යුතුය.

එය ඉලක්කමින් ලොකු ප්‍රමාණයක් වූවත් උද්ධමනය නිසා රුපියල අවප්‍රමාණ වීමේ ප්‍රතිපලයක් ලෙස එදා ලක්ශ 15න් ඉදි කල ප්‍රමාණයට වඩා විශාල නිවසක් අද ලක්ශ 50න් වත් ඉදිකල නොහැක.

එදා මේසන් වරයෙකුගේ පඩිය 1200ක් වූ අතර අත් උදව් කරුවෙකුගේ පඩිය රු.750කි.

අද මේසන් වරයෙකුගේ අවම පඩිය 4000ක් වන අතර අත් උදව් කරුවෙකුගේ අවමය 2800කි.


ජනාධිපතිතුමනී.. ඉලක්කම් ලොකුයි.. හැබැයි එයින් කරන්න පුලුවන් වනුයේ වෙනත් ආණ්ඩු කල ප්‍රමාණයම තමයි.


ඔන්න මට පෙරලා ලැබුන ප්‍රතිචාරය.


“බයියන්ගේ බයි කමද,ටොයි යන්ගේ ටොයි කමද කිසිදා සෑහීමකට පත්නොවෙන ගොබිලයෝ වෙත්. “


මම හිතුවේ මේක මෙහෙම වෙන්නේ නෑ .එදයි අදයි සමාන කරන්න බැහැ කියන පැහැදිලි කිරීමක්. එත් එහෙම වුනේ නැහැ .

දෙඹරෙක් වගේ පුතිප්‍රහාරයකින් දමලා ගහලා ! .


“පෘතග්ජන සත්වයෝ නේ අපි කවුරුත්. “  මම නැවතත් ප්‍රතිචාර දැක්වුවා.

කේන්ති ගන්න දෙයක් යැ මම කිව්වේ මම හිතුවා.


“අයියේ ඕක ඒක නෙවෙයි ( කියන්න ඕනි වචනය සදහන් කරන්නෙ නෑ. ඔයා වැඩිහිටියෙක් නිසා)


මම තේරුම් ගත්තා මිත්‍රයාට මළ පැනලා කියලා. ඒ නිසා අපේ පොඩි එකා මට නිතර කියන සන්සුන් වෙන්න සීයේ කියන උපදේශය මිත්‍රයාට කිව්වා.


“පුංචි මූණුපුරා තාමත් තුන් වසරේ. එයා නිතරම කියන දෙයක් තමයි සන්සුන් වෙන්න සීයේ " කියලා.

මම සන්සුන්.

ආවේග ඇති කරගන්නේ නැහැ. “

කියලා අකුලා ගත්තා.


ඔන්න මිත්‍රයා කියනවා 


“අන්න හරි. “

කියලා.


පුංචි එකාට තරම්වත් වැඩිහිටි අපිට විමසීමක් ඉවසීමක් නැහැ.


ඔය වගේ  “හෙයියම්මාරු“ නිතර වෙනවා. සතියකට දවසක් වත් මේ ටැග් එක යට අපි හමුවෙලා දොඩමළු වෙමු.


A day in the life
Next
This is the most recent post.
Older Post

0 ප්‍රතිචාර: