මේ දෙතැනම හැදෙන කුණාටුවල පොදු ලක්ෂණයක් තියෙනවා.
උත්තර අර්ධ ගෝලයේ සියළු කුණාටු කැරකෙන්නේ වාමාවර්තව. ඒවා ගමන් කරන්නේ ලෝක සිතියමේ පහළ සිට ඉහළට C අකුරේ හැඩය ගත් වක්‍රයක. කුණාටුවක ලෙවල් තුනයි; අවපාතය (D), කුණාටුව (S), හරිකේන් (H). අපිට කාලෙකින් ආව කුණාටුව මේක වුනාට; ඔය ගල්ෆ් බොක්කෙ තියෙන ෆ්ලොරිඩා, හූස්ටන්, නිව් ඔර්ලන්ස් වගේ ප්‍රදේශවලට හරිකේන් මට්ටමේ කුණාටු අවුරුද්දකට දෙක තුනක් එනවා.
හරිකේන් එකක වැස්සට වඩා හුළගෙන් වෙන හානිය වැඩියි. කුණාටුව ගොඩ බිමට ආව ගමන් ශක්තිය හීන වෙනවා. කුණාටුව ජවය ලබන්නේ උෂ්ණත්වයෙන් වැඩි මුහුදු ජලය මතින් ගමන් කරද්දී. කුණාටුව බිහි වෙන්නේ මුහුදේ උෂ්ණත්වය අවට ගොඩ බිමට සාපේක්ෂව වැඩිවීම නිසා හටගන්නා වායු ධාරවලින්.
සෘතු බේදය නිසා උත්තර අර්ධ ගෝලයට එහෙම උෂ්ණත්ව වෙනස ඇතිවෙන්නේ වසරේ අවසන් මාස කිහිපයෙයි. ඒ කියන්නේ හැම වසරෙම මේ කාලේ කුණාටුවක් බලාපොරොත්තු විය හැකියි.
හැබැයි ඉතින් කුණාටුවක් හටගෙන ඔය පෙන්වන වක්‍රයේ යන්න දින කිහිපයක් ගතවෙන නිසා ඉවත්වෙන්න ඕන තරම් කල් තියෙනවා. අනික හුඟක් කුණාටු මුහුදෙ හටගෙන මුහුදෙම වියැකිලා යනවා. ඒත් එකම ප්‍රන්තෙට එකම අවුරුද්දේ කුණාටු දෙක තුන වැදිච්ච අවාසනාවන්ත කාලත් තියෙනවා. ඔය ලංකාවේ වැදුන දිත්වා කුණාටුවත් එහෙම අවාසනාවන්ත එකක්.
කුණාටුවක් ලංකාවේ වැදුනොත් වැස්සෙන් වෙන හානිය වැඩියි. හේතුව කුණාටුව වාමාවර්තව කැරකෙන නිසා බෙංගාල බොක්කේ ජල වාශ්ප අරන් එන කුණාටුවේ උතුරු කොටසේ හුලං ධාරාව කැරකිලා ඇවිත් වදින්නේ මධ්‍යම කඳුකරයේ ඊසානදිග බෑවුමේ. ඒකයි ඒ බෑවුමේ ඇති නුවර, බදුල්ල, මාතලේ දිස්ත්‍රික්කවලට තදින් වැස්සේ. නිරිතදිග බෑවුම කඳුකරයෙන් කවර් වෙනවා; කළුතර, ගාල්ල, මාතර අය බේරුනේ එකයි.
අනික් කාරනය; ස්ටොර්ම් එකක් හරිකේන් එකක් තරම් වේගයෙන් ගමන් කරන්නෙ නෑ; ඒ නිසා එක තැන කැරකි කැරකි වැඩි වැස්සක් ගෙනත් දෙනවා!
day in the life
0 ප්‍රතිචාර:
Post a Comment