මේ කතා බහේදී අපට මග හැරුන තැන් කිහිපයක් තියෙනවා.
අපි කල්තොට ට ගියේ බෙල්ලන්ගල දූර්ගය හරහා ඒ මැදින්.
මධ්‍යම කදුකරයේ දකුණු මායිම දිගේ.
දේශගුණය ටිකින් ටික වෙනස් වෙලා ටිකක් උෂ්න දේශගුණයට අපි සංක්‍රමණය වෙනවා කල්තොට දී.
කල්තොටට යන ඔබට මධ්‍ය කඳුකරය අවසාන වී පහතරට වියළි කලාපය ආරම්භ වන ආකාරයත් විඳගන්නට ලැබෙනවා.
රජවක තංජන්තැන්න හරහා කල්තොටට යන විට අපි ගියේ බෙල්ලන්ගල කන්ද හරහා තැනූ මාර්ගය ඔස්සේයි.
මේ කන්ද භු විද්‍යාත්මකව වැදගත් වන්නේ මධ්‍යම කඳුකරයේ අවසානය සටහන් කරනා නිසයි. භූ විද්‍යාඥයන් එයට පවසන්නේ දක්ෂිණ වේදිකාව කියලයි.
එහි උතුරු මායිමේ පිහිටා තිබෙන්නේ රජවක ඖෂධ උද්‍යානයයි. අතරමැදි කලාපයට අයත් මෙහි වියළි කලාපීය වනාන්තර වගේම තෙත් කලාපීය වනාන්තරත් පැතිර තිබෙනවා.
බෙල්ලන්ගල කන්ද වටිනා ඖෂධයක් වන ගම්මාලු ගස්වලට ප්‍රසිද්ධයි. සමහර තැන්වල ගම්මාලු ගස් මණ්ඩි වශයෙන් දක්නට තිබෙනවා. සංජීවනී නම් දුලබ ඔසු පැළෑටිය ද මෙහි තිබෙනවා. බිංකොහොඹ, කොතලහිඹුටු වැනි ඖෂධ වගේම අප රටට ආවේණික මැන්දෝර ගස්ද, නෙල්ලි, බුරුත, වීර, කහට, කිරිකෝන් ආදී ගස්ද මේ වනාන්තරයේ අගය ඉහළ නංවනවා. මෙම දුර්ග මාර්ගයේ ගමන් කරන විට පහළින් වලවේ ගංගා මිටියාවත හා උඩවලව වනෝද්‍යානය අලංකාරව දිස්වන අයුරු දැකගත හැකියි.
බෙල්ලන්ගල කන්ද පසුකර ටික දුරක් ගමන කරන ඔබ පිවිසෙන්නේ කල්තොට කුඩා නගරයටයි. එය තවමත් නාගරීකරණය නොවූ ප්‍රදේශයක්.
https://www.youtube.com/watch?v=0AVPxbuFGGM මේ වීඩියෝ බෙල්ලන්ගල කන්ද නැවත සිහිකරාවි .
කල්තොට සිට දියවින්නට ආ අපි එදා ගමන නිමා කලා මතක ඇති.
අද තුන්වන දවස.
අපි බෙලිහුල්ඔය නවාතැනේ සිට සමනල වැව ,මුල්ගම ,වටවල හරහා රජවකට ආවා . එතනින් කල්තොටට නොගිහින් සමනල වැව විදුලි බලාගාරය පාර දිගේ කපුගලට එනවා.
සමනල වැව පසු කරන අපිට මුල්ගම හමුවෙනවා.
මුල්ගම ක්‍රිව 1815 තරම ඓතිහාසික සාධක ඉතිරි කල ගමක්.
එකල ඉදි කල පැරණි වළව් සහ පැවත එන පරම්පරා ගමේ පදිංචිව ඉන්නවා.
ගමට පිවිසීමට සමනලවැව - කපුගල පාරෙන් හැරී යායුතුයි. ඒ මග හමුවන අහස් පොකුණ , මල් මී කදුර සුන්දරයි.
කෑම්පින් වලට අපුරු නවාතැනක් මුල්ගම.
අපි මුල්ගමින්
කපුගල සිට වැලිගෙපොලට එමු.
කපුගල දී අපට සමනල වැව ජල විදුලි බලාගාරය පසුකරගෙන එන විට
හදගිරිගොඩ - උඩවලව දෙවන පිවිසුම මුණ ගැහෙනවා. තාමත් සංවර්ධණ සිහින දකින මෙම ව්‍යාපෘතිය උඩවලව වනෝද්‍යානයට බලන්ගොඩ දෙසින් ඇතුල්වීමට කෙටි මගක් වෙනවා.
මෙය සම්පුර්ණ වුනොත් උඩවලව හරහා ඇඹිලිපිටියට යා හැකි දුර අඩු වෙනවා.
මෙතන සිට වැලිගෙපොලට දුර කිමි 16යි .
හදගිරිය - චන්දන ග්‍රාමය
වර්තමානයේ හදගිරිගොඩ ග්‍රාම සේවා වසම් දෙකක් හදගිරිය ලෙසින් පවති. වැලිගෙපොල සිට 8km පමණ කපුගල මාර්ගයේ ගමන් ගත් පසු මෙම ස්ථානයට ළගා විය හැක.වළව ගං මිටියාවතේ පිහිටි මෙම රාජධානිය කෘෂිකාර්මික අතින් ඉතා සරුසාර ප්‍රදේශයකි.ජය ශ්‍රි මහා බෝධින් වහන්සේ රෝපණ උත්සවයේදි රෝපණය සදහා බෙදන ලද අෂ්ටපල බෝධින් වහන්සේගෙන් එක් අංකුරයක් ලෙස හදගිරියේ පිහිටි බෝධින් වහන්සේ බව ඉතිහාසයේ සදහන් වේ.
බමරගල ආරන්‍ය සේනාසනය
ක්‍රි.පු.2-3 සියවස් වලට අයත් බැව් පැවසෙන කටාරම් සහිත ලෙන් හා ශිලා ලිපි සහිත පුරාණ විහාරයක් වන මෙය වැලිගෙපොල සිට 19km පමණ දුරින් පිහිටා ඇත.
ඉළුක්කුඹුර ලුණු ගල් ලෙන
වසර 6350 ක් පමණ පැරණි ආදිවාසි පරිහරණයක් සහිතව ඇතැයි කියන ගල්ලෙනක් වන මෙය වැලිගෙපොල සිට 15km පමණ දුරින් පිහිටා ඇත.
කොට්ටිඹුල්වෙල විහාරය
වළගම්බා රජතුමා විසින් කරවන ලද ඉතා මනරම් කටාරම් සහිත සිතුවම් සහිත ලෙන් විහාරස්ථානයක් වන මෙය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සිට 8km පමණ දුරින් පිහිටා ඇත.

![]() |
මුල්ගම වලව්වක් |

මෙහිදී කොට්ටඉඹුල්වල අසල තිබෙන ලෙන් දොර කදුවෙල ගල් ගුහා වල මෙන්ම කොට්ටඉඹුල්වල ද වලගම්බා කුමරු සඟවී සිටි බව ජනප්‍රවාදයයි. මෙසේ සිටින අතර විහාරාධිපතීන් වහන්සේගේ සහාය ඇතිව කොට්ටඉඹුල්වලින් යුද්ධ හමුදාවක් රැස් කරවා ගෙන එතනින් හම්බගමුවට ගොස් එහි කොටවෙහෙරේ විසූ තෙරුන් වහන්සේ ගේද සහයෝගයෙන් තවත් සේනාවක් ලබා ගෙන පිහිටි රට බලා යන අතර මගදී එකතු වූ සේනාවන්ද සහාය කොට ගෙන දමිළ සංහාරය කොට ත්‍රිසිංහලය එක්සේසත් කිරීමෙන් පසු සේනා සංවිධානය කිරීමෙහිලා ප්‍රථමයෙන්ම තමා හට උපකාර කළ කොට්ටඉඹුල්වල විහාරාධීපතීන් වහන්සේට අභයරාජ යන ගෞරව නාමය දී විහාර ගල මුදුනට නැග ශක්තිමත් පුරුෂයෙකු ලවා ලෝකඩ තම්මැට්ටමක් ගස්වා අවට ඇසෙන භූමි ප්‍රදේශය ශාසනාන්තර්දානය දක්වා විහාරය විරස්ථායි වනු වස් උන් වහන්සේට පිදූ බව පිළි ගැනේ.
ඓතිහාසික වටිනාකමින් යුතු බිතුසිතුවම් රාශියකි.
වරක් මේ බිතුසිතුවම් තැපල් මුද්දරයකටද යොදා ගෙන තිබිනි.
මෙසේ අප ගමනේ තුන්වන දිනය කොට්ටිඹුල්වල විහාරයෙන් නිමවිනි.
2 ප්‍රතිචාර:
හරිම අපූරු විස්තරයක්. හොඳට රසවින්ඳා. ස්තූතියි 👌💐
ස්තුතියි.
Post a Comment