Friday, March 17, 2023

මාර්තු 17 වෙනිදා .



වර්ජණය තාවකාලිකව නතරවු බවක් පේන්නේ. තර්ජණය එහෙමමයි. එක් දිනක පාඩුව මේච්චරයි. අච්චරයි කියලා වර්ජණය කල ඇත්තෝම පුරසාරම් දොඩවනවා. කාටද පාඩු ?.

පාසල් යන දූ දරුවන්ට කරන ලද පාඩුව. මිළ කරන්න බැහැ. ඊයේ බ්‍රහස්පතින්දා. බුහස්පතින්දා වර්ජණය කරලා සිකුරාදත් නිවාඩු දමපුවහම ආයේ පාසලට එන්න ඕනි සදුදා.  උදේ ට අතුරු පාරකින්  එන බස් එකක ගුරුවර ගුරුවරියන් පහලොවක් විතර එනවා පාසල් දෙකකට. අද උදේ ඒ බස් එකේ හිටියේ ගුරුවරු තුන්දෙනයි. ඒ රජයේ ගම්බද පාසලක තත්වය.ඒත් නගරයේ පෞද්ගලික පාසලක ගුරුවරු වර්ජණයට සහභාගීවෙලා නැහැ. ඊයෙත් පාසල පැවත්වුනා.

අපෙන් අය කරන බදු මුදල් වලින් වැටුප් ගන්න මේ උදවිය පාඩු කරන්නේ බදු ගෙවන අපිටමයි කියලා හිතන්නේ නැති හැටි.

ජාතික ජන බලවේගයේ  කේ.ඩී. ලාල්කාන්ත සහෝදරයා වර්ජනය ගැන සුබවාදී අදහසක් පලකරලා තිබුනා.ඒ අතර විපක්ෂයේ දේශපාලන පක්ෂවල ඇතැම් කණ්ඩායම් විසින් සංවිධානය කරවනු ලබන  වැඩ වර්ජන වැනි ජනතාව අපහසුතාවට ලක්වන ක්‍රියාමාර්ගවලට විරුද්ධව නැගී සිටින බවත්, වැඩ වර්ජන නිසා වන විනාශය ගැනත් ඔහු අදහස් දැක්වුවා.

වෘත්තී සමිති පිටුපස සිට මෙහෙවනු ලබන්නේ දේශපාලන පක්‍ෂ විසින්. දේශපාලන පක්‍ෂ බලයට පත්වීමට පවතින ඕනම ආණ්ඩුවක් පීඩනයට පත්කිරීමට යොදා ගන්නේ වෘත්තීය සමිති.මේ වර්ජනයේදීත් එය පැහැදිලිව දක්කට ලැබුනා. ඉන් ජනතාව පීඩනයට පත්වෙනවා කියලා හිතන්නේ නැහැ.

සිංගප්පූරුව දියුණුවු අන්දම ගැන කතා කරන අපි මුල් කාලයේ පාලනය අධ්‍යයනය කලොත් දකිවී වෘත්තීය සංගම් සදහා ඉඩ දී තිබු අන්දම.  අපේ දූෂිත දේශපාලකයන් මෙන්ම වර්ථමාන රාජ්‍ය සේවයද මේ රටින් අතුගාදමා පිරිසිදු කල යුතුයි.

අයිතිවාසිකම් මිස යුතුකම් ගැන ඔවුන්ගේ හැගීමක් ඇත්තේම නැහැ.


notes of imaginary