Saturday, September 09, 2023

සබද අපි කදු නොවෙමු.

1989  මැතිවරණ සමයේ ශ්‍රීලනිපයේ අපේක්‍ෂකයෙකු එක්ක ජයට ප්‍රචාරණ කටයුතු කරගෙන හිටියා. අපට මහා පරිමානයෙන් මුදල් ආයෝජනය කරන්න තරම් හයියක් තිබුනේ නැහැ. ඒත් නිරිමාණත්මක හැකියාවන් තිබුණු සම්පත් කිහිපයක් අප ලග ගැවසුනා.

මට මතකයි  පුංචි පත්තරයක ස්වරූපයෙන් පිටු දෙකක පුංචි පත්තරයක් අපේ සගයෙක් අතින් නිර්මාණය වුනා. බැලු බැල්මට එකල පැවති භීෂණ සමයට ගැලපෙන ජවිපෙ පත්‍රිකාවක් වගෙයි. මේ පුංචි පත්තරේට පුදුම ඉල්ලුමක් තිබුනේ. මට මතක හැටියට පිටපත් 25000 කට වඩා විසිර ගියා.

 අපි මේ දවස් වල සිල්ක් ස්ක්‍රීන් ක්‍රමයට පෝස්ටර් නිර්මානය කරන පුංචි මුද්‍රනාලයක්  පටන් ගත්තා අවම සම්පත් අපට තිබුනේ. තොගයට ඩිමයි පේපර්ස් කොළඹින් ගෙනාවා. තීන්ත ලග පාත තිබුන හාඩ්වෙයාර් වලින් අරගෙන වැඩේ කරගෙන යන කොට  මේ කොටස විතරක් මුද්‍රනයවෙලා තිබුන ඩිමයි පේපර් එකක් හමුවුනා. දකින දකින එක කියවන මට එකපාරටම හිතට වැදුනා පද පෙල. මම හිතුවේ නැහැ ගීතයක් කියලා.

 

සබඳ අපි කඳු නොවෙමු

උනුන් පරයා නැගෙන

සුනිල දිය දහර වෙමු

එකම ගඟකට වැටෙන

 

වියරු ගිනිදැල් නොවෙමු

වනය අවුලා තබන

මිහිර දෙන වැස්ස වෙමු

දැවෙන කැලයට වහින

 

නපුරු හීනය නොවෙමු

ළමුන් නිදි සුව බිඳින

සොඳුරු අඬහැරය වෙමු

දනන් නින්දෙන් මුදන

 

මගේ  අතින්  පද පෙල දේශපාලනය වුනා. ඒ සමග ප්‍රචාරයකුත් ලැබුනා. ගීතයේ  ස්වභාවයට   මගේ අපේක්‍ෂකයාගේ චරිත ස්වභාවයට පද පෙලත් ගැලපුන නිසා පෝස්ටරයට  යම් ප්‍රසිද්ධියක් ලැබුනා. ජවිපෙත් මේ මැතිවරණ දවස් වල හිටපු පිබිදීමත් එක්ක අනියම් ආරක‍්ෂාවකුත්  අපේක‍්ෂකයා කෙරෙහි ඇති වුනා.

 

මැතිවරණය අවසන් වුනා. මා නියෝජනය කල අපේක්‍ෂකයා පාර්ලිමේන්තු ගියා.

 මම පදපෙල ගැන හොයන්න පටන් ගත්තා එතකොට තමයි  ගුණදාස කපුගේ ගායකයානෝ ගීතය ගායනා කරන බව දැනගත්තේ. පද පෙලේ අයිතිකාරයා දර්ශණ මේදිස් මහතා කියලා තවත් අවධානයෙන් ඉන්න කොට දැනගත්තා ඔහු දිවයින පත්‍ර යේ - කව්මුතු තීරයට ලියු මේ පදපෙලින් ගුණදාස කපුගේ “සබද කදු නොවෙමු“  උපත ලැබුවේ කියලා.

 

සබඳ අපි කඳු නොවෙමු

උනුන් පරයා නැගෙන

සුනිල දිය කඳුරු වෙමු

එකම කන්දෙන් වැටෙන

වියරු ගිනිදැල් නොවෙමු

වනය අවුලා තබන

මුරුගසන් වැස්ස වෙමු

දැවෙන කැලයට වහින

චන්ඩ පවනක් නොවෙමු

දෙරණ අතුගා දමන

මන්ද මාරුතය වෙමු

දෙකොන සිපගෙන හමන

නපුරු හීනය නොවෙමු

ළමුන් නිදි සුව බිඳින

සොඳුරු අඬහැරය වෙමු

දනන් නින්දෙන් මුදන

යකඩ පිත්තල නොවෙමු

රජුන් උඩ පැන තලන

බුරුත-කොස්-නැදුන් වෙමු

උනට එසවිය නොහෙන

පිදුරු-පොල් අතු නොවෙමු

පැරණි ගෙට සෙවිලි වන

සබඳ අපි ගඩොලු වෙමු

අලුත් ගෙපැලක් බඳින

.සබද අපි කදු නොවෙමු. ජීවත් වන පද පෙලක් .පන තියෙන පද පෙලක්  ඊයේත් අදටත් ‍  ‍හෙටටත් “උනුන් පරයා නැගෙන මිනිසුන් ගේ “ හදවතට කතා කල හැකි ගීතවත් පද පෙලක්. යම් තරමකට උපේක්‍ෂා සහගතව හිතන්න පොලඹවන  පද පෙලක්.



notes of imaginary

අයියෝ සිරිසේන.



දේශපාලකයන් හිතන්නේ තමන් වදාරන දේවල් එලෙසින්ම  හිස් මුදුනින් පිලි ගන්නා පිරිසක් ශ්‍රී ලංකාවේ සිටින බවය.
එසේ සිතන්නාවු සමාජයක් මෙරට සිටින්නට ඇත.
එකල අවංක දේශපාලකයෝ මෙරට සිටියේය.රාජ්‍ය නායකයන් බවට පත්වු ඩී.එස් ,ඩඩ්ලි  සර් ජෝන් ද  ,බණ්ඩාරනායක දෙපලද ඒ ගණයට තැබිය හැකිය. ජේ . ආර් ගේ දේශපාලනය කුමක් වුවත් ඔහු දේශපාලනයෙන් ධනය රැස් කලේ නැත. ඉන් පසු යුගය ගැන කුමන කතාද ? .
සිරිසේනයන් ගැන  සටහන් කරන්න ඇත්තේ කුමන  කතාවක්ද ? 
ඔහු සිතන්නේ ලාංකීය ජනතාව  සිංහල සිනමා පට බලන පිරිසක් ලෙසය. ඔහුට වියත් දේශපාලනයක් ඇත්තේම නැත. ඔහු රැදවිය යුත්තේ මාර්ග අංක 134 බස් රථයක නංවා එම ගමනාන්තයේය.
notes of imaginary