Saturday, July 23, 2022

උදා අලුයම දෝත පා නුඹ පිළිගමී..

ගෙවා රෑ යම උදා අලුයම - දෝත පා නුඹ පිළිගමී..



හෙටත් එනවද ලංව ඉන්නට
සමුගන්න මොහොතක් කලින්...
මමත් නුඹ නැති දුකින් තැවි තැවි
ගෙවනවා මහ රෑ ඉතින්...
දුකක් හෙම නැතුවාද නුඹ හට
මෙලෙස මා හැර යනු නිතින්...
මටත් මොහොතක් සිනාසෙන්නට
බිදක් ළංවී ඉමු සිතින්....
ගෙවා රෑ යම උදා අලුයම
දෝත පා නුඹ පිළිගමී..
දමා මොහොතින් දුරට යද්දී
බලා නුඹෙ මුව සැනසෙමී...
මගේ නොවනා බව දැනත් මම
ආයෙ එනතුරු ඉවසමී...
එකම එක දවසක් ඇවිත් ළග
ඉන්න බැරිවද වෙන් නොවී....

2022/07/23
මංගලිකා කුමාරි ඒකනායක

මංගලිකා කුමාරි ඒකනායක මීදුමට අසල්වාසියෙක් නැගණියක්. ඇගේ කවිකම් අගේ කරන්න උපුටා පලකලා. ඈ කියන්නේ හැන්දෑවට බස්නාහිරින් සමු අරන් නැගණහිරෙන් අප හමුවන මිත්‍රයා ගැන. විදින්න ඒ අත්දැකීම



notes of imaginary