කොන්ද දිගේ එකපාරටම ආව වේදනාවට...
මට එයාගේ අත මිරිකුණා....
එයා ගැස්සිලා මං දිහා බැලුවා...
ඇයි මැණික...
අමාරුද....
එයා කකා ඉදපු බත් එකත් පැත්තකින් තියලා ඉක්මනට නැගිට්ටා..
උදේ ඉදලා මට වෙනසක් දැනුනා..
ඒත් හිතුවේ නැත්තේ තව සතියක් විතර තිබ්බ නිසා...
මම අමාරුයි කියන්න ඔලුව වැනුවා....
මට වැඩිය එයා බය වෙලා..
එහාට දුවනවා..
මෙහාට දුවනවා...
ගන්න බඩුවක් ගැනවත් සිහියක් නෑ...
අමාරුවෙන් උනත් මම හිටගත්තේ එයාට මොකුත් කරගන්න බෑ කියලා තේරුණ නිසා..
ඒත් මට අඩි දෙකයි යන්න හම්බුනේ...
මගේ කොන්ද දිගේ ආව වේදනාවත් එක්ක...
රෝස පාට වතුරක් කකුල් දෙක දිගේ වැගිරුනා...
අනේ..
මම හරිම වේදනාවෙන් කෑගැහුවා...
කොහොම හරි බඩු ටිකත් හොයාගෙන අපි රෝහලට ගියා...
වාට්ටුවෙන් එහාට මහත්තයට එන්න දුන්නෑ...
අම්මා ඉක්මනට වස්ති කරන්න එන්න...
ඉක්මනට ඔයාව ලේබර් රූම් දාන්න ඕනේ...
ඔයාගේ වොටර් බෑග් එක ගෙදරින්ම කැඩිලනේ...
ජීවිතේට එහෙම වේදනාවක් දැනිලා නෑ මට....
දෙයියනේ..
කලන්තෙ වගේ..
වමනෙට වගේ..
කොන්දට උලකින් අනිනවා වගේ..
නෑ..
කොන්ද කැඩෙනවා වගේ...
නෑ..
දෙයියනේ නෑ...
එහෙම වේදනාවක් මොන වගේද කියලා හිතාගන්න බෑ...
අම්මා..
වම් පැත්තට හැරිලා ඉන්න...
ලේබර් රූම් එකේ..
ඇදට දාපු මට මිස් කෙනෙක් කීවා...
මට එහා පැත්තේ ඇදවල් දෙකේ අම්මලා කෑගහනවා...
අනේ...
අම්මා කෙනෙක් වෙන එක කොයිතරම් වේදනාවක්ද...
එක පාරටම මට කොන්දේ වේදනාවක් එක්ක
වැසිකිලියට යන්න ඕන වගේ දැනුනා..
අනේ.. මිස් මට ටොයිලට් එකට යන්න ඕනේ...
මම කෑගැහුවා...
එතකොටම එතනට මිසීලා දෙන්නෙක් තුන්දෙනෙක් වටවුනා...
හරි අම්මා..
ඔයා අපිට උදවු කරන්න ඕනේ...
හොදට හුස්ම අරගන්න...
මට ටොයිලට් එකට යන්න ඕනේ මිස්..
මම ආය කැගැහුවා..
ඇත්තටම වේදනාව මැදින් මට දැනුනේ ටොයිලට් එකට යන්න තියෙන උවමනාවමයි...
මම මාව ටොයිලට් එකට එක්කන් යන්න කියලා හුගක් ඇවටිලි කරා...
අන්තිමට මගේ කරදරෙන් බේරෙන්න බැරුව..
හරි.. අම්මේ..
ඔයා ඔතනම ටොයිලට් යන්නකෝ..
අපි අරන් දාන්නම්..
කියලා කිව්වා...
දරුවා ලැබෙන්න යනකොට එහෙම හැගීමක් දැනෙනව ලූ...
හරි අම්මා හොදට තටමන්න..
අපිට උදව් කරන්න...
ඇත්තටම කෑගහලා කෑගහලා මට පනක් තිබ්බේ නෑ...
අනේ.. මිස් මට වතුර..
හොදටම හෙම්බත් වෙලා ඉදපු මම ඉල්ලුවා....
අම්මේ තව ටිකයි...
ඉවසන් අපිට උදවු කරන්න.....
අම්මේ බබා ඇවිත් ඉන්නේ...
හිතට මහා හයියක් ගත්ත මම මගේ ඇගේ මුලු හයියම ගත්තා..
අම්මා..
ඔයාගේ මහපට ඇගිල්ලෙන් අල්ලන්න එපා..
ඔයාගේ ඇගිල්ල කැඩෙයි..
මිස් කෙනෙක් මට කිව්වා...
අවසානේ මහා වේදනාව මැද...
මුලු ප්රසූතාගාරයම දෙවනත් කරමින් මම මගේ සුරංගනාවිව බිහිකරා...
මහා ලොකු බරක් බිමින් තිබ්බා වගේ දැනුනේ..
දෝණි හයියෙන් අඩන්න ගන්නකොට...
පෙකෙණිවැල කපන්නත් ඉස්සර ලේවැකුනු මගේ මැණිකව මගේ බඩ උඩින් තියනකොට මට දැනුනේ මම ලෝකයක් දිණුවා වගේ...
කුලුදුලේම මගේ කෙල්ල මගේ ළමැදෙන් කිරි උරා බිව්වේ හරි පුරුදු කාරියක් වගේ....
දරුවව මගෙන් අරන් යනකොටත් මගේ ඇස් තිබ්බේ එයා ගාව....
අනේ.. දරුවව මාරුවෙයිද..
දරුවව මාරු වෙන්නෑ අම්මා.. ඒකටනේ එයාගේ අතේ ටැග් එකක් දාන්නේ...
මම වේදනාව පැත්තකින් තියලා ඉස්සි ඉස්සි බලනකොට මිස් කෙනෙක් ලගට ඇවිත් හිනාවෙවී කිව්වා...
අපිට ටිකක් උදව් කරන්න අම්මා.. තුවාලේ මහන්න ඕනේ..
එතකොට ඔයාගේ වැඩේ ඉවරයි..
ඇත්තමයි..
ඒක නම් ටිකක් දැනුනා..
ඒත්..
මොනා කරන්නද..
ඩොක්ට බඩ මිරික මිරික ඇතුලේ තිබ්බ ජරාව යවද්දි දවල් තරු පෙනුනා...
අවසානේ ඔක්කොම ඉවර වෙනකොට ඇගේ නම් පණක් ඉතුරු වෙලා තිබ්බේ නෑ...
එතකොට තමා..
මිස් කෙනෙක් දුං දාන තේකක් අරන් ආවේ...
ආ.. අම්මේ මේක බොන්න...
දෙයියනේ..
ඒක තමා මම බිව්ව රසම කිරි තේක...
මිස්ට පින් දිදී බිංදුවක්වත් ඉතුරු නොවෙන්න ඔක්කොම බිව්වා...
අවසානෙට දෝණිව ලස්සනට අන්දලා මගේ අතට දුන්නා..
මට දැනුනේ මම මහා ලොකු වික්රමයක් කරා වගේ හැගීමක්...
A day in the life
0 ප්‍රතිචාර:
Post a Comment