Sunday, May 12, 2024

සාජහන් නුඹ ආදරේ ගැන දන්න ලබ්බක් !



නුඹේ අග බිසව වුවට - තවත් බිසවුන් හයක් සිටියා
මගේ අයිතිය තනිව විදිමින් - අනිත් අයවත් බදා ගත්තා...
එක පෝලිමට දරුවො වදලම - වැහිරී වැහිරී ගියත් පෙරදා
දාහතර වෙනි සැරෙටත් තව - දරු ගැබක් මගේ කුසට දුන්නා...
දරා ගන්නට කොහෙද හයියක් - තවත් විදවනු නොහැකි හින්දා
දාහතර වෙනි දරුවා එක්කම - ඉතින් මම ඇස් පියා ගත්තා...
මරණ මංචකයේ දිගාවී - හඩන විට ඔබ දුකත් හිතුනා
ආයෙමත් අග බිසව තනතුර - කාටවත් දෙන්නැහැයි කිව්වා...
මුළු ලෝකයම පුදුම කරමින් - මගේ නමට ටජ්මහල නිමවා
කදුළු වේලෙන්නටත් කලියෙන් - මගෙම නංගීව සහේ ගත්තා..
හිතත් තලමින් ගතත් තලමින් - දුක් දුන්නු හැටි මැවී පෙනුනා
ලොව්ට රහසින් ටජ්මහල යට - මගේ කදුලැලි හුගක් තිබුනා..
ලග ඉන්නකම් දස වද දිදී - මැරිලා ගියහම කදුලු හලනා
සාජහන්ලට රැවටිච්ච - මුම්ටාස්ලා හැමතැනම සිටිනා..
සාජහන් නුඹ ආදරේ ගැන
දන්න ලබ්බක් නැහැයි හිතුනා...
උපුටා ගැනීම
Batta page
කවිය අනිශා ජයකොඩි ගෙ..




A day in the life