Wednesday, August 02, 2023

දේශපාලන ආවර්ජනයක් 1.




උතුරේ සහ නැගණහිර ඇතිවී තිබු තත්වය සමනයකට පත්කරන්න 13 ව්‍යවයස්ථා සංශෝධණය ජේ. ආර් ගේ ආණ්ඩුව ඇතිකර ගත්තා. එකලත් මෙම ව්‍යාවස්ථා සංශෝධනයට දකුනේ කැමැත්තක් තිබුනේ නැහැ. ප්‍රභාකරන්ට ඕන වුනේ වෙනම රාජ්‍යයක්. ඉන් මෙපිට වෙනත් විකල්පයක් ඔහුට තිබුනේ නැහැ. ඔහු මේ වන විටත් සන්නද්ධ අරගලයකට පිවිසිලා තිබුනේ. දකුනේ ජවිපෙය ඉන්දියාණු බලපෑමට එරෙහිව සන්නද්ධ වුනා.

JR අඇදිරි නීතිය දාගෙන රජිව් සමග ගිවිසුමකට එළඹවුනා. මේ ගිවිසුම අනුව 13 ව්‍යවස්ථාව උපත ලැබුවා.

සුදු අලියෙක් වු පරිපාලනයක් ලෙස කාලයක් පලාත් සභා ක්‍රියාත්මක වුනා. මේ කාලයේ තේරීපත්වු සහ බලය ලබා ගන්න බලාපොරොත්තුව සිටින දේශපාලනඥයින්ට පලාත් සභාව කප්රුකක්වුනා . මේ ආයතනය සක්‍රීය කර ගන්න අවශ්‍යතාවය තියෙන්නේ ඔවුන්ට. ජනතාවට එවැනි අවශ්‍යතාවනේ නැහැ. පලාත් ,දිස්ත්‍රික් ප්‍රාදේශීය රාජ්‍ය පරිපාලන නිලධාරීන් හරහා පලාත් සභාවෙන් විය යුතු කාර්ය වෙනවා.

වෙනස කතා සාප්පුවක් නැති එක විතරයි.

දකුනේදී කුල වාදයට සැලකීම එතරම් ඉහල සාධකයක් නොවුවත් උතුරේදී කුලවාදය කතාබහට ලක්වන මාතෘකාවක්. ප්‍රභාකරන් සහ ඔහුගේ අරගලය කියවීමේදී පීඩිත කුලවල ජනතා අවධිවීමක් ප්‍රබල ලෙස සාකච්ඡා වන්නක්.

නැවතත් ඉහල යයි සැලකෙන කුලවලට උතුරේ දේශපාලන බලය තහවුරු කරගැනීමේ අවශ්‍යතාවය ප්‍රභාකරන්ගෙන් මිදීගිය රික්තය තුල ඇති කරගන්න අවශ්‍ය බිම සකස්ව තියෙනවා. දකුනේ සිටිය ජාතිකවාදීන්ගෙන් මේ අවශ්‍යතාවය ඉටු කරගන්න බැරි බව තේරුම් ගත් මොවුන් විසින් කුමන්ත්‍රණකාරීව ගෝඨාභය පාලනයෙන් ඉවත් කලා. එයට යොදා ගත්තේ ගෝඨා බලයට ගෙනා කොටස්මයි. 

ඔවුන් විස යයි සිතුදේ විසෙන්ම නසා දැම්මා.

අරගල භුමියේ සිටියේ රටේ ජීවයයි.ඔවුන් හැදු  හැට නව ලක්‍ෂය ඔවුන් විසින්ම විනාශ කලා.අරගල භූමියේ සිටි තරුන ජීවය ගෝඨා ගිය පසු සිදුවන්නේ කුමක්ද යන්න ගැන අවබෝධයක් තිබු බවක් පලවුනේ නැහැ. නමුත් අරගලයේ මොළය කාලයක සිට පියවරෙන් පියවර තමන්ට අවශ්‍ය නායකත්වය ජනාධිපති පුටුව ලගට ගෙනවිත් තිබුනා. රනිල් ජනාධිපති වුනා. ගෝල්පේස් අරගලය වාෂ්ප වෙන්න ගියේ දින කිහිපයයි.

අද ගෝඨාගේ පාලනය බැහැරවීම ගැන කම්පා වෙනවා.

රනිල්ට ජනවරමක් නැහැ. ඔහුට ඇත්තේ 69 ලක්‍ෂය විසින් ගෝඨාට දුන් ජනවරමයි. එය පෞද්ගලික බුදලයක් නොවෙයි. ඔහු පවත්වාගෙන යායුත්තේත් නඩත්තු කල යුත්තේත් එම ජනවරමයි.

