අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
2026-01-12

1/12/2026 08:00:00 pm



Next page - Isuru prasanga 


ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා පින්ලන්ත අධ්‍යාපන ක්‍රමය ගැන ඉතාම ආඩම්බරයෙන් කතා කරති. පින්ලන්තයේ මෙන් විභාග බර නැති, සියලු දෙනා සමතුන් වන, මහන්සි වී ඉගෙනීමට වඩා සතුටින් සිටීමට මුල් තැන දෙන අධ්‍යාපන ක්‍රමයක් ගැන අද අපේ රට තුළ නැවත කතාබහක් ඇති වී තිබේ.

එසේ වුවද පින්ලන්ත අධ්‍යාපන ක්‍රමය ගැන අප බොහෝ දෙනා තුළ ඇති පැතලි ආකල්ප ඒ ආකාරයෙන්ම නිවැරදිද යන්න ගැඹුරින් විමසා බැලිය යුතු කාරණයකි.
මෙහි අදහස එරට අධ්‍යාපනය සපුරා අසාර්ථක එකක් බව පෙන්වා දීම නොවේ. එහෙත් රටක සමාජ ආර්ථික පරිසරය නොතකා හුදු අධ්‍යාපන ක්‍රමය පමණක් වෙන් කොට ගෙන එය තවත් රටකට ඒ ආකාරයෙන්ම ආදේශ කළ හැකිද?

එය ඇත්තෙන්ම පින්ලන්තයේ අධික ශීතලට අඳින ඇඳුම්වලින් සැරසී ගිනි දවාලේ ලංකාවේ කුඹුරු කෙටීම වැනි කටයුත්තකි. එසේ නැති නම් උපතින්ම කෝටිපතියෙකු වූ පුද්ගලයෙක් ජීවිතය විඳින ආකාරය දෙස බලා කුලී වැඩ කොට ජීවත් වන අයෙකුට ඒ ආකාරයෙන් හැසිරීමට යෝජනා කිරීම වැනි විහිළු සහගත කටයුත්තකි.

පින්ලන්තය ශ්‍රී ලංකාව මෙන් පස් ගුණයක් පමණ විශාලය. එහෙත් එහි ජනගහනය ලංකාවේ මෙන් හතරෙන් එකකට වඩා අඩුය. එරට දළ ජාතික ආදායම ලංකාව මෙන් තුන් ගුණයකට වැඩිය. ලංකාව අධ්‍යාපනයට දළ ජාතික ආදායමෙන් 1.8%ක් වෙන් කරන විට පින්ලන්තය 6.5%ක් වෙන් කරයි. යුරෝපා සංගමයේ රටක් වන පින්ලන්තයට යුරෝපයේ ඕනෑම රටක අධ්‍යාපන හා රැකියා අවස්ථා පහසුවෙන් ලබාගත හැකි බැවින්, ඒ සඳහා ඔවුන්ට ඇති තරඟය ඉතාම අඩුය. පින්ලන්තයේ ගුරු වැටුප ලංකාවේ මෙන් විසි තිස් ගුණයකි. එරට පන්ති කාමරයක සිටින සිසුන් සංඛ්‍යාව 15ක් හෝ 20කි. පාසල්වල භෞතික පහසුකම් අපට සිතා ගැනීමට බැරි තරම් ඉහළය.

මේ බරපතළ වෙනස්කම් අනුව පින්ලන්ත අධ්‍යාපන ක්‍රමය ඒ රටට යහපත් එකක් විය හැකි වුවද එය ලංකාවට ව්‍යසනයක් විය හැක්කකි. එහෙත් අපේ රටේ බොහෝ දෙනා මේවා පිළිබඳ සන්සන්දනය කරනුයේ මේ සමස්ත පින්තූරය දෙස බලමින් නොව එහි කුඩා කොටසක් පමණක් අල්ලා ගනිමිනි.

පින්ලන්තය හා ලංකාව අතර ඇති මේ බරපතළ සමාජ ආර්ථික වෙනස්කම්වලට අමතරව, පින්ලන්ත අධ්‍යාපන ක්‍රමයේ සීමා මායිම් ගැන ලෝකයේ බොහෝ විද්වත් විවේචන පවතින බවද අප අමතක නොකළ යුත්තකි.
ඒවායේ පෙන්වා දෙන ආකාරයට පින්ලන්තයේ ඇති මේ ලිහිල් සැහැල්ලු අධ්‍යාපන ක්‍රමයේ ගැටලු බොහොමයක් පවතින අතර, පසුගිය කාලය තුළ එරට දරුවන්ගේ කියැවීමේ හැකියාව, ලිවීමේ හැකියාව, ගණිත හැකියාව ආදිය පහත වැටීම ඒ පිළිබඳ එක් උදාහරණයකි.

