නිසි අධ්‍යයනයකින්,
සැබෑ අරමුණකින් තොරව,
ජනතාවගේ සිතේ සැක සංකා ඇතිවන ආකාරයේ සිදුවීම් සහිතව,
කඩිමුඩියේ කරන කටයුතු සාර්ථක නොවන බවට තවත් උදාහරණයක් ලෙස එය ඉතිහාසයට එක් වුණා.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරන විට නිදහසින් පසුව ප්‍රථම වතාවට මෙරට
පාසැල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ තුළ සිදු වූ විශාලතම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට පාසල් ශිෂ්‍යයන් වශයෙන් ප්‍රථම වරට මුහුණ දීමට සිදු වූයේ අපටයි..
ඒ 1972 වසරේ හයවැනි ශ්‍රේණියේ...
එතෙක් පැවති අධ්‍යාපන ක්‍රමය අනුව දහවැනි ශ්‍රේණියේදී මුහුණ දුන් අපොස සාමාන්‍ය පෙළ
G C E (O/L) / General Certificate of Education Ordinary Level විභාගය වෙනුවට 09 වැනි ශ්‍රේණිය අවසානයේදී මුහුණ දෙන ජාතික පොදු අධ්‍යයන සහතික පත්‍ර National Certificate of General Education ( N C G E ) විභාගය වෙනුවෙන්..
නව විෂය නිර්දේශය වසර දෙකක් තිස්සේ සාකච්ඡා කර ඇරඹූ එකක්..
එතෙක් සාමාන්‍ය පෙළට විද්‍යා විෂය තුනට කඩා ඉගැන්නුවත්, Physics Chemistry Biology ,
නව ක්‍රමය යටතේ 09 වැනි ශ්‍රේණිය අවසානයේ පෙනී සිටින ප්‍රධාන විභාගයේදී,
එම විෂයන් තුනම එක්කර විද්‍යාව Science යනුවෙන් වූ විෂයේ ප්‍රශ්න පත්‍රයකට මුහුණ දීමට සිදුවුණා..
එමෙන්ම ඉතිහාසය භූගෝලය ප්‍රජාචාරය වැනි විෂයන් එකට එක්කර සමාජ අධ්‍යයනය විෂය නිර්මාණය කර තිබුණා.
සමාජ අධ්‍යයනය විෂය තුළ ඉතිහාසයට ඇති තැන අඩුකර තිබුණේ නැහැ..
එහි වැඩිම කොටස වෙන්කර තිබුණේ ඉතිහාසයටයි..
එමෙන්ම එම විෂය ඉගෙනීමේදී වඩාත් සිත් ගන්නා සුළු ආකාරයට
දරුවන්ගේ සිතට ඇතුල්වීම සඳහා ප්‍රායෝගික
වැඩසටහන් ඇතුළත් කර තිබුණා..
ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමඟ පරිසරය සහ සමාජය වෙත ගොස් ඉගෙන ගැනීම සඳහා පාඩම් රැසක් එයට අන්තර්ගතව තිබුණා..
මට මතක විදියට එම විෂය අපේ බොහෝ දෙනා අතර ජනප්‍රිය වුණා...
( ඉන් වසර නවයකට පසුව 1984 වසරේ ගුරු වෘත්තියට පිවිසි මම,
මගේ පත්වීම විද්‍යා ගුරු පත්වීමක් වුවත්,
මා එවකට සේවය කළ අම්පාරේ දුෂ්කර ප්‍රදේශයක පාසලේ සමාජ අධ්‍යයනය ගුරුවරයෙක් නැති කාල සීමාවකදී,
ස්ව කැමැත්තෙන්ම එම එම විෂය භාරගෙන ඉගැන්වීම් කටයුතු කළේ විෂයට පාසල් ජීවිතයේ තිබුණු ඇලුම් බව නිසාම වන්නට ඇති..
එමෙන්ම එවර එම පාසලේ හොඳම ප්‍රතිඵලය සඳහන් වූයේ එම විෂය වෙනුවෙන් )
එමෙන්ම නවවැනි ශ්‍රේණියේදී මුහුණ දෙන විභාගයට විෂයයන් දහයක් ඇතුළත් වූ අතර ප්‍රාග් වෘත්තීය විෂය එක සහ දෙක යනුවෙන් අලුත් විෂයන් දෙකක් ඇතුලත් කර තිබුණා..
එම විෂයන් දෙකට කෘෂිකර්ම කර්මාන්ත ක්ෂේත්‍රයන් ඇතුලත් වන පරිදි විෂයන් ගණනාවක් තිබූ අතර එයින් දෙකක් තෝරා ගත යුතුව තිබුණා..
කෘෂිකර්මය යටතේ ප්‍රායෝගිකව අනිවාර්යයෙන් කළ යුතු වැඩ කොටසක් එයට අන්තර්ගත වුණා..
ඒ සඳහා ප්‍රදේශයට ගැලපෙන පරිදි තෝරා ගත යුතු වගාවන් නම්කර තිබුණා..
එමෙන්ම අනෙක් ප්‍රාග් වෘත්තීය විෂයට ශිෂ්‍යයන්ට සමාජයේ යම් රැකියා ක්ෂේත්‍රයකට අදාල කර්මාන්තයක් ,
ප්‍රදේශයට අදාළ කර්මාන්තයක්,
ප්‍රායෝගිකව ඉගෙන ගැනීම සඳහා විෂය නිර්දේශය සකස් කර තිබුණා..
උදාහරණයක් වශයෙන් කොහු කර්මාන්තයට අදාළ පාපිසි නිපදවීම අපේ ගම් ප්‍රදේශයේ පාසලක් විසින් කරා මට මතකයි..
පොල් ලෙලි තලා කොහු ලබා ගැනීමේ සිට ලණු අඹරා එම ලණුවලින් පාපිසි නිර්මාණය කිරීම දක්වා එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් එම කටයුත්තේ එදා නිරත වුණා..
එම කොහු වලට ඩයිවර්ග දමා විවිධ වර්ණ සහ රටා තුළින් අපූරු පාපිසි නිර්මාණය කර තිබුණා මට මතකයි..
ඒවා වෙළඳපොළට ඉදිරිපත් කිරීමට තරම් හොඳ තත්ත්වයේ නිර්මාණ වුණා..
සමහර පාසල් වල රේඩියෝ අලුත්වැඩියාව කාර්මික කටයුතු වඩු කර්මාන්තය වැනි දේ ද එම විෂය තුළට ගොනුකරගෙන කටයුතු කළ බව මතකයි..
එම විෂය නිර්දේශය යටතේ 1975 වසරේ දී NCGE විභාගයට අපට පෙනී සිටීමට සිදුවුණා..
එම විභාගයට පෙනී සිට සමත් වෙන අයගේ උසස් පෙළ විෂය නිර්දේශයද වෙනස් කර තිබුණා..
GCE (A/L) වෙනුවට Higher Natural Certificate of Education ( HNCE) විභාගයට සරසවි ප්‍රවේශය සඳහා පෙනී සිටීමට සකස් කර තිබුණා..
උසස් පෙළ ඉගෙන ගැනීමේ දී පළමු වසරේ දී විද්‍යා අධ්‍යාපනය විෂය ධාරාව හැදෑරීමේදී ගණිත, ජීව විද්‍යා ශිෂ්‍යයන් එකම විෂය නිර්දේශයක් ඉගෙන ගත් අතර ඊළඟ වසර දෙකේදී ධාරා දෙක වෙනම බෙදී ඉගෙන ගැනීමට සකස් කර තිබුණා..
ඒ තිබුණු තවත් සුවිශේෂත්වයක් නම් විද්‍යා විෂය ධාරාවෙන් ඉගෙන ගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද
මව් බස ඉංග්‍රීසි සහ සංස්කෘතික උරුමය යන විෂයන් තුනට අනිවාර්යයෙන් පෙනී සිටීමට සිදුවීමයි...
ඒ අනුව උසස්පෙළ කවර විෂය ධාරාවක් ඉගෙන ගත්තත් සංස්කෘතික උරුමය ඉංග්‍රීසි සහ මව්බස යන විෂයන් එම විෂය නිර්දේශයට ඇතුල්වී තිබුණා.
සංස්කෘතික උරුමය යටතේ මෙරට ඉතිහාසය සහ රටට දරුවෙකුට ඇලුම් කරන මනසක් ඇතිවිය හැකි ආකාරයට විෂය නිර්දේශය සකස්වී තිබුණා..
