Tuesday, June 07, 2022

අප්‍රසන්නවු ප්‍රසන්න.

👨👨👨👨👨👨👨👨👨👨👨 


ප්‍රසන්න අප්‍රසන්න මාතෘකාවක් බවට පත් වුනා. කොළඹ මහාධිකරණය දුන් තීන්දුවක් වර්තමාන දේශපාලනයේ සෑබැ යක‍්ෂ මුහුන හෙළිදරවි කලා.

මේ මග ගියෙත් යන්නේත් බස්නාහිර මහ ඇමති  පමනක් ද ?.

මට මතක් වුනේ ඉණ්දියාණු දමිළ චිත්‍රපටිවල ඉන්න දේශපාලන චරිත. ඔවුන් දූෂණය. මැරකම්, කරමින් තම මඩිය පිණිසම අවලම් ජඩ වැඩ කරන්නන්. නිවාස ව්‍යාපෘතින් සදහා දුප්පත්න්ගේ ඉඩම් කොල්ල කා ගන්නා වෘත්තාන්ත ත් මේ චිත්‍රපටිවල තියෙනවා.

දේශපාලනඥයන්ගේ කප්පම් ඉල්ලීම් නිසා මේ රට අත්හැර වෙනත් රටවල ආයෝජනය කල විදේශීය ආයෝජකයින් ගැන මීදුම අහල තියෙනවා. ඒ තරමටම කප්පම් මුදල බරපතලයි. දේශීය ව්‍යාපෘති කරන විට කොන්ත්‍රාත් කරුවන්ගෙන් කප්පම් ගන්නවා. කප්පම අනුව තමයි ව්‍යාපෘතිය ලැබෙන්නේ. මේ පේලියට දේශපාලකයා, ඉන්ජ්නේරුවා ගේ පටන් වැඩපරිපාලකයාත්  ලිපිගොනුව සකස් කරන ලිපිකරුවා සහ කාකසත් අයත්.

මේ අප්‍රසන්න ක්‍රියාදාමයට තිත තියන්න මහාධිකරනය ගත් තීන්දුව අති විශිෂ්ඨයි. නීතිපති දෙපාර්තමේන්තුවත් තම කොදු ඇට පෙල යම්කිසි ප්‍රමානයකට ශක්කිමත් බව පෙන්නුවා. අනෙක් දේශපාලනඥයොත් මෙය ආදර්ශයට ගෙන විනය ගරුක වුනොත් යහපත් වගේම ජනතාවද අවධියෙන් සිටිය යුතුයි.

අධිකරනය . ව්‍යවස්ථාදායකය විධායකය ස්වාධීන කනු තුනක් මත පිහිටියා නම්  රාජ්‍ය සුවපත් වේවි. 
 

 



notes of imaginary

කාලෙකට පස්සේ.



කාලෙකට පස්සේ .



 

බොහෝම කාලයකින් සටහනක් මීදුමට වියමන් කලේ නැහැ. වියමන් නොකරපු කාලේ බොහෝම විපර්යාසයන් සිද්ධවෙලා තියෙනවා. අළුත් රජයක් අළුත් ජනාධිපතිවරයෙක් ඇවිත් අද වන විට ඒ ආයතන දෙකම අර්බූදයට ලක්වෙලා. රටත් අර්බූදයට ලක්වෙලා. ජනතාවගේ ආහාර, ඇදුම් පැළදුම් පවා ඒ අර්බූදය විසින් ගිල ගෙන.

අපේ බලාපොරොත්තුව රට දියුණු වෙනවා දකින්න. රට දියුණු වෙනවා නම් ජනතාවගේ ආර්ථිකය, මානසිකත්වය දියුණුවට පත්වෙනවා. ඒත් අද මේ සියල්ල පරිහාණියට පත්වෙලා. දියුණුවට ජනතාවත් කැපවීමකට ලක්වෙන්න ඕන. ජනතාවට ආදර්ශයක් වෙන්න පාලකයොත් කැපවීම් කරන්න ඕනි. පාලකයෝ දක්වන්නේ කකුළු න්‍යායක්. ඔවුන් හරහට යන ගමන් ජනතාවට කෙලින් යන්න කියනවා.

සහනාධාර මත රැදී රටක් දියුණු වේද ?. මෙයත් ප්‍රශ්නයක්.

අධ්‍යාපනය , සෞඛ්‍ය , නොමිලේ ලබා දෙනවා.  ඉන්ධන , විදුලි බිල .වතුර බිල වැනි දේ සදහා රජය සහන සලස්වනවා. මේ සහනාධාරයන් ඒ ඒ ආයතනයන්ට කපා හැරියොත් මිළ ඉහල යනවා. ජනතාව මේ ක්‍රමයට හුරුවෙලා. මේ ක්‍රමයෙන් බැහැර වෙන්න ගියාම ආණ්ඩුව කරන අයගේ අම්මා අප්පා මතක් කරනවා.

ආණ්ඩුව ලෝකේ වටේ දුවනවා ණය......ණය .........ණය හොයා ගෙන ජනතාවට කන්න දෙන්න. ඉන්ධන අඩු මිළට හොයා දෙන්න. මේවා නිෂ්පාදන පිරිවැය නෙවෙයි. පරිභෝජන පිරිවැය. කාලා බීලා , වාහනෙන් රවුමක් ගියාම ණය වාෂ්ප වෙලා යනවා. ආපහු ගෙවන්නේ කොහොමද ?.

මේ සහනාධාර දෙන ක්‍රමවේදය රටකට ඔරොත්තු දෙන්නේ නැහැ.සහනාධාර සැපයිය යුතු කොටස් ඉන්නවා. ඒත් අද වෙන්නේ සහනාධාර නොදිය යුතු කොටසටත් සමගම සියල්ල සහනාධාර සැපයීම. ඉන්ධන තැන හිතමු . V8 පදින අයට වගේම ස්කූටරයේ තෙමි තෙමී අවුවට කර වෙවි  යන කෙනාටත් ලැබෙන්නේ එකම සහන මිලට ඉන්ධන.

ඉන්ධන විතරක් නෙමෙයි. සෞඛ්‍ය පහසුකම් සියල්ලටම නොමිලේ සැපයිය යුතු නැහැ. අධ්‍යාපන පහසුකම් සියල්ලටම නොමිලේ සැපයිය යුතු නැහැ.

මේ දිගට සාකච්ඡා කල යුතු මාතෘකාවක්. කලකට පසු මීදුමට ආ මම දිගටම වියමන් කරන්න බලාපොරොත්තු වනවා. අපි හමුවෙමු. නැවතත්.

 


notes of imaginary