ඒ සියල්ලට වඩා අපූරු කාරණයක් වූයේ පසුගිය නොවැම්බර් 4 සහ 10 යන දිනවල පින්ලන්ත උපඅගමැතිවරිය වූ රික්කා පූරා මැතිනිය තම නිල ෆේස්බුක් පිටුවේ සටහන් දෙකක් තබමින් පින්ලන්ත අධ්‍යාපන ක්‍රමය විවෘතව විවේචනයට ලක් කළ ආකාරයයි. එය පින්ලන්ත අධ්‍යාපන ක්‍රමයේ ප්‍රබලතා දුබලතා තේරුම් ගැනීම සඳහා අතිශය වැදගත් වන්නකි.

මේ තත්ත්වය තුළ පින්ලන්තයට පවා ප්‍රශ්නකාරී වූ ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවට ගෙඩි පිටින් ආනයනය කිරීමේ ගැටලු සහිත බව අමුතුවෙන් කිව යුතු නොවේ. එසේ වුවද පින්ලන්තය ගැන සිහින දකින ලංකාවේ බොහෝ දෙනාට මේ කාරණා පිළිබඳ කිසිදු අවබෝධයක් හෝ යාවත්කාලීන වීමක් නැත.
ඒ නිසාම මේ මොහොතේ පින්ලන්ත උපඅගමැතිවරිය එරට අධ්‍යාපනය ගැන කියන කතාව ලංකාවේ අනුකාරකයන්ට ඉතා වැදගත් පාඩමකි.
(පින්ලන්ත භාෂාවෙන් පළ කොට තිබූ ඇයගේ ෆේස්බුක් සටහන්වල ඉංග්‍රීසි පරිවර්තන පහත දක්වා ඇති අතර, මෙය කෘත්‍රිම බුද්ධියේ ආධාරයෙන් කළ පරිවර්තනයක් බැවින් භාෂාවේ ගැටලු තිබිය හැකි බව සලකන්න.)

1. Save the Finnish school!
The reasons for the drop in learning results and the downfall of knowledge starting from primary school are for example:
Most important: demand level drop
General free thought and lack of boundaries for school work
Correspondent changes in society, such as deprivation, over-individualization,
lack of responsibilities, childishness of adulthood
Many bad pedagogical reforms
Weakening of teacher's authority (weakening of other authorities)
The many challenges of parenting
Many effects of immigration - language problems, cultural, social, and integration problems
Strong heterogenization of student material
Hanging phones and other things on devices.
And what else is this?
Because there are so many reasons and because mistakes made by active decisions are not even admitted by relevant means, fixing them is slow and difficult.
The level of demands cannot be raised at once, but it should be towed steadily back to where the drop started. Otherwise the countdown just goes on. And at the same time polarization, when the peaks are increasingly peaks, but the number of really weak people is growing and the large masses are getting weaker.
So they need to cancel in the school system. Revert back to the old school which offered good learning, good results and a good foundation for various further studies. Society has changed around, so correction is difficult, but it's mandatory.
Money can't fix this in the first place. Increasing money is useless if fundamental corrections are not taken.
2. School crisis - Cancel and rescue
School is one of the most important matters concerning the future of the country and the vitality and well-being of our nation. School doesn't only affect children and it shouldn't only concern children's parents. How do Finnish children and young people learn, what they know, can they continue their studies and do a job, how do they manage citizenship skills - the answers to these questions essentially determine society and its direction. It depends on them whether Finland has expertise and international competitiveness or not. On the other hand, does everyone have their own place in life or is school excluding some children and young people?
There are several reasons for learning outcomes and knowledge downfall. The most important thing is the general lowering of demands. Looking through the fingers, pity numbers. As a result, the children who can't read and count when they get out of elementary school are the most ruthless. Equally high school courses, where you have to count many years of lower mathematics, when everything else can't be done.
The general free will of school work and the lack of boundaries strengthen the effect of the lower requirement level. There are more changes in society. Boasting, over-individualization, lack of responsibilities - these are all phenomena of today that many people are angry about photographing. True as they are.
The reason is also due to poor pedagogical reforms. A curriculum, that leaves some children as waste. Which can ideally be great, but doesn't work in practice. Their problems are in excessive "digital books", unbooked and pen-free lessons, in classrooms without walls.
A lot of teachers get tired. Too often they act, with diminished authority, as therapists, social workers, janitors, writers - and they also do parents' work.
With school problems, no one can ignore the effects of immigration anymore.
Segregation is big in many urban areas, with there are way too many languages in classrooms and schools, people from different countries, with different skills and cultures. The strong heterogenization of the student base affects in many ways. The impact of immigration on the deteriorated PISA results is also clear. Hopefully, that's why they won't be hidden in Finland, like they decided to do in Sweden.
Because there are many reasons for the school crisis and because mistakes made by active decisions are not even admitted by relevant means, fixing them is slow and difficult. The standard of standards can't be raised at once. But it should be towed steadily back to the old one. Otherwise the countdown just goes on. And at the same time polarization, when the peaks are increasingly peaks, but the number of really weak people is growing and the large masses are getting weaker.
I need to cancel school with this. Throwing it back to the old school that offered good learning, good results and a good foundation for various further studies and life.
(Column in the Future of Countryside 10.11.)

