අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
2025-12-16

12/16/2025 10:00:00 pm



 බුදුරජාණන් වහන්සේ , ධර්මය  දේශනා කරන්න   මැළිවුණා මුලින්.  සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා  කළේ , අවබෝධ කරගන්න පුළුවන්  සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා. 
1.උග්ගට්තඤ්ඤ.                        
2. විපටිතඤ්ඤ.                      
3.ඤෙය්‍ය .                                    
4.පදපරම.
                                    
මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.            
දෙවැනියා ,ධර්මය  පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.
තුන්වැන්නා කාලයක්  අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.               
පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය  කරා යන්නට  නොහැකි වෙනවා.                   

තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට  දේශනා කළා .
ඇතැම් නෙළුම් මල්,  විල් දියේ ගෑවි,  ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින්  විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ ) 
  
තව සමහර මල් ,  තරමක්  ගැඹුරු  දියේ තිබිලා,  ක්‍රමයෙන්  හිරු එළිය ඊට  වැටුණාම  දියෙන්  මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )
              
තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම,   අමාරුවෙන්  උඩට  මතුවෙනවා .(ඤෙය්‍ය )
          
 තවත්  කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා,  මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන්  ට කියපු උපමාව.............

බුදුන් වදාළ ධර්ම ය  මොනතරම්  සුන්දරද  ?.


A day in the life
Next
This is the most recent post.
Older Post

0 ප්‍රතිචාර: