විපක්‍ෂය ඡණ්දය භාවිතා කරලා නැහැ.
අයවැයට යම් යම් සංශෝධන ඉදිරිපත් කලත් ඒවා පිලි අරන් නැහැ.
ආණ්ඩු කරන්නේ එයලා නෙමෙයි නේ .
මේ වෙලාවේ අර වාහන ගෙන්වන එක වගේ යෝජනා අයවැයෙන් ඉවත් කර ගන්න තිබුනා.
ඕන තරමටත් වඩා වාහන තියෙනවා කියලා නේ කියන්නේ.
පස්ස පැත්ත තියාගෙන යන්න අළුත් වාහනම ඕනයැ.
කන්න ඔන උනාම කඹරගොයත් තලගොයා වෙනවා.
විපක්‍ෂයේ ඡණ්දය වැඩක් නැහැ 159 ක් තියෙන කොට. විපක්‍ෂය විපක්‍ෂව ඡණ්දය නොදීමත් අයවැයට විපක්‍ෂ නැහැ කියනවා වගේ සීතල විරෝධයක්.
රුවින් කියන්නේ මොකක් ද ? කියලා බලමු .එයත් ආණ්ඩුවට විපක්‍ෂයි නේ.
ජනාධිපතිවරණයේදී ඡණ්දය ප්‍රකාශ කරපු ජනතාවට වඩා ප්‍රතිශතයක් වත්මන් ජනාධිපති සහෝදරයාට එරෙහිව ඡණ්දය භාවිතා කරලා තිබුනා.
ඒ ජනමතය තාමත් එහෙමමයි. ඒක වෙනස් වෙලා තියෙන්නේ ජනාධිපතිවරයාට වාසි සහගත විදියට නෙමෙයි.
දිනෙන් දින ගව සම්පත වැඩි වෙනවා.
- මගේ සටහන.
මුලින්ම අකාර්‍යක්ශම සන්නිවේදනය සහ නොසැලකිල්ල නිසා සිදුවූ ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාවට මේ තරමින්වත් සහන පැකේජයක් ලබා දීම ගැන සතුටු වෙමින් ස්තූතිවන්ත වෙමි.
ජනාධිපතිතුමනි. ඔබ තුමා සුනාමි අරමුදලක් ගැන කියනවා දුටු අතර ඒවා හොරකම් කල බව නොකියා කීවෙමි.
ඔබට අමතකද දන්නෙ නෑ සුනාමි ආවේ 2004 දෙසැම්බර් 26 බවත්, ඒ මොහොතේ චන්ද්‍රිකා රජය සමග පරිවාස ආණ්ඩුවක සිටි ජවිපෙ 2004 වන විටත් ආණ්ඩුවෙ පාර්ශවකරුවන් ලෙස ඒ මොහොතේත් සිටි බව.
2005 නොවැම්බර් පැවති ජනාධිපතිවරණයෙදි මහින්ද රාජපක්ශට උදව් කිරීමේදී සුනාමි අරමුදලේ ගැටළුවක් ගැන ඔබතුමාට දැනුනේ නැතැයිද ප්‍රශ්නයක්ව පවතී..
ජනාධිපතිතුමනී..
අද රණවිරුවා ගැන ඉතාමත් ආඩම්බරයෙන් සහ මහත් වූ අභිමානයෙන් කතා කරන ඔබට මැයි මස යුධ ජයග්‍රහන දිනය සැමරුම් උත්සවයේදී රණවිරුවා කියාගැනීමට පණ නැතුව සෙබළා කියා ආමන්ත්‍රණය කල හැටි ඔබට අමතක ඇති. ඔබව එදා සැමරුමට රැගෙන ගිය විදිහ දන්නේ වටේ සිටි පිරිස පමණි.
අදටත් ඔබ කොපමණ ආඩම්බරයෙන් කතා කලත් රණවිරුවා කියා ආමන්ත්‍රණය කිරීමට ඔබට නොහැකි විය.
අදටත් ඔබ කොපමණ ආඩම්බරයෙන් කතා කලත් රණවිරුවා කියා ආමන්ත්‍රණය කිරීමට ඔබට නොහැකි විය.
ජනාධිපතිතුමනී..
මීට මාස කිහිපයකට පෙර හමුදාව ලක්ශයක් දක්වාත්, ගුවන් හමුදාව 18000ක් දක්වාත්, නාවික හමුදාව 40,000 දක්වාත් අඩු කරන බව කිවේ ඔබ තුමාමය.
හැබැයි අද ඔබතුමාට පිහිටට ඇත්තේ ඒ වීරෝධාර රණවිරුවන් පමණි.
ජනාධිපතිතුමනී..
මේ රටේ කිසිම දවසක කඳු මුදුන් වල නිවාස සෑදීමේ trend එකක් තිබුනේ නැත. හැබැයි කඳු මුදුන් වල පන්සල්න සෑදුනි. ඔබ තුමන්ලාගේ 3% පාක්ශිකයින් ඒ පන්සල් විවේචනය කිරීම අප ඕනෑ තරම් දැක තිබේ.නිවාස සෑදීමේ trend එකක් නොමැති අවස්ථාවක කඳු මුදුන් වල ඉදිකිරීම් නැවැත්වීම ප්‍රෙහෙලිකාවකි.
ජනාධිපතිතුමනි..
මේ වසරේ වියදම් සඳහා ඔබ තුමා ඉදිරිපත් කල බිලියන 50ක පරිපූරක ඇස්තමේන්තුව සහ දැනට පවතින බිලියන 22.5 ආපදාවට පත් වූ ලක්ශ 17ක ජනතාව වෙනුවෙන් වියදම් කරන බව සඳහන් කලාය.
නමුත් ඔබතුමාගේ අයවැයෙන් බිලියන 60ට වැඩි මුදලක් CAB රථ සඳහා වෙන්කර ඇති අතර මේ මොහොතේ ඒ අනවශ්‍ය වැය බර කපා හැර කැපකිරීමක් කිරීමට සූදානම් නැති බව අපි දුටිමු.
ජනාධිපතිතුමනී..
අවතැන් වූවන් සඳහා නිවාස සාදා ගැනීමට වෙනත් ආණ්ඩු වලින් ලබා දුන්නේ ලක්ශ 15යි, හැබැයි අපි ලක්ශ 50ක් දෙනවා කියන ලදි.
මෑත කාලයේ විශාලම ස්වාභාවික ව්‍යසනයක් ලෙස සිදු වූයේ 2016 ජල ගැල්මයි. එම අවස්ථාවේ එවකට රජය ලක්ශ 15ක් නිවසක් සඳහා ලබා දෙන අවස්ථාවේ සිමෙන්ති කොට්ටයක මිල රු.660කි.
අද සිමෙන්ති කොට්ටයක මිල 1920කි.
භාණ්ඩ වල මිල තුන් ගුණයකටත් වඩා වැඩි වී තිබෙන අවස්ථාවේ තුන් ගුණයකින් සහනාධාරය ඉහළ නැංවීම අනිවාර්‍යයෙන් කල යුතුය.
එය ඉලක්කමින් ලොකු ප්‍රමාණයක් වූවත් උද්ධමනය නිසා රුපියල අවප්‍රමාණ වීමේ ප්‍රතිපලයක් ලෙස එදා ලක්ශ 15න් ඉදි කල ප්‍රමාණයට වඩා විශාල නිවසක් අද ලක්ශ 50න් වත් ඉදිකල නොහැක.
එදා මේසන් වරයෙකුගේ පඩිය 1200ක් වූ අතර අත් උදව් කරුවෙකුගේ පඩිය රු.750කි.
අද මේසන් වරයෙකුගේ අවම පඩිය 4000ක් වන අතර අත් උදව් කරුවෙකුගේ අවමය 2800කි.
ජනාධිපතිතුමනී.. ඉලක්කම් ලොකුයි.. හැබැයි එයින් කරන්න පුලුවන් වනුයේ වෙනත් ආණ්ඩු කල ප්‍රමාණයම තමයි.
ජනාධිපතිතුමණී..
ඔබතුමාගේ මුදල් එකතු කිරීමේ කමිටුව විවේචනය සම්බන්දයෙන් විශාල දුකකින් සහ තරහකින් සිටි බව අපිට දැනුනි.
නමුත් ඔය කමිටු සාමාජිකයින් බහුතරයක් ගෝටාබය ආණ්ඩුවේ ආර්ථික උපදේශකයින් ලෙස වැඩ කරන කාළයේ ඔබතුමන්ලා ඔවුන්ව විවේචනය කල හැටි අපට අමතක වී නැත.
අවසාන වශයෙන් ජනාධිපතිතුමණී.. වටගලගේ කන හරහා මොලයට ටොකු ඇනීම ගැන ඔබට ස්තූතී වන්ත වන අතර ඔය උද්දච්ව් මැති ඇමතිවරුන් මහපොලවට ගෙන්නාගන්නා ලෙස ඉල්ලා සිටිමි..
රට ගොඩ නැගීමට දිවා රෑ නොබලා ඔබ තුමා මහන්සි වන බව ප්‍රංශයෙන් අපට දිනපතා මතක් කරන බැවින් ඒ මහගු කාර්‍යට ඔබ තුමාට ස්තූතිවන්ත වෙමි.
අපි ඩොලර් එවන්න කියන්නේ නැත.
අපි මිනිස්සු පාරට බස්සල උද්ගෝෂණ කරවලා ව්‍යසන අවස්ථාවේ වාසි ගන්නේ නැත..
කොටින්ම කිවුවොත් මීට පෙර ව්‍යසන අවස්ථාවකදී ජෙප්පන් හැසිරුනු අයුරින් අපි හැසිරෙන්නේ නැත.
මොකද මේක අපෙත් රට. මේක වැටෙනවාට අපි කැමති නැත.
- Ruwin Fernando
A day in the life
0 ප්‍රතිචාර:
Post a Comment