අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
2025-12-14

12/14/2025 10:00:00 pm


වැහි කුණාටුව ජීවිතය අවුල් කලා . දවසත් අවුල් කලා

අපේ ජීවිතදැන් යථා තත්වයට පත්වෙමින් තියෙනවා.

ඒත් කුණාටුවෙන් විපතට පත්වුන අවතැන් වුන ජීවිත……. 

ආණ්ඩුව සැලී නිසල වෙමින් ඉන්න බවක් තමයි පේන්නේ.

මහින්ද ජයසිංහ කියනවා කාලගුණය වෙනස් වීම් දැනගෙන නොකියා හිටපු විපක‍්ෂයටනඩු පවරන්න ඕන කියලා.

කාලගුණ දෙපාර්තමේන්තුව තියෙන්නේ පාලක පක්ෂය යටතේ….

විපක්‍ෂය යටතේ නෙමෙයි.

මෙහෙමත් ………ඉන්නවා නේ.

ඔය අවු අස්සේ කේ.ඩී සරත් පොලොන්නරුවේ රජ වෙලා.

අවතැන් ජනතාවට සැලකුම් කල පාර්ශවයන්ට ස්තුති කරනවා.

පොලොන්නරුව රාජ්‍ය නායකයා වශයෙන්.

ඔය හෙයියම්මාරු අස්සේ මෙටාවේ මාර යුද්ධයක්. ඕං අහගම්මුකෝ.


“ මේ දවස්වල දේශපාලනේ පෝස්ට් එකක් දාලා කට්ටිය ඇවිස්සුවේ නැත්නම් කෑවේ නෑ වගේ “ මට ප්‍රශ්නයක්  ?.

මමත් මේ දවස්වල එහාට මෙහාට විසි වෙන පෝස්ට් වගේම ප්‍රතිචාරත්  ඉවසන්නේ හරිම විනෝදයෙන්. 

මම ඒවා බැරෑරුම්ව හිතන්නත් බාර ගන්නත් පෙළඹ‍ෙන්නේ නැහැ.

සමහර වෙලාවට බරපතල ලෙස අපහාස කරන අවස්ථාත් තියෙනවා. 

මගේ දේශපාලන මතය දරන්නේ නැත්නම් මම  පාදඩයා, අවජාතකයා , ගවයා වෙනවා.

වලව් වල වලං හෝදන අවලංළු. ගොන් ආතල් ගන්නවා කියලත් අහන්න වෙනවා.

ඔය වගේ දේවල් දරාගත්තොත් මහත් පීඩාවක් ඇති වෙනවා බැහැර කලොත් දැනෙන්නේ සහනයක්.


“මටත් ඔය ලෙඩේ බෝවෙලා අයියේ”  

මෙහෙම කිව්වේ සංවරව ප්‍රතිචාර දක්වන්නෙක්.

ජොලි වැඩේ කලබල වෙනවා දකින කොට හිතෙන දේවල් වලට හිනා.මම කියනවා.

“මදෑ ඔහොම හිටියා “ කෙටි ප්‍රතිචාරයක්.

“පොහොට්ටුවෙන් මාලිමාවට මාරැ වුන එකෙක් ඇවිස්සුවනම් තවත් මරැ..තවත් කෙනෙක්ගේ අදහසක්.

“නිදාගන ඉන්න කොටියෙක් ඇහැරෙව්ව වගේ.

මට අනුකම්පා කරන අයත් ඉන්නවා.

“හැබැයි වෙන අයගේ දේශපාලන පොස්ට් වලට උත්තර දෙනවා.......ඒත් .......ඔබගේ පොස්ට් වලට වැරැද්දක් කියන්න හිතෙන්නේ නැ....හිත් රිදවා ගන්න අකමැති නිසා .....කව්රු රජ උනත් අපි හම්බ කරොත් අපිට කන්න පුළුවන් .....එච්චරයි ....හැබැයි හම්බකරගෙන කන්න හරි රටක් තියෙන්න එපැයි ........“ 

මම කියනවා ….

“................මට ඒ තරම් හිතන්න දෙයක් නැහැ .දේශපාලන විග්‍රහ වලට කැමතියි .මොන විදියේ කෝන වලින් තිබුනත් කියවනවා .දේශපාලන අදහස් වලින් සමාජය එක එක ගොඩවල් වලට ගහ ගන්නේ නෑ .තම තමන්ට පෞද්ගලික අදහස් මතිමතාන්තර තියෙන්න පුළුවන් .ටිකක් අප්‍රසන්න දේශපාලනය මුල් කොට ගැරහීමට ලක් කරන එක.“


“....................ගොඩක් දෙනා එහෙම නැහැ ...මොකේ උනත් තමන් තෝරාගත් කෙනාට පක්සව ලියනවා...අවුස්සගන්නවා කියන මහා දාර්ශනිකයොත් රටකාපු හොරෙකුට කඩේයන ගමන් පොරක් වෙන්න බලනවා“ ......මේ තමන්ගේ මතිමතාන්තර තහවුරු කරන හිතවතෙක් . 


හැම වෙලාවේම කොක්කක් තමයි. මට නම් විනෝදජනකයි. ඒ්ත් රුධිර පීඩනයට නම් අගුණයි කියලා මතක් කරනවා. වැඩක් නැහැ.


“..............උන් පට්ට කුහකයෝ “ පුංචි ළමෙක් ගලක් අරන් ගැහුවා වගෙයි . කියලා මම හිතලා

මෙහෙම කියනවා

“.................ඔයාට නම් තියෙන්නේ පට්ට කේන්තියක්. මම නම් උපේක්ෂාවෙන් බලනවා .හැම කෙනාටම නිදහස්ව හිතන්න හැකියාව තියෙනවා නේ.“ කියන මට මතක් වෙනවා මම ගැන යටි හිත‍ේ කේන්තියක් තියෙනව ද කියලා “රටකාපු හොරෙකුට කඩේයන ගමන් පොරක් වෙන්න බලනවා “ කියන නිසා.

.“.................................කේන්තියක් නැහැ ....අවුස්සනවා කියන්නෙ පොර ටෝක් කතාවක්....නිදහසේ ලියනකොට අවුස්සනවා කියන්නෙ මොකක්ද ? ඒක පට්ට කුහක කතාවක්.“............... 

සන්සුන් වෙන තුරු තර්ක කරන එක නතර වෙන්නේ නැහැ. 

එයාට ජයග්‍රණය දුන්නම මම නිදහස්.

මම දන්නවා ........ මල්ලීගේ අදහස් තහවුරු කර ගන්නා කෙනෙක් කියලා ඕන දෙයක් හිතා ගන්න .මට කමක් නැහැ

“.................ඇවිස්සුව නේද“ මේ සංවාදය බලලා තව එක්කෙනෙක් කියනවා.

....................ආදරෙයි. මම කියනවා.


රටට ආදරේ අයත් ඉන්නවා .තමන්ට ආදරේ මම වගේ අයත් ඉන්නවා.ඔය කුහකයි , අවජාතකයි වලව්වල වලං හෝදනවා කියලා කිව්වේත් ගොන් ආතල් ගන්නවා කියන්නේත් ඒ් අයට. 

කුහකයිනට වෛර කරන අයත් ඉන්නවා.

ආදරේ කරන අයත් ඉන්නවා.








A day in the life

0 ප්‍රතිචාර: