අඩි 984 ක් දිග සිංගප්පූරු ධජය සහිත The Dali, ඩාලි යාත්‍රාව බැල්ටිමෝර් වරායෙන් පිටතට යාත්රා කිරිමේදී විදුලිය අහිමි වී අඟහරුවාදා අලුයම 1:27 ට පමණ පාලමේ ගැටී ඇති බව ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය National Transportation Safety Board පවසයි. නැගෙනහිර වෙරළේ නාවික ගමනාගමනයේ සැතපුම් 2කට ආසන්න වූ පාලම තත්පර කිහිපයකින් the Patapsco River පැටප්ස්කෝ ගඟට කඩා වැටුණි.
බිඳවැටීමට ප්රතිචාර වශයෙන් ප්රාදේශීය, ප්‍රාන්ත සහ ෆෙඩරල් නිලධාරීන් ඒකාබද්ධ ප්රකාශයක් මගින් , නිවේදනය කළේ සුන්බුන් වලින් ගඟේ ඇති අනතුරුදායක තත්වයන් හේතුවෙන් කිමිදුම් මෙහෙයුම් සහ වාහන ගමනාගමය අත්හිටුවා ඇති බවයි.
අනතුරෙන් පසු ඩාලි හි සාමාජිකයින් 22 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය යාත්‍රාවේ රැඳී සිටින බව වෙරළාරක්ෂක ප්‍රාකාශක “සින්තියා ඕල්ඩ්හැම් Cynthia Oldham “පැවසීය. නෞකාවේ සිටි කිසිවකුට තුවාල සිදුවී නොමැත. පාලම කඩා වැටෙන විට ඉදිකිරීම් කම්කරුවන් අට දෙනකු පාලමේ වළවල් සකස් කරමින් සිටියහ. ඔවුන්ගෙන් දෙදෙනෙකු දිවි ගලවා ගත් අතර අනෙක් අය මිය ගොස් ඇතැයි අනුමාන කෙරේ.
ප්‍රවීණයන් ඇස්තමේන්තු කරන්නේ පාලම ප්රතිසංස්කරණය කිරීමට වසර දෙකක් ගත වන අතර ව්‍යුහයේ අත්තිවාරම දිය යට තත්ත්වය මත පදනම්ව අවම වශයෙන් ඩොලර් මිලියන 350 ක් වැය වනු ඇති බවයි. එක්සත් ජනපද ප්‍රවාහන ලේකම් පීට් බුටිගීග් පැවසුවේ හදිසි වැඩ සඳහා ෆෙඩරල් අරමුදල්වල පළමු ඩොලර් මිලියන 60 අනුමත කර ඇති බවයි.
0 comments:
Post a Comment