Tuesday, April 11, 2023

අවුරුදු කුමාරයා



 “පසළොස් රියන් උස මැවී වෛධුර්ය මුහුදේ ගිලී ස්නානය කර සමවන් දිව්‍යාභරණ පැලඳ නිල්මිණි මාලාවක් කරලා සත්රියන් මුතු ඔටුන්නක් දරා දිව සුවඳ ඇඟ ගා දිවයහනෙක සිට යෙල ගව්වක් උස සමවන් රථයක් මවා එහි සමවන් යහනෙක දෑ සමන් මල් අතුට මුතු සුණු යාලයකින් සහ දිව සඳුනෙන් පිරිබන්ධ කර එකී රථයට සමවන් ගොනකු යොදා අතකින් පිච්ච මල් මාලාවක් සහ අංකුසයක් ගෙන එකී රථයට නැගී සිට සතර දිගට ගීත නාද පතුරුවා නොයෙක් නළු නාටකයෙන් සමවන් ගුරුළු මුඛ්‍යාකාර මාර්ගයකින් මෙලොව පහළවන“  අයුරු දකින්නට අපි කුඩා කල සිහින මැවුවෙමු.

වසරෙන්  වසර අවුරුදු කුමාරයා මෙලොවට පැමිණි ආකාරය වෙනස්ය.වරෙක අසෙකු යෙදු වාහනයකද තවත් වසරක ඇතෙකු යෙදු වාහනයක් තවත් දිනක වෙනත් සත්වයෙකු යෙදු වාහනයක් ආදී වශයෙන් විවිධ වාහන මේ ගමනට යොදා ගත්තේය.ස්නානය කර ලද්දේ විවිධ මුහුදු වලින්ය පලදින ලද ඇදුම් පැලදුම් විවිධය

අපද කුඩා කල මේ ලෙස අවුරුදු කුමාරයා අප දකින්නට පැමිනෙන තෙක් බලා සිටියේය. එහෙත් මෙතෙක්  කිසිදා අවුරුදු කුමාරයා අප දකින්නට එලෙස පැමිණියේ නැත. දොලොස් වෙනිදාට පසු අවුරුදු කුමාරයා එන බව පැවසු නැකතට රතිඥ්ඥා හඩත් රබන් හඩත් ඇසු හෙයින් අවුරුදු කුමාරයා කොහේට හෝ ගොඩ බසින්න ඇතැයි සිතුවෝය.

 

මේ අවුරුද්දේ නම් අවුරුදු කුමාරයා ගැන වැඩිහිටි අපට නම් කිසිදු හැගීමක් නැත.පුංචි එවුන්ටත් වෙනදා මෙන් උද්යෝගයක් නැති ගානය.

notes of imaginary