එමෙන්ම උසස් පෙළ කවර විෂය ධාරාවක් යටතේ ඉගෙන ගත්තත් ව්‍යාපෘති විෂය නැමැති විෂයද අනිවාර්ය කර තිබූ අතර ව්‍යාපෘති විෂයට සතියේ එක් දිනක එක ළඟ කාල පරිච්ඡේද හතරක් වෙන් කර තිබූ අතර,
විදුහල පැවති ප්‍රදේශයේ යම් සමාජ සේවා හෝ සංවර්ධන කටයුත්තක් ව්‍යාපෘතියක් ලෙස තෝරා ගෙන වසර දෙකක් තුළදී නිම කිරීමට ඒ සැලසුම් කර තිබුණා..
අප ඒ සඳහා තෝරා ගෙන කටයුතු කළේ ,
රිච්මන්ඩ් විදුහලට සැතපුම් දෙකක් තුනක් පමණ ඈතින් පිහිටි වටරැක ග්‍රාමයේ ඒ වන විට තිබුණු බරවා රෝගය මර්ධනය කිරීමේ ව්‍යාපෘතියක්..
ගාල්ල සෞඛ්‍ය අධිකාරි කාර්යාලය සමඟ එක්ව අප විසින් සකස් කරනු ලැබූ වැඩසටහනක් යටතේ එම ව්‍යාපෘතිය ඉතාමත් සාර්ථක ලෙස කරගෙන ගිය බවද මතකයි.
එම විෂය භාරව කටයුතු කළ බණ්ඩාර සර් ඒ සඳහා අපට මග පෙන්වීම සහ මෙහෙයවීම කළ ආකාරයද විශිෂ්ට බව සඳහන් කළ යුතුයි..
ඔහු අපේ සංස්කෘතික උරුමය විෂය භාර ගුරුවරයා ලෙසද ඉතාමත් හොඳින් හිතට දැනෙන්න එන විෂය ඉගැන්නුවා.
( මංකොල්ල කරුවෙකු විසින් මගේ අත බැදි ඔරලෝසුව කඩා ගත්තේ ද එම ව්‍යාපෘති විෂයට වට රැක යන ගමනකදී බව සඳහන් විස්තරයක් මම මීට පෙර මුහුණු පොතටද කර තිබුණා)
ව්‍යාපෘති විෂයේ සහ සංස්කෘතික උරුමය ඉංග්‍රීසි සහ මව්බස විෂයන්හි ලකුණු සරසවි පිවිසුමට කෙලෙස අදාල වේදැයි අපට හරියටම අද කිව නොහැක්කේ,
එම අධ්‍යාපන ක්‍රමය 1977 වසරේ බලයට පත් වූ රජය විසින් නැවත වෙනස්කර ය පැරණි ක්‍රමයට සමාන ක්‍රමයකට යාම නිසයි..
ඒ නිසා එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් බලාපොරොත්තු ඉලක්කය කරා එදා පරපුරට යෑමට නොහැකි වුණා..
වසර පහක් කිසිදු ගැටලුවකින් තොරව එම නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීමෙන් පැවතුනා.
ඒ 1977 නැවතත් වෙනස් වීමේ හේතුවෙන් අපේ උසස් පෙළ කාලය වසර තුනහමාරක් පමණ දිගට ඇදී ගියා..
අතරමගදී වෙනස් වූ විෂය නිර්දේශය නිසා අපට නැවතත් පැරණි ක්‍රමයට උසස් පෙළට මුහුණ දීමට සිදුවුණා..
ඒ නිසා 1979 වසරේ අපොස උසස් පෙළ විභාග දෙකක් පැරණි දේශය සහ අතුරු නිර්දේශය වශයෙන් පැවතිය අතර සරසවි වලට සිසුන් බදවා ගැනීමේ දී යම් ගැටළු සහගත තත්ත්වයක් උදාවුනා...
කෙසේ වෙතත් එය කණ්ඩායම් දෙකටම සාධාරණයක් වන පරිදි අවසානයේ විසඳා ගත් බවද මතකයි..
එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් සිටියේ ද නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් සිටියේද ගුරු වෘත්තියෙන් සිය ජීවිතය ඇරඹූ නිහතමානී සරල මිනිසුන් දෙදෙනෙක්..
අධ්‍යාපනය අමාත්‍ය ධුරය දැරූ
ආචාර්ය අල්ලාහජ් බදුර්දීන් මහමුද් මහතා ගම්පොළ සහිරා විදුහලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කර තිබූ අතර ,
මාතර ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරූ බී.වයි .තුඩාවේ මහතා ද ගුරු වෘත්තියෙන් ජීවිතය ඇරබූ කෙනෙක්.....
විශේෂයෙන්ම මෙහිදී මට අද හිතෙන දෙයක් තිබෙනවා..
ආචාර්ය බර්දුදින් මහමුද් මැතිතුමා මුස්ලිම් ජාතිකයෙක්..
රටක අනාගතයේ තීරණය වන අධ්‍යාපන ප්‍රතිපත්තියක් වෙනස් කළේ ඔහු අධ්‍යාපන ඇමතිවරයා වශයෙන්..
එහෙත් ගැටලුවක් ඇති නොවන පරිදි සියලු දෙනාගේ සිත් දිනාගෙන,
අත්දැකීම් වලින් සපිරි සිය නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟින්,
අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන් බොහෝ දෙනා සමගින් සාකච්ඡා කරමින්,
ඒ සඳහා වසර දෙකකට ආසන්න කාලයක් ගනිමින් ,
ආචාර්ය අල්ලාහජ් බදුර්දීන් මහමුද් මහතා ගම්පොළ සහිරා විදුහලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කර තිබූ අතර ,
මාතර ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරූ බී.වයි .තුඩාවේ මහතා ද ගුරු වෘත්තියෙන් ජීවිතය ඇරබූ කෙනෙක්.....
විශේෂයෙන්ම මෙහිදී මට අද හිතෙන දෙයක් තිබෙනවා..
ආචාර්ය බර්දුදින් මහමුද් මැතිතුමා මුස්ලිම් ජාතිකයෙක්..
රටක අනාගතයේ තීරණය වන අධ්‍යාපන ප්‍රතිපත්තියක් වෙනස් කළේ ඔහු අධ්‍යාපන ඇමතිවරයා වශයෙන්..
එහෙත් ගැටලුවක් ඇති නොවන පරිදි සියලු දෙනාගේ සිත් දිනාගෙන,
අත්දැකීම් වලින් සපිරි සිය නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟින්,
අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන් බොහෝ දෙනා සමගින් සාකච්ඡා කරමින්,
ඒ සඳහා වසර දෙකකට ආසන්න කාලයක් ගනිමින් ,
කෙතරම් දක්ෂ ලෙස එම කටයුත්ත ඉටුකරනු ලැබුවාද යන කරුණ වර්තමානයේ ඇතිවන අර්බුදකාරී තත්ත්වයන් සමඟ සිහියට නැගෙනවා..
ඔවුන් සැබෑ ශ්‍රී ලාංකිකයින්....
සමාජයට අනාගතයට තදින් බලපාන,
යම් සුවිශේෂී කටයුත්තක් කරන විට ,
එය සාර්ථක වීමට ,
එයට මූලිකත්වය ගන්නා පුද්ගලයන් පිළිබඳව, සමාජයේ තිබෙන විශ්වාසය ඉතාමත් වැදගත් වෙනවා...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයකු වූ ආචාර්ය බදු දීන් මහමුද් මහතාත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ඉදිරි පෙළ නායකයෙකු වූ බි වයි තුඩාවේ මහතාත්
එවකට අග්‍රාමාත්‍ය ධුරය දැරූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියත්,
මව්බිමටත්,
![]() |
| ප්‍රේමදාස උඩුගම මහතා |
එම මව්බිමේ ඓතිහාසික සංස්කෘතික හර පද්ධතීන්ටත් අහිතක් නොකරන අය බවට එදා ජනතාව තුළ විශ්වාසයක් තිබුණා.
මෙම කටයුත්තේදී රාජ්‍ය නිලධාරීන්ගේ පැත්තෙන් එයට නායකත්වය දුන් ,
එවකට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ධුරය හෙබවූ ආචාර්ය ප්‍රේමදාස උඩගම මහතා ද විශිෂ්ට අධ්‍යාපනඥයෙක්..
... ලාල් ද අල්විස්....
A day in the life
එවකට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ධුරය හෙබවූ ආචාර්ය ප්‍රේමදාස උඩගම මහතා ද විශිෂ්ට අධ්‍යාපනඥයෙක්..
... ලාල් ද අල්විස්....

0 ප්‍රතිචාර:
Post a Comment