අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
2026-01-24

1/24/2026 08:00:00 pm



අජිත් මුණසිංහයන්   දවස් දෙක තුනකට ඉ්සෙල්ලා ලියලා තිබුණා. ගුණේ අයියාගේ මගුල් ගෙදර ගැන. ඇත්තටම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල කතාවත් ඒ වගේ තමයි.
කියවල බලන්නකෝ.
සංවිධාණයක් නැති වැඩ ගැන.

මිත්‍රෝවරුණි ! වැඩේ කොච්චර සංකීර්ණ වෙලාද කියනවනම් මේ කතාව නොකියා ප්‍රවේශයක් ගන්න බෑ කියලා හිතුනා.

ඔන්න ගුණේ කසාද බඳින්නයි යන්නේ මිනිහා අපේ අතීසාර මිත්‍රයෙක්..
යාළුවො ගොඩයි , සරත් බාරගත්තා මිනිහගෙ ගෝලබාලයොත් දාගෙන හෝම් කමිංග් එකේ වැඩ සූදානම් කරන්න , ඔන්න දවස් දෙකකට කලින් ඉඳලා මනමාලයගෙ ගෙදරට සරත්ගෙ සෙට් එක බැහැලා වැඩ කරලා...අපි ඉතිම් හරියට අදාල වෙලාවට මිසක් කලින් ගිහිල්ලා චාටර් කන්නෙ නෑනේ.
අපිට ඉන්වයිට් කරලා තිබුනේ රෑ කෑමට...අපි ඉතිම් වෙලාවට ගියා
ආයෙ අඩුපාඩුවක් නෑ ගමම හෙල්ලෙන්න වැඩේ කරලා සරතා සහ ගෝලයෝ " හොඳටම කරලා"

මිදුලේ පොඩි ස්ටේජ් එකකුත් ගහලා මියුසික් ගෲප් එකකුත් ප්ලේ කරනවා...ඔන්න අමුත්තන්ටත් සිංදු කියන්න වාරයක් ආවා...අපේ සරතත් හෙන ගායකයා...ගෝලයෙක් පැනලා අපේ සර්ගෙන් පලවෙනි සිංදුව කියලා මයික් එක අරගෙන සරතා අතට දුන්නා...
දැන් ගෲප් එකේ උන් සින්දුවට රෙඩි වෙනවා..චිං චුන් ඤැං ටියුන් කරනවා ...කොහේදෝ ඉඳලා ආපු එකෙක් , සරතගෙ අතින් මයික් එක උදුරලා වගේ අරගෙන , පලමු ගීතය මනමාල පාර්ශවයෙන් කියලා වෙන මෝලෙකුට දුන්නා...ඔන්න සරතගෙ ගෝලයට මල පැන්නා ඒ වෙනකොට චංඩියත් බඩේ නේ.

.....අඩෝ අපි දවස් ගානක් මෙහේ වැඩ , අපේ සර්ට දීපං.....හරිනේ 
අම්මට සිරි ! දැන් ස්ටේජ් එකේ වලිය පහලටත් ආවා...කට්ටියක් බේරන්න යනවා එකම ජරමරයයි....අලුතින් එන්ටර් වෙන උන් වලිය මොකක්ද කියලා දන්නෙත් නෑ , ඔක්කොගෙම බඩේ චංඩියා වැඩ

මනමාලයාගෙ ගම උඩුපිල කියමු , 
මනමාලි ඊට අල්ලපු ගම යටිපිල...
අම්මට සිරි දැන් වලිය යන්නේ උඩු පිලයි යටිපිලයි.

අඩෝ  !  යටිපිලේ උන් උඩුපිලට ඇවිත් පාට් දාන්න ආවොත් අම්මට හැ#%$* න් නෝනො පගයෝ ..ඩෝං #&@ පටෝං @#& එහෙට මෙහෙට පුටුත් විසි උනා...දැන් කලබලේ බලන්න මනමාල ජෝඩුවත් එලියට ආවා...හරිනේ මනමාලයටත් මල පැන්නා....
මේ කතාව මෙතනින් නවත්තමු.





අදටත් අපි ඔය මඟුල මතක් කරලා කනබොන තැන්වල සරතයා එක්ක ඉල කැඩෙනකම් හිනා වෙනවා..

දැන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලිය තියෙන්නෙත් උඩුපිල - යටිපිල වලියක් විදියට , මඟුල කැඩෙන සයිස් එකෙන් වලිය නැගලා යනවා.
මනමාලි එක පැත්තකට අදිනවා.
 අපේ නෑදෑයින්ට අත තිව්වොත් බලාගෙනයි කියනවා .
මනමාලයගෙ පැත්තෙ උන් මේ මඟුල අවුරුද්දක් කල්දාමු කියනවා .
එකෙක්වත් දන්නෙ නෑ වලිය මොකක්ද කියලා .

ටිකක් දිග උනත් කතාව හැකිතරම් කෙටියෙන් කියන්නම්....
රනිල් අධ්‍යාපන ඇමති කාලේ පිහිටවපු එක වැදගත් ආයතනයක් තමයි මහරගම NIE
( national institute of education )
දැන් ඒගොල්ලන්ගෙ මූලික වැඩේ
curriculum & teacher training කිවුවොත් වැරදි නෑ...තව පර්යේෂණ අරවා මේවා කරනවා තමයි
ඔය අස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 සංශෝධනය ආවම රේඛීය හා පලාත් කියලා කතාවකුත් එන නිසා NEC කියලා එකකුත් පිහිටෙවුවා( National Education Commission )
දැන් NEC එක තමයි→ policy level වැඩවල බලධාරියා
NIE → curriculum & teacher training කරන tool එක කිවුවොත් වැරදි නෑ...
MOE තමයි අවසානයේ implementation කරන්නේ..
තව විදියකට කිවුවොත් NEC කියන්නේ:
“Policy brain” එක 

කෝකියො ගොඩයි සුප් එක වඳයි .

ආයෙ මාතෘකාවට එමු.
ලංකාවේ අධ්‍යාපනය වෙනුවෙ ADB එක හැමදාමත් ආධාර දුන්නා සහන ණය දුන්නා
.2013 ඉඳලා ක්‍රියාත්මක project එකකුත් තිබුනා NEC එක ඔය සල්ලි වියදම් කරන ගමන් ඉතිම් පොඩි පොඩි වැඩ කලා ඔය තොරතුරු තාක්ෂණ විශයන් වගේම තාක්ෂණ වේදී විශය දහරාව වගේ ඒවා කරන අතරේ
 2018 විතර යෝජනාවක් එනවා සම්පූර්ණයෙන්ම අධ්‍යාපන ක්‍රමවේදය ප්‍රතිසංස්කරණයක් කරන්න ඕන කියලා.
ජාත්‍යන්තරව පිලිගත්තුSTEM පදනම් කරගන්න ඕන කියලත් නිර්දේශ උනා. stem කිවුවේ S- science 
T- technology
E- Engineering 
M- mathematics
පස්සෙ ඕකට Aesthetics කියලා කෑල්ලකුත් ඇවිල්ලා STEAM කියලා පදනම සකස් උනා.

ADB එකත් ඇ.ඩො. මිලියන 400 ක් අනුමත කලා ( අවු.26 කින් ගෙවන්න 0.5% පොලියට )
ඔන්න ඉතිම් අපේ මහරගම NIEපොරවල වැඩේ පටන්ගත්තා
අත දිගෑරලා වියදම් කරන්න සල්ලිත් තියෙනවා නේ .
කොහොමහරි සෑහෙන කාලයක් අරගෙන මෑන්ලා වැඩේ කරගෙන ආවා.
ඒ අස්සේ ඔන්න ගෝඨ ගොබ්බයා ජනාධිපති උනා .
මෑන්ට ඔය ගාට ගාට ඉන්න වැඩ හරියන්නේ නෑනේ
වියත් මගෙන් සේදරද මොකෙක්ද එකෙක් දාලා ඉක්මනින් ප්‍රොජෙක්ට් රිපෝට් එකක් දීලා අර ඩොලර් මිලියන 400 යේ ඉතුරු මුදල ගනින් කිවුවා .
වලං කඩේට පැන්න හරක් සේදර NIE එකේ පඬියො කර කර හිටපු වැඩ නවත්වලා , 
ඕයි  ! ළමයිගේ පොත් බෑග් එකේ බර අඩු කරනවා....දැන් තියෙන පෙලපොත් නරක නෑනේ ඔන්න ඔය ටිකම කඩලා මොඩියුල් කරලා වැඩේ ඉක්මන් කරනවා කියලා නියෝග කරලා..
NIE එකෙක් ඉඳලා නෑ , 
එහෙම බෑ ඕයි  !  මේක ක්ෂණික නූඩ්ල්ස් වගේ කරන්න බෑ කියලා කියන්න...
උනුත් කලේ පෙලපොත් කොටස් වලට කඩලා මොඩියුල් හැදුවා .

වැඩේ ඉක්මන් කරන්න පිට හාදයොත් හයර් කරලා දඩි බිඩියට කරලා ( සල්ලිත් තියෙනවා නේ ) ඔන්න ඒ අස්සේ ගෝල්ෆේස් අරගලය ඇවිල්ලා ගොබ්බ ගෝඨාට ගහලා පැන්නුවානේ...වැඩේ එහෙමම ඇණහිටලා , ගෝඨාත් නෑ සේදරත් නෑ මොඩියුලත් නෑ...2022 රනිලා ආවට මෑන්ට ඒ වෙලාවේ තිබුනේ වෙන මරාලයක් නිසා 2024 වෙනකම් වැඩේ ඇදි ඇදී තිබිලා.

ඔන්න ඒ අස්සේ පුනුරුද පප්පලා ආවානේ මුන් ඉතිම් අනුන්ගෙ ළමයින්ට උප්පැන්න ලියන්න හපන්නු නේ , හතර මායිම් මුකුත්ම බැලුවෙ නෑ , නවත්වපු තැනින් ඉතුරුටික ඉක්මනින් ඉවර කරලා ඇ.ඩො. මිලියන 400 න් ඉතුරුවෙලා තිබුනු තව මිලියන 280 ද කොහෙද ගන්න හදිසි උනා...හෙරනි මේවා ඉතිම් අලින්ගෙ අපේ වැඩ කියන්න ගිහිල්ලා හොඳ එකෙන් කෙලෝගත්තා...පෙලපොත් මොඩියුල් කරන්න NIE එවුන් පිට එවුවොත් හයර් කරපු නිසා මොකා වැරැද්දුවද හොයන්නත් ලේසි නැති වෙලා.
ඒ මදිවට ඇත්ත කතාව ඔය කියන STEAM පාදක ප්‍රතිසංස්කරණයකුත් මේකෙ නෑ විධිමත්ව තිබුනු පෙලපොත් වලිනුත් එහෙන් මෙහෙන් කෑලි හැලිලා එකම අච්චාරුවක් වෙලා තියෙන්නේ.

තව ලියන්න ගොඩක් දේවල් තියෙනවා comments වලින් ඇහුවොත් විතරක් ලියන්නම් අනෙක් හැම කේෂත්‍රෙය්  වගේම අධ්‍යාපනයෙත් තිබුනු පුකත් නැතිකරන්නයි මුන් යන්නේ...
රටේ දරුවන්ට .

අජිත් මුණසිංහ.





A day in the life
Next
This is the most recent post.
Older Post

0 ප්‍රතිචාර: