Thursday, May 16, 2024

අපෙ හැඟුම්වලට | - වික්ටර් රත්නායක.



අපි හැගුම් වලට ඉඩ දී මොහොතක්
ඉඩ තබා ගනිමු තරමින් වියතක්
හදපානේ මද අදුරේ
අත් පටලා යමූ අප ආයේ//
 
ඔබ , ඔබ  හෙවනැල්ලෙන් මිදී
මම , මගෙ හෙවනැල්ලෙන් මිදී
ඔබ , ඔබ  හෙවනැල්ලෙන් මිදී
මම , මගෙ හෙවනැල්ලෙන් මිදී
අවුදින් හෙමින් රහසින් මුමුනා
හදපානේ මද අදුරේ
 
හදපානේ මද අදුරේ
අත් පටලා යමූ අප ආයේ//
හිර  කර හසරැල්ලෙන් බැදුම්
අපි හිනහෙමු සපුරා පැතුම්
හිර  කර හසරැල්ලෙන් බැදුම්
අපි හිනහෙමු සපුරා පැතුම්
මතුආත්මයෙ හමු වෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ
 හදපානේ මද අදුරේ
අත් පටලා යමූ ආයේ
 හදපානේ මද අදුරේ

අත් පටලා යමූ ආයේ

 
පද ප්‍රේමකීර්ති අල්විස්ගේ . 
සංගීතය සහ ගායනය ආචාර්ය වික්ටර් රත්නායක යන්ගේ.
මට මතක හැටියට හැත්තෑව දශකයේ ගීතයක්. අපි එදා රසවින්දා වගේ අදත් රසවිදිනවා.

 පෙර කලෙක ආදරයෙන් බැඳී සිටි යුවලක් වෙන්ව ගොස් යලි හමූ වූ මොහොතක්.දැන්  කාලය ගෙවී ගිහින්.
දවසක අහම්බෙන් ඔවු නොවුන් මුණගැහෙනවා.
අගුලු ලා තිබූ හැඟුම් ලිහිලා යනවා.
අගුලු ලා තිබූ හැඟුම් වලට යම් සීමාවක් ඇතුව යලි ඉඩ දෙන්නට ඔවුන් තීරණය කරනවා. 
ඔබ , ඔබ  හෙවනැල්ලෙන් මිදී
මම , මගෙ හෙවනැල්ලෙන් මිදී
ඔබ ඔබ හෙවනැල්ලෙන් මිදෙන්න......වර්තමානයේ ඈ විවාහකයි
මම මගේ හෙවනැල්ලෙන් මිදෙන්නම් .........මාත් දැන් විවාහකයි
අපි හැගුම් වලට ඉඩ දී මොහොතක්
ඉඩ තබා ගනිමු තරමින් වියතක්
යෝජනාවක්
 
හදපානේ මද අදුරේ
අත් පටලා යමූ අප ආයේ
අවුදින් හෙමින් රහසින් මුමුනා
හදපානේ මද අදුරේ
අත් පටලා යමූ අප ආයේ
යෝජනාවට දෙදෙනාම එකගවනවා
 
හදපාන ඔවුන් වෙනුවෙන් වෙන්වෙලා. - අවුදින් හෙමින් රහසින් මුමුනා
අත් පටලා යමූ අප ආයේ
හිර  කර හසරැල්ලෙන් බැදී
අපි හිනහෙමු සපුරා පැතුමෙන්
තාවකාලිකවු නවාතැනෙන් ඔවුන් පිටවෙලා  යනවා.
මතුආත්මයෙ හමු වෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ
සමහර විට යලිත් හමු වෙන්නේ මතු ආත්මයේ වෙන්න පුළුවන්.