උඩඟු නොව මහණ ! උඩඟු නොව මහණ !! උඩඟු නොව මහණ !!!
වර්ෂ 1752 දී මහනුවර මල්වතු මහා විහාරයේ ආවාස ගෙයි බිත්තිය මත ඉහත පාඨය තෙවරක් ලියූ තල් පතක් දක්නට තිබිණි.
එය ලියූ මහා යතිවරයාණන් නොවන්නට වර්තමානයේ ජීවත් වන අප සද්ධර්මය නොදන්නා, කිසිදු ආධ්‍යාත්මික සුවයක් නොලබන, සමාජයක සාමාජිකයන් වීමට සීයට සීයක්ම ඉඩ තිබිණි.
එහෙත් මහනුවර තුම්පනේ පිහිටි වැලිවිට ග්‍රාමයේ කුලතුංග නම් මුදලිවරයාට දාව 1698 ජූනි 18 වැනිදා උපන් කුලතුංග මුදියන්සේලාගේ පුංචි බණ්ඩාර නම් පුත් කුමරා පසු කලෙක මේ ඉරණමින් අප මුදවා ගැනීමේ යුග මෙහෙවර සියතට ගත්තේය.
ඒ වනාහී අන් කිසිවෙක් නොව, පසු කලෙක කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් සංඝරාජ පදවියෙන් පිදුම් ලද රාජගුරු පිණ්ඩපාතික, අසරණ සරණ වැලිවිට ශ්‍රී සරණංකර මහනායක හිමියෝය.
උන්වහන්සේ මෙලොව එළිය දුටු කාලය වනාහී සීතාවක රජ ශිවාගම වැළඳගෙන බුදු සසුනට කළ විනාශයත්, පෘතුගීසි ආක්‍රමණයත් නිසා ලක්දිව බුදු සසුන බෙහෙවින් පිරිහී තිබූ කාලයකි.
මෙකල ශාසනය සාමණේර වහන්සේලා සහ කහ වතින් සැරසුණු ගිහියන් එනම් ගණින්නාන්සේලා සුළු පිරිසකට සීමා වී තිබිණි. මෙම ගණින්නාන්සේලා ආගමික කටයුතුවලදී කහ වතින් සැරසී එම කටයුත්ත නිමා කොට යළි ගිහි ඇඳුම් ඇඳ ගොවිතැන් කටයුතු ආදියේ නිරත වීම සාමාන්‍ය සිරිතකි.
වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ මෙකල ලංකාධීශ්වරයා වූයේය. කුලතුංග මුදලිට තම පුතණුවන් රාජ සේවයට සමීප කරවීමට අවශ්‍ය වුවත්, කුලතුංග දරුවා වඩාත් රුචි වූයේ ආගමික කටයුතුවලටය.
පසුව හේ සූරියගොඩ විහාරයේදී සරණංකර නමින් පැවිදි වූ අතර, සරණංකර සාමණේරයෝ එකල තිබූ පත පොත හදාරමින් තම අධ්‍යාපන කටයුතු දියුණු කරගන්නට වූහ.
සරණංකර හිමි පාලි උගතකු වූ ලෙව්කේ රාළහාමි වෙතින් පාලි බසත්, වටපුළුවේ නම හා පල්කුඹුරේ අත්ථදස්සි යන අය වෙතින් පාලි, සංස්කෘත භාෂාත් උගත්තේය.
කෙමෙන් කෙමෙන් උන්වහන්සේ තමන්ට හා ධර්මයට හිතවත් පිරිසක් රැස්කර ගැනීමට කටයුතු කළහ. ඒ අතර සිටිනාමළුවේ සිල්වත් නම, ඉලිපැන්ගමුවේ සිල්වත් නම, ඊසිපිටියේ සිල්වත් නම, කළුහගොඩ සිල්වත් නම, නාගොල්ලේ සිල්වත් නම, අලුත් නුවර සිල්වත් නම, මැදවල සිල්වත් නම, කුඹල්දිවෙල සිල්වත් නම, ආදීහු වූහ. මේ පිරිස ජනතාව විසින් හඳුන්වනු ලැබූයේ සිල්වත් සමාගම නමිනි.
වැනසෙමින් තිබූ බුදු සසුන නඟා සිටුවීම උන්වහන්සේගේ ඒකායන අරමුණ වී තිබිණි. උන්වහන්සේගේ අප්‍රතිහත්‍ය ධෛර්යය පිළිබඳ පැහැදුණු රජතුමා වෙතින් එයට රාජ අනුග්‍රහයද ලැබිණි.
මෙම වකවානුවේදී ලක්දිව එකදු උපසම්පදා භික්ෂුවක් හෝ වැඩ නොසිටි අතර, උපසම්පදා වූ භික්ෂූන් වැඩ විසූ බුරුමයෙන් හා සියමයෙන් (වත්මන් තායිලන්තය) භික්ෂූන් මෙරටට වැඩම කරවා යළි ලක්බිම උපසම්පදාව ඇති කිරීම සරණංකර හිමියන්ගේ අරමුණ විය.
මේ සම්බන්ධව සරණංකර සාමණේර වහන්සේ රජුට ඉල්ලීම් කළද, සෙල්ලක්කාර ගති පැවතුම්වලින් යුත් රජතුමා එය සැහැල්ලුවෙන් සැලකීම නිසා එම අදහස ඉටු නොවිණ. නමුත් සරණංකර සාමණේර වහන්සේ එයින් නොසැලී තම ධර්ම ව්‍යායාමය නොනවත්වා සිදුකළහ.
එහි ප්‍රතිඵලයක් වූයේ මෙම සමයේදී උන්වහන්සේ අතින් ග්‍රන්ථ රාශියක් රචනා වීමය. මුණි ගුණ ලංකාරය, අභිසම්බෝධි ලංකාරය, රත්නත්‍රය ගාථා, හේසජ්ජ මංජුසා සන්නය, සතර බණවර සන්නය, මහා බෝධි වංශ සන්නය, රූප මාලාව, පාලි සන්දේශය ඒ අතරින් කැපී පෙනේ.
බුදු සමය රැකගැනීමට අමතරව, දිවයින පුරා ශාස්ත්‍ර ශාලා පිහිටුවමින්, ගිහි පැවිදි දෙපිරිසටම ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබාදෙමින්, ග්‍රන්ථ සම්පාදනයට මඟ පෙන්වමින් දැවැන්ත සාහිත්‍ය හා ශාස්ත්‍රීය පුනරුදයක් ඇති කිරීමටද උන්වහන්සේ පෙරමුණ ගත්හ.
අනතුරුව ශ්‍රී විජය රාජසිංහ රාජ්‍ය සමයේදී එම රජතුමා විසින් සරණංකර සාමණේර වහන්සේ රාජගුරු යන ගරු නාමයෙන් පුදනු ලැබීය.
ඉන්පසු රාජ්‍යත්වයට පත් කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ සමයේදී අමාත්‍යවරුන් දෙදෙනකු හා සිල්වත් සමාගමේ කීප දෙනෙකුන් සහිත දූත පිරිසක් නෞකාවක් මගින් සියම් දේශයට පිටත් කළද එම නෞකාව අනතුරට පත්වීම හේතුවෙන් එම උත්සාහය ව්‍යාර්ථ විය.
දෙවැනි වරටද වෙනත් නෞකාවක් සියමයට යැවීමට කටයුතු කළද එයද අසාර්ථක විය. එහෙත් තුන් වැනි වතාවේදී තාර්කා නම් නෞකාව යොදා ගනිමින් උපාලි ස්ථවිර ප්‍රමුඛ ස්වාමීන් වහන්සේලා විසි එක් දෙනෙකු මෙරටට වැඩමවා ලීමට සරණංකර ස්වාමීන් වහන්සේට හැකිවිය.
කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් මහ පෙරහැරින් මේ භික්ෂූහු පිරිස මල්වතු විහාරයට වැඩම කරවනු ලැබූහ. අනතුරුව එහි ඉදි කළ විසිතුරු සීමා මාලකයකදී උපාලි මහ ස්ථවිරයන්ගේ ප්‍රධානත්වයෙන් උපසම්පදා පුණ්‍ය කර්මය සිදු කෙරිණි. ඒ 1753 වසරේ ඇසළ පොහොය දිනයේදීය.
එදින වැලිවිට ශ්‍රී සරණංකර සාමණේර වහන්සේ ඇතුළු තවත් සාමණේර වහන්සේලා පිරිසක් උපසම්පදා කිරීමෙන් ලක්දිව යළි බුදු සසුන ස්ථාපිත විය. මෙය ඓතිහාසික අවස්ථාවකි. අනතුරුව රජතුමා උපසම්පදා වූ වැලිවිට ශ්‍රී සරණංකර හිමියන්ට සඟරජ තනතුර එදිනම ප්‍රදානය කළේ ඒ සඳහා සැකසූ විජිනිපත උන්වහන්සේට පිරිනමමිනි.
1778 වසරේදී සිය දිවි පෙවෙත නිමා වන තුරුම උන්වහන්සේගේ තම ශාසනික හා ශාස්ත්‍රීය මෙහෙවරට අඛණ්ඩව උර දුන් අතර එකී වෑයම නොවන්නට අද වන විට ලක්දිව බුදු සසුන සපුරා පරිහානියට පත්ව තිබෙන්නට ඉඩ තිබිණි.
එහෙත් ඒ ව්‍යසනය ආපසු හරවා ඉතිහාසය වෙනස් කිරීමේ වගකීම උන්වහන්සේ පසු නොබා සියතට ගත් සේක.
කතෘ නම සඳහන්ව නොතිබුණි.

0 ප්‍රතිචාර:
Post a Comment