Friday, March 29, 2024

The Dali, ඩාලි



 ෆ්රැන්සිස් ස්කොට් කී  Francis Scott Key Bridge  පාලම කඩා වැටීමට තුඩු දුන් අවස්ථාවන්හි විස්තර භාණ්ඩ නෞකාවේ "කළු පෙට්ටිය" මුහුදු ගමන් දත්ත පටිගත කිරීමේ න්ත්යෙන් (VDR) සොයා ගන්නා ලද්දේ නියමුවා ඉදිරි තත්වය පිළිබඳව බලධාරීන් දැනුවත් කිරීමට උත්සාහ කරන විටය.

 අඩි 984 ක් දිග  සිංගප්පූරු ධජය සහිත The Dali, ඩාලි යාතරාව බැල්ටිමෝර් වරායෙන් පිටතට යාත්රා කිරිමේදී විදුලිය අහිමි වී අඟහරුවාදා අලුයම 1:27  පමණ පාලමේ ගැටී ඇති බව ජාතික ප්වාහන ආරක්ෂණ මණ්ඩලය National Transportation Safety Board පවසයි. නැගෙනහිර වෙරළේ නාවික ගමනාගමනයේ සැතපුම් 2කට ආසන්න  වූ පාලම තත්පර කිහිපයකින් the Patapsco River පැටප්ස්කෝ ගඟට කඩා වැටුණි.

 බිඳවැටීමට ප්රතිචාර වශයෙන් ප්රාදේශීය, රාන්ත සහ ෆෙඩරල් නිලධාරීන් ඒකාබද්ධ ප්රකාශයක්  මගින් ,  නිවේදනය කළේ සුන්බුන් වලින් ගඟේ ඇති අනතුරුදායක තත්වයන් හේතුවෙන් කිමිදුම් මෙහෙයුම් සහ වාහන ගමනාගමය  අත්හිටුවා ඇති බවයි.

 අනතුරෙන් පසු ඩාලි හි සාමාජිකයින් 22 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය ාත්රාවේ  රැඳී සිටින බව වෙරළාරක්ෂක රාකාශක සින්තියා ඕල්ඩ්හැම් Cynthia Oldham පැවසීය. නෞකාවේ සිටි කිසිවකුට තුවාල සිදුවී නොමැත. පාලම කඩා වැටෙන විට ඉදිකිරීම් කම්කරුවන් අට දෙනකු පාලමේ වළවල් සකස් කරමින් සිටියහ. ඔවුන්ගෙන් දෙදෙනෙකු දිවි ගලවා ගත් අතර අනෙක් අය මිය ගොස් ඇතැයි අනුමාන කෙරේ.

 වීණයන් ඇස්තමේන්තු කරන්නේ පාලම ප්රතිසංස්කරණය කිරීමට වසර දෙකක් ගත වන අතර යුහයේ අත්තිවාරම දිය යට තත්ත්වය මත පදනම්ව අවම වශයෙන් ඩොලර් මිලියන 350 ක් වැය වනු ඇති බවයි. එක්සත් ජනපද වාහන ලේකම් පීට් බුටිගීග් පැවසුවේ  හදිසි වැඩ සඳහා ෆෙඩරල් අරමුදල්වල පළමු ඩොලර් මිලියන 60 අනුමත කර ඇති බවයි.

 

A day in the life

ඉලපත (ඉලිපොත)




අදවගේ නෙවේනෙ අතීතයෙ තිබ්බේ කටු මැටි ගහලා බිත්ති බැදපු ගෙවල්. එව්වාට බිම මැද්දේ මැටිත් එක්ක ගොම කලවංකරලා. මැටි ගෙයි ගොම ගාපු බිම පුදුම නැවුම් සුවදක් එන්නේ.. ඒවායෙ ඉදපු අය ඒක දන්නවා හොදටම.
මෙන්න මේ ගෙවල් අතීතයේ අතුපතු ගාගන්න යොදාගත්තේ ඉලිපොත කියන උපකරණයයි. මේ ඉලිපොත හදාගන්නේ අර ගොම ගාපු පොළව පලුදුවෙන්නෙ නැති විදිහේ අමුද්රව්ය යොදාගෙන. ඒ සදහා ඉක්මනින් හැලෙන්නෙ නැති කොළ අතු තමා යොදාගත්තේ.
අපේ ආත්තම්මලා ගෝතමානා කියන වල් මල් වේලෙන්න ඇරලා ඒ මල්වල ඇට වැටුනට පස්සෙ ඉලිපත් බදිනවා. පුවක් අත්ත,පොල් අත්තේ අඟ කොටස,සඹුක්කු අතු ආදියෙන් ඉලි⁣පත බදිනවා පැරණ්නන්.

නමුත් ඒ ඒ ප්රදේශ වල සැදෙන ස්භාවික ශාක කොටස් මේ සදහා ලබාගන්නා නිසා ඉහත සදහන්කරපුවා පමණක් යොදාගන්නවා කියලා කියන්න අමාරුයි.
අද භාවිත කොස්ස භාවිතා උනේ පසුකාලීනවනේ. ගොම පොලව අතු ගාන්න යොදාගත් ඉලිපත පැරණි කාන්තාවගේ හොද ආත්ම ආරක්ෂක උපකරණයක් බවත් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ ඉතිම්.."ඉලිපත ගන්න කලින් බැහැපන් කිව්වෙ දොට්ට...", "ඉලිපත කැඩෙනකම් ගහලයි මම පස්ස බැලුවෙ..." එදා ඉලිපතින් ගුටිකනවා කියන්නෙ මහ නිංගිරාවකට ලක් උනා කියන කාරණාවක්. ඒකට හේතුව ඉලිපත බිම අතුගාන්න, කුණු ඉවත්කරන්න ගන්න උපකරණයක් වීමයි.
උපුටා ගැනිමකි..
මුල් හිමිකරුට ස්තුතිය


A day in the life