Sunday, January 14, 2024

ගොළුහදවතේ සැබෑ දම්මි

ගොළු හදවත යනු 60 දසකයේ මෙරට බිහිවූ සාර්ථකම ප්රේම කතාව විය. පාඨකයන් විශාල පිරිසක් ආදරයෙන් වැළඳගත් එම නවකතාව කරුණාසේන ජයලත්ගේම අත්දැකීමක් බව දන්නේ ඉතා සුඵ පිරිසකි.

ජයලත් අධ්‍යාපනය ලැබුවේ හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යායලයෙනි. එකල ඔහු ඩී.කේ. ජයලත් විය. කලෙක නවකතාකරුවකු, මාධේදිය‍ෙකු හා සිනමා විචාරකයකු ලෙස ප්‍රසිද්ධියට පත් ඔහු කරුණාසේන ජයලත් නමින් ප්‍රකට විය. කලක් සිරිලක පුවත්පතේ කතුවරයා වූ ජයලත් නවකතා රැසක් රචනා කළේය.ගොළු හදවත, බඹා කෙටූ හැටි, මුව දඩයම, ලස්සන ඇස්, ගැහැණු ළමයි, පිරුණු හදක්, යහළු යෙහෙළි,මව සහ දුව,ඇවැස්ස නෑයෝ,හතුරු හිතක්,රිදී නිම්නය,සතීගේ කතාව,කුල කුමරිය වැනි නවකතා ඔහු රචනා කළ අතර ඒ අතරින් වඩාත් ජනප්‍රියම නවකතාව වූයේ ගොළුහදවතය.


ඔහුගේ එම ‍ෙප්‍රමණිය නවකතාවේ ප්‍රධාන චරිත තුනක් විය. ඒ සුගත්, දම්මි සහ නිහාල්ය. මේ තිදෙනාම සැබෑ චරිත වූහ. එවක හොරණ තක්ෂිලාවේ සිටි එක්තරා යුවතියක පිළිබඳව ජයලත්ගේ සිතෙහි පේමයක් ඇති වී තිබිණි. ඇයට වෙනත් පන්තියක සිටි සිසුවකුද ඇලුම් කළ බැව් ඔහු දැන සිටියේ නැත. අවසානයේ ඔවුන් දෙදෙනාටම එම යුවතිය හිමි වූයේ නැත. ඔහු තම නවකතාවේ දම්මිගේ චරිතය මැවුවේ එම යුවතියගේ චරිතය පදනම් කර ගනිමිනි.

එදා තක්ෂිලාවේ සිටි දම්මිට පෙම්කල නිහාල් දොන් බෝල්ඩ්වින් කුරුප්පු නොහොත් ඩී. බී. කුරුප්පුය. ඔහුද ප්‍රකට ලේඛකයකු විය. ජීවිතයේ අවසන් කාලයේ ඔහු ජීවත් වූයේ ඔස්ට්රේලියාවේය. ඔහුගේ පසුකාලින කෘති කිහිපයක් සඳහා පිටකවර නිර්මාණයෙන් දායක වීමට මට හැකි විය. එම සම්බන්ධතාව ගොඩනගා දුන්නේ අප මිතුරු නිමල් දිසානායකය.

නවකතාවේ සුගත් සැබැ කතාවේ ජයලත් විය  .

හොරණ තක්ෂිලාවේදී ජයලත්ගේ හා බෝල්ඩ්වින්ගේ ප්රේමයට පාත්ර වූ දම්මි කුරුප්පු ආරච්චිගේ පද්මා නාලනී ගුණරත්නය.පසු කාලයේ ජයලත් තක්ෂිලාවේම උගත් රූපා නම් යුවතියක සමග විවාහ විය. කුරුප්පුද වෙනත් යුවතියක හා විවාහ වී පසුව ඔස්ට්රේලියාවේ පදිංචියට ගියේය. පද්මා නාලනීද විවාහයෙන් පසු පද්මා ගුණරත්න විය.

. ජයලත්අද අප අතර නැත. නිහාල් වූ බෝල්ඩ්වින් ද අප අතර නැත. ඔවුන් දෙදෙනාගේ ප්රේමයට මැදිව ප්රේමනීය නවකතාවක් නිර්මාණය කරන්නට දායක වූ පද්මා නාලනී ගුණරත්නද 2018 මැයි මස 22 දින ජීවිතයෙන් සමුගත්තාය.

ජයලත් 1995 අගෝස්තු 25 දිවියෙන් සමුගත් අතර බෝල්ඩ්වින් කුරුප්පු 2017 ජුලි මාසයේ සමු ගත්තේය.

එහෙත් ගොළු හදවත 60 වසරකට අධික කාලයක් මුළුල්ලේ මෙරට පාඨකයන්ගේ සිත්තුළ සදානුස්මරණීය නවකතාවක් බවට පත්ව ඇත්තේය.

ඔහුගේ සෑම නවකතාවකම නමේ විශේෂත්වයක් තිබේ. සෑම නවකතාවකම නමට ඇත්තේ අකුරු හයකි. පද්මා නාලීනී යන්නටද ඇත්තේ අකුරු හයකි. පද්මා සිහිපත් වීම සඳහා ඔහු අකුරු හයකින් යතුව තම නවකතා නම් කළේදැයි මම නොදනිමි.

පද්මා නාලිනී මහත්මිය පිළිබඳ තොරතුරු ලබා දුන්නේ අප හිතවත් පාලිත නාරංගොඩ මහතා විසිනි.පද්මා නාලිනී ගුණරත්න මහත්මිය නාරංගොඩ මහතාගේ මවගේ එකම සොහොයුරියයි.

සටහන 

ප්‍රියන්ත සුරේෂ් ද සිල්වා මහතාගෙන් උපුටා ගැනීමකි 

ස්තුතියි

 

notes of imaginary

කුරියර් අංකල්


70 දශකයේ කාර්යාලවල රැකියාවන් කල බොහෝ පිරිසකට ගෙදර ඉන්න බිරින්දෑවරැ දහවල් ආහාරය සකසා පිගානට බෙදලා ඒක උඩින් තවත් පිගානක් තියලා කෑම එක වහලා සුදු රෙද්දකින් කෑමපිගානේ කිටි කිටියේ බැදලා තමන්ට අදාල අංකයත් යොදලා පාපැදියේ එන කුරියර් අංකල්ට ලබා දෙනවා...
ඒකට කිවුවේ ඒ කාලේ ටිෆන් සිස්ටම් එක කියලා....
මෙයාලා එක දිගටම බයිසිකල් එක පැදගෙන අදාල තැන්වලට යන්නෙ නෑ මෙයාලා සෙට් එකම හම්බවෙන හන්දි තියෙනවා එහෙම හන්දියෙදි හමුවෙලා එක එක්කෙනා යන පැතිවලට අර කෑම පිගන් ටික නැවත බෙදා ගන්නවා,ඊට පස්සෙ අදාල සේවා දායකයට පරිස්සමින් ගිහින් දෙනවා...
දැන් වගේ උදෙන්ම නැගිටගෙන ස්වාමිපුරැෂයට කෑම එක හදන්න මහන්සිවෙන්නත් ඕනි නෑ..ස්වාමිපුරැෂයටත් උදේ හදපු කෑම එක සීතල වෙලා කන්න ඕනිත් නෑ..ටිෆින් එකෙන් හැමෝටම ලේසි.....
හැබැයි වහින දවස්වලට තමයි ටිකක් කේස් වෙලා තියෙන්නෙ...⁣කෑම පිඟන් ටික තෙමාගෙන තමයි ගිහින් තියෙන්නෙ ඒත් පසුව ඒකටත් විකල්ප හොයාගෙන...මොනා උනත් මේකෙන් සෑහෙන පිරිසක් ජීවිකාව ලෙස බඩවියත රැකගෙන.....
අතීතයේ සොදුරැ දසුන්....❤️❤️
සැ,ල යු - වර්තමානයේ බහුජාතික සමාගම් වලින් ඔයාලා කෑම කුරියර්කරගත්තට ⁣අතීතයෙදි මේවා අපේම මිනිස්සු system දාගෙන කරපු වැඩ,,ඒවා වැඩිදියුණු කරගන්න බැරි උනු අපි දැන් පිටරට කොමිපැනි කාරයින්ට සල්ලිගෙවනවා..කෑම ටික ගෙන්න ගන්නත්..
උපුටාගැනීමක්
අමල් අත්තනායක
notes of imaginary