Tuesday, May 09, 2023

ජුලියට් ලා ගේ ඉරණම.



සරාගික හීන තොටුපලේ
රෝමියෝ සොයා ඇදෙනා
මීතොටමුල්ලේ ජුලියට්
පෙම් හබයක පැටලෙන්නා ..
ඒ.එල් .කරළා ඉවරයි
රතු ඉරි පැන ඇය ඉගිළෙයි .
රෙද්දේ තුත්තිරි සොයනා
පත්තිනි අම්මලා ගොඩයි.
සංචාරක කුරුල්ලන්ට
සීමා මායිම් කොහෙන්ද ...
ඇඩ්රස් නැති රෝමියෝට
තහනම් ගෙඩි මොන කජ්ජද?
අඳුරේ සළු ලෙහුව පවට
කඳුළු කතා වැල් ඇදුනට
ජාන් බේරගන්න බැරිව
විභාග ප්රතිපල ලැබුණා .
නාන පයිප්පය වටකර
කුණු ඔක්කොම ගලා ගියා
රේල්ලුවේ ඇමිණී ගිය
සිරුරක දරු ගැබ ගැහුණා .!
රෝ.සි.ගේ සිතිවිල්ලක්. ඇයට ස්තුතියි.

notes of imaginary