යකඩමරං වලට අපි කිව්වේ මරං කියලා. මරංගහවෙල ,මරංගොඩ අපේ පැත්තේ තියෙන ගම්මාන.
මේ පැත්තේ නිසරු බෑවුම් පතන් ලදු කැලෑ මීට අවුරුදු සීයයකට වගේ පෙර වැහිලා තිබුනේ මරං ගස් වලින්.
ජනගහණය ව්‍යාප්ත වීමත් එක්ක මේ බිම් ජනාවාස වුනා .මරං ශාඛය ටිකින් ටික පර්සරයෙන් සමුගත්තා.
ඊට අමතරව බෑවුම් සහිත කදු අක්කර දහස් ගනනක් පයිනස් යුකැලිප්ටස් වගෙ විදේශීය ශාක වලින් වැහුනා.
මහින්ද කුමාර දළුපොත මහත්තයා ගේ නිරීක්‍ෂණ එතුමාගේ වචනයෙන් මෙහෙමයි..
“යකඩමරං කෝටු නිත්තෙන්ම ගත්තේ, යපස් උණුකිරීමටයි. සබරගමු යපස් උණුකිරීමේ මූලික ඉන්ධනය .ඒ වගේම කඳුකරයේ පස් හෝදාපාළු වළකා ගත්ත ප්‍රමුඛ ශාක විශෙශ්ෂයක් තමයි , යකඩමරං ගස් . ඕනැම කන්දක ඕනැම පාංශුව්‍යුහයක් යටතේ ස්වාභාවිකව සාරෙට වැවෙන යකඩමරං ගස් ,අපේ මුතුන්මිත්තන් නිකං නිරපරාදේ කපන්නට දුන්නේ නැ ඒක තහංචියක් .
දියඌලවල් බහුල කඳුවල පස් තට්ටු පහළට රූටනවා නම්, ඒ තැන්වල යකඩමරං ගස් හිටුවීමෙන් පස රැකගත්තේ .
ඒ වගේම අව්වට ,තද වැස්සට වගේම හුළංමාරාවට හොඳින් ඔරොත්තු දීමේ ගුණය යකඩමරං ගස් සතුයි . ඉබේ බෝවෙනවා .ආයේ අමුතු රැකුම් බැලුම් ඕනේ නෑ . යකඩමරං ගස් දරට ගන්න බෑ . ඒවා ගත්තොත් මැටි මුට්ටි පැලෙනවා එච්චර දැඩි ගින්දරක් තියෙන්නේ .
යකඩමරං ගස් හා සබැඳි උරුමයන් යළි යළිත් හඳුනාගනිමින් ඒවා භාවිතයට ගත යුතු බවයි මේ සුළිකුණාටුව අපට මතක් කරලා දෙන්නේ .යකඩමරං ගස් වගේම මුල් මණ්ඩලය හරිම සවිමත් .
යකඩමරං ගස් වතු වගාවත් සමඟ විනාශ කරලා දැම්මා . දැන්වත් නායේ යන තැන්වල කඳුමුදුනේ අතරේ යකඩමරං ගස් හිටුවීමෙන් අනාගත උවදුරු වළකා ගත්ත පුළුවන් .
හැබැයි අපේ වනරක්ෂණය මනාප නැ දේශීය හා අපට ආවේණික ශාක හිටුවන්න..
ෆයිනස්, යුකැලිප්ටස්, හා අපේ කඳුකරයට නොගැලපෙන ශාක වවලා ඊගාවට එන නායේයෑමට නම් උත්තර නැ රජෝ.

A day in the life
0 ප්‍රතිචාර:
Post a Comment