Friday, August 25, 2023

තන බද්දට එ‍රෙහිවු නගේලි.


නගේලි කියලා කියන්නේ මීට අවුරුදු දෙසීයකට විතර කලින් ළය මඩල වසා ගන්න තමන්ට තිබුණු අයිතියට විරුද්ධව බ්රිතාන්යයන් විසින් පනවා තිබුණු නීතියට තම පියයුරු කපා ජීවිතයෙන් වන්දි ගෙවූ අභිමානවත් ගැහැනියක් ..

තමිල්නාඩුවේ නගර් කෝවිල්, කන්යා කුමාරී, කේරළයේ එහෙම තිබුණු බදු වෙනුවට ට්රැවන්කෝර් නම් රාජධානියෙන් ඉතා සාහසික බද්දක් මේ දුප්පත් වැසියන්ට පනවනවා..

ඒ තමයි #තනබද්ද ..

උසස් කුලයේ කාන්තාවන් හැර වෙන කිසිම කෙනෙකුට තමන්ගේ පියයුරු ආවරණය කරගන්න බැහැ.. එහෙම ආවරණය කරගෙන හිටියොත් ඒගොල්ලන් දඩ ගෙවන්න ඕන .. පහත් කුලයක ඉපදිලා හිටපු නගේලි මේකට තදින්ම විරුද්ධ උනු නිසා රජය එයාගෙන් දෙගුණයක් බදු ගත්තා..

එයා බදු ගෙවන එක පැහැර හැරපු දවසක රජයේ නිලධාරීන් එයාගෙ ගෙදරට ගියාම නගේලි කෝපාවිෂ්ඨ විදිහට නිලධාරීන්ට කෑගැහුවා .. ඇය ඉල්ලුවේ පියයුරු වසාගන්න ඇයගේ අයිතිය .. නමුත් බ්රිතාන්යයන් ඇයට කරදර කරලා ඇගේ උඩුකය ඇඳුම් ගලවලා වීසිකරා .. සිද්ධ වුණේ අවමානයක් නිසා නගේලි ගේ ඇතුලට දුවගෙන ගිහින් හොඳට කැපෙන දෑකැත්තක් එලියට අරගෙන ඇවිල්ල කෑ ගහලා කිව්වා

" උඹලා බදු ගහන්නේ මගේ තන් දෙක නිසා නම් මෙන්න මේක අරන් ගිහිල්ලා උඹලගෙ ලොක්කන්ට දීපල්ලා .."

ඇසිපිය ගහන මොහොතක් අරගෙන නගේලි ඇගේ පියයුරු කපලා බිම තිබුණු කෙසෙල් කොලයක් උඩින් තියලා එයාගෙම ශරීරයෙන් ගලපු ලේ ගංගාව මත සිහසුන්ව ඇදගෙන වැටෙනවා .. නගේලි එයාගෙ සැමියගේ අත්දෙක උඩ අවසන් හුස්ම හෙලනවා විතරක් නෙමෙයි නගේලිගෙ සැමියා නගේලිගෙ සිරුර දැවෙන සෑයට පැනලා සියදිවි නසාගන්නවා ..

මේ සිද්ධියෙන් කම්පනයට පත් වෙච්ච එම රාජ්ය නිලධාරීන් මේ බද්ද එම රජු ක්රමයෙන් අයින් කරලා සියලුම කාන්තාවන්ට තමන්ගේ උඩුකය ආවරණය කර ගන්න අවසර දෙනවා ...

නගේලිට උවමනා වුනේ ඇඳුම් අඳින්න.. හැබැයි පරම්පරා ගණනකට ඇඳුම් අඳින නිදහස ලබලා දෙන්න නගේලිට එයාගේ ජීවිතය පූජා කරන්න සිද්ද උනා..

💚 මුණු පොතන්

https://www.facebook.com/profile.php?id=100068114315468


notes of imaginary