Sureka S Sonnandara මේ ලිපියට ප්‍රතිචාර දක්වනවා.


ෆින්ලන්තයේ අධ්‍යාපනය ගැන ලංකාව ඇතුලේ තියන ප්‍රධානතම බොරුව නම් ගෙදර වැඩ නොදීම ඇගයීම් නොමැතිවීම යන්නයි. 
නමුත් ෆින්ලන්තයේ ගෙදරවැඩත් වාරවිභාග සහ ඇගයීම් ක්‍රියාවලියක්ද ඇත. ප්‍රධාන පාසල් වාර දෙකක් ක්‍රියාත්මක වන ෆින්ලන්තයේ වර්ෂයේ පාසල පැවැත්වීමේ දින පිළිබදව කළින් වර්ෂයේදී කාළසටහන් සාදා දෙමව්පියන් දැනුවත් කරන අතර කලාතුරකින් කිසියම් හේතුවක් නිසා පාසල නොපවත්වයි නම් ඒ සදහා අතිරේක සෙනසුරාදා දිනයක්ද පාසල පවත්වයි. 

අධික ශීත කාළගුණයක් පවතින ෆින්ලන්තයේ කුණාටු සහිත කාළගුණයකදී වුවද පාසල් අඛණ්ඩව පවත්වයි. සෑම කාළජේදයක් අතරතුරම ළමුන්ට විවේක කාළයක් ලබාදෙන අතර, සියලුම ප්‍රාථමික අධ්‍යාපන ආයතන වල දරුවන් සදහා “නොමිලේ” දිවා ආහාරය ලබාදෙන අතර ආසාත්මිකතා සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සදහා වෙනමම ආහාර ලබාදීමක්ද කරයි.  
වඩාත්ම වැදගත්වන්නේ ගුරුවරුන්ගේ ආකල්පයි. ඔවුන් සෑම දරුවකුම එකසමාන ලෙස සළකන අතර එය එසේ නොමැතියැයි දෙමව්පියන්ට හැගෙන අවස්තාවකදී ඒ සදහා පියවර ගතහැකි ලෙසට “system” එකක්ද ඇත. 
ප්‍රාථමික අධ්‍යාපනය නිමකරන සිසුන්ට ඉන්පසුව ලැබෙන්නේ වෘත්තීය අධ්‍යාපනයක් වන අතර එසේ නොමැතිනම් විෂයධාරා ඔස්සේ ඉහළ අධ්‍යාපනයක් සදහාද යොමුවිය හැක. ලංකාවේ පවතින තත්වය යටතේ විභාගයක් ෆේල් වීමෙන් දරුවකු කුළීවැඩට ත්‍රීවිල් කර්මාන්තයට අවිධිමත් ලෙස යොමුවුවද, ෆින්ලන්තයේ පවතින ක්‍රමය යටතේ ඒ කුළී වැඩ සදහාද නිසි සුදුසුකම් සහිතව වැඩකිරීමට හැකි වෘත්තීය අධ්‍යාපනයක් ලබා දේ, රියදුරන්ද එසේමය. අර ලංකාවේ තරගවිභාග වලින් අතරමං වන ළමයින්ට වඩා ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමය වෙනස්වන්නේ එසේය.

මෙහි ඇති ප්‍රධානතම කාරණය අධ්‍යාපන ආයතන විෂම කරන “ ආදි ශිෂ්‍ය සංගම්” නොමැති වීමය. ෆිනලන්තය යනු නව නිෂ්පාදනයන් බහුලව ඇති රටක් වන අතර, Riikka ගේ සංකල්ප සහ අදහස් දිනපතාම වෙනස්වන්නකි. ඇය උප අගමැති දූරයට අමතරව රටේ මුදල් ඇමතිද වන අතර ඇයගේ බොහොමයක් තීරණ නිසා රජය දෛනිකව අපහසුතාවයට පත්වෙමින් පවතී.  
2027 April 18 පවත්වන්ට තියන මහමැතිවරණයේදි ඔවුන්ට නැවත බලය හිමිවේවිද ? යන්නත් ගැටලුවකි.





A day in the life
Next
This is the most recent post.
Older Post

0 ප්‍රතිචාර: