අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
2026-01-17

1/17/2026 08:00:00 pm


අධ්‍යාපන විෂය නිර්දේශ , අධ්‍යාපන රටාව වෙනස් විය යුතුයි. යාවත්කාලීන විය යුතුයි.

මම හිතන්නේ මෙම ක්‍රියාදාමය පටන් ගත්තේ අධ්‍යාපන ධවල පත්‍රිකාව ඉදිරිපත් වීමෙන් පසුව.ඒකටත් රණිල් වික්‍රමසිංහ අත්පොත් තියලා තිබුනා.

අපි විරුද්ධවුනා. පෙළපාලි ගියා සත්‍යග්‍රහ කලා වර්ජණ කලා.

ධවල පත්‍රිකාව හකුලාගත්තා. ඒත් මේ වන කම් ඉබි ගමනින් ධවල පත්‍රිකාවේ අංගෝපාංග ක්‍රියාත්මක වුනා.

පෞද්ගලික විශ්ව විද්‍යාල , පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ……….අධ්‍යාපන විෂයය නිර්දේශවල සංවර්ධන වෙනස් කම් සිදුවුනා.

ජනතාව අධ්‍යාපන රටාව වෙනස් වෙනවට අකමැති නැහැ. කාලෙන් කාලෙට කාලයට අනුව යාවත්කාලින විය යුතුයි.

හැම කාලෙකම විපක්ෂ දේශපාලනයට මේ වෙනස් කම් සිදුවන අවස්ථා ප්‍රනීත ආහාරයක්. ඕනැ එකටයි එපා එකටයි විරුද්ධ වෙනවා.

ඒකනේ විරුද්ධ පක්ෂය කියන්නේ !

මෙච්චර කාලයක් විරුද්ධ වුන ඇත්තෝ දැන් ආණ්ඩු පක්ෂයේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ මුල්ලක පුස් කකා තිබුන අධ්‍යාපන ප්‍රතිසංස්කරන මගේ වගේ එළියට දාලා!!.

යුරෝපීය රටවල අධ්‍යාපන මොඩියුල දිහා බලා ගෙන අපේ රටේ නිෂ්පාදිත ප්‍රතිසංස්කරන පුස් ගසා දාලා එළියට දාලා .

දැන් ඒ රටවල් පවා තම තමන් ගේ අධ්‍යාපන රටා වෙනස් කරන්න පටන් අරන්. විභාග නැති නිදහස් ආරෙන් විභාග ආරට යන්න පටන් අරන්.

එයාලගේ රටාවෙන් බුද්ධිමත් පරපුරකට වඩා කූසීත පරපුරක් බිහිවෙන්න පටන් අරන්.

ආසියාතික බුද්ධිමතුන් ඒ රටවල විවිධ ක්‍ෂෙත්‍රවල ඉහලට යන විට දේශීය බුද්ධිමතුන් අතරමග නතර වෙලා බව හොයා ගෙන.

අපි 1970 කාලේ ප්‍රතිසංස්කරණ දැනට ආදේශ කරන්න හදන එක නම් වැරදියි.ඒවා 2026ටත් අපේ රටටත් ගැලපෙන්න ඕනි.

අග්‍රාමත්‍යතුමියට පස් පඩංගුවේ දෝෂාරෝපනය කරනවා. එතුමියගේ ස්ත්‍රිත්වය විවේචන කරනවා. විවේචනය කලයුත්තේ එතුමියගේ යෝජනා. නව ප්‍රතිසංස්කරන වලට විකල්ප යෝජනා කරන බවක් පේන්න නැහැ.එවා කරන්න විවේචන කරන ඇත්තෝවත් දන්නේ නැහැ. නැත්නම් එයාල බලයට පත්වෙනකම් ඉන්නවා.


ලිංගික කරුණු පිලිබදව සරල අධ්‍යපනයක් දිම වැදගත්. ඒත් අපේ රටට හුරු සංස්කෘතික ආගමික ,පවුල් සම්බන්ධතා වගේ දේවල් වලට බැදලා තියාගෙන ඉන්න වැට කඩොළු කඩලා බිදලා දාන්නේ නැතිව පරිස්සමින් කරන්න ඕනි. ඒ බවක් තේරුම් අරගෙන නැතිවා වාගෙයි.


අධ්‍යාපන සංවර්ධණය යාවත්කාලීන වියයුතුයි.

යාවත්කාලීන විය යුත්තේ නව වෙළදපල ඉලක්ක කරගෙන.

එසේ වෙයි කියලා හිතා ගන්නවා. 



A day in the life
Next
This is the most recent post.
Older Post

0 ප්‍රතිචාර: