මහගම සේකර ඒ කාලෙ,
ලලිතකලා විද්‍යාලෙ (අද සෞන්දර්ය විශ්ව විද්‍යාලෙ) විදුහල්පති.(අද උප කුළපති).
දවසක් සේකර උදේ වැඩට එනකොට ශිෂ්‍යයයො කාර්යාලය ඉදිරිපිට ස්ට්‍රයික් එකක්!
සේකර ඇහුවා, “මොකද මේ ළමයි………?” “සර්..අපෙ වැසිකිළි සෝදලා නෑ! ඒවා සෝදනකල් අපි පංතිවලට යන්නෙ නෑ!”
“හ්ම්…….”සේකර ඔෆිස් එක ඇතුලට ගියා. ශිෂ්‍යයයො බලාන හිටියා. “දැන් මොකක්හරි ක්‍රියා මාර්ගයක් ගනී…..”
පැය බාගයක් ගියා. නෑ උත්තරයක්! පැයකින් විතර සේකර ආවා.,ලේන්සුවෙන් අත් පිහිදමින්…………….. “හරි……අන්න මම ඒවා සේදුවා…! දැන් ඔය ළමයි පංති වලට යන්න…….”
0 ප්‍රතිචාර:
Post a Comment