  එම ජනවරම බලාපොරොත්තු වන්නේ වෙන අනම්  මනම් කිරීම නොව ගෝඨා අසමත්වු ආර්ථික කළමනාකරනය යථාවත් කිරීමයි.එය පැත්තක තබා රණිල් බලයට පත්කිරීමට කුමන්ත්‍රණය කල පිරිසගේ අභිමාර්ථ ඉටු කිරීම නෙවෙයි.

 69 ලක්‍ෂය නියෝජනය කල ගෝඨාභය හට නිසි ලෙස ආර්ථිකය කළමනාකරනය කරගන්න බැරිවුනා. ඔහුට සේවය කල කේවට්ට ආර්ථික උපදේශකයන් නිසි මගපෙන්වීමක් කලේ නැහැ.  ගෝඨාගේ පාලනය කාලය .තුල විදේශීය ණය ගත්තේ නැහැ. නැත්නම් ණය ගන්න බැරිවුනා. ඒ තරම් ණය උගුලේ රට හිරවෙලා තිබුනා.  අපි ණය උනේ හොරා කෑම නිසයි කියන  සංකල්පයට මීදුම එකග නැහැ.   හොරා කෑමත් එක් සාධකයක් වුනත් එයම හේතුව නෙමෙයි.

මෙවන් ආර්ථික අර්බුදයකට සිරිමාවෝ මැතිණියගේ 1970 රජය මුහුණ පෑවා. එවකට මුදල් ඇමති ආචාර්ය එන් . එම් පෙරේරා.  ඔවුන්ගේ ප්‍රයත්නය වුනේ දේශීය නිෂ්පාදන මත රැදීමට උත්සහා දැරීමයි.

ආහාර හිගයක් ඇතිවුනා. රෙදිපිලි නැතිවුනා. ඖෂධ හිගවුනා එවකට පැවති රජය දේශීය නිෂ්පාදනයට අතහිත දුන්නා.    ඒකට මුහුන දුන්න ජනතාව  රජයත් සමග  අරගලයකට යොමු වුනේ නැහැ. ගොවියෝ වගා කලා. රතුළුණු , මිරිස් සීනි වෙනුවට අතුරු නිෂ්පාදන රට තුල බහුල වුනා.සිමෙන්ති,යකඩ කඩදාසි, පොහොර ,රෙදිපිලි . උපාලි පියට් වැනි වාහන අපේ රටේ නිෂ්පාදනය වෙන්න පටන් ගත්තා. උසස් ප්‍රමිතියෙන් තොරවුනත් බලාපොරොත්තු තැබිය හැකි උසස් තත්වයක් එම නිෂ්පාදන තුල තිබුනා. උතුරේ ගොවීන්ගේ අතමිට සරුවුනා. ඔවුන් සිරිමාවෝ රජයට දැක්වුයේ කැමැත්තක්.

 1977 න් පසු JR ගේ ආර්ථික රටාව දේශීය නිෂ්පාදන අඩපන කරමින් වෙළද ආර්ථිකයට රට යොමු කලා. අපේ රට තුල විවිධ ප්‍ර දේශ විවිධ නිෂ්පාදන රටාවකටයි පැවතියේ. ධීවර ජනතාව වෙරළබඩ ජීවත්වු අතර ගොවි ජනතාව රට අභ්‍යන්තරයේ ජීවත් වුවා. මොවුන්ගේ අභිලාශයන් ජීවත්වු ප්‍ර දේශයන් අනුව වෙනස් වුනා .ඔවුන් සංවර්ධණය කලයුත්තේ ඒ අනුව උවත් අද වන විට උඩින් ගෙනවිත් අතහරින ලද සංවර්ධණයක් තමයි කරන්න උත්සහා දරා තියෙන්නේ.  එය ව්‍යාප්ත කර ගන්න බැරිව අතරමං වෙලා. අසාර්ථක වෙලා.

 ගෝඨාට බොහෝ විරෝධතා ආවා .ඔහුගේ වැඩ පිලිවෙලවල් වලට ජනතා සහෝගය ලැබුනේ නැහැ.  මේ 1970 නෙමෙයි ;2022 කාලයට අනුරුපව කාරිය හැඩ ගස්සවා ගත යුතුයැයි හිතුවේ නැහැ.



මතු සම්බන්ධයිත


notes of